ජනතාව පැතූ වෙනස 2022 සිට සිදු කිරීමට ජනපති තීරණය කළා

කවුරු හරස් වුවත් තිබෙන බාධක ඉවත් කර 2022 වසරේ සිට ජනතාව බලාපොරොත්තු වූ වෙනස සිදුකිරීමට ජනාධිපති වරයා තීන්දුවක් ගෙන ඇති බවත් පෙරේදා රාත්‍රියේ ජනාධිපති වරයා සමග පැවැති සාකච්ඡාවේදී ඒ සම්බන්ධ තීරණ‍යකට එළඹුණු බවත් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කීය. ඒ අලදෙනිය නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (30) සහභාගී වෙමිනි.අගමැති වරයාට දේශපාලනයෙන් සමුගන්න අපි ඉඩ දෙන්නේ නෑ.රාජපක්ෂ එතුමා එක වතාවකුත් දේශපාලනයෙන් සමුගන්න උත්සාහ කළා. ජනතාව ඒකට අවසර දුන්නේ නෑ. නැවතත් එතුමා කැමති වුණත් අකමැති වුණත් ජනතාව ඒකට අවසර දෙන්නේ නෑ.අපි අවසර දෙන්නෙත් නෑ.” යනුවෙන් ද රාජ්‍ය ඇමති වරයා කීය.ඒ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

කාලීන පුවත්