රිය අනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතා ඊයේ(03) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 47වන වියේ පසු වූ ඒ මහතා2000 වර්ෂයේ දී දිනපතා ලක්බිම පුවත්පතේ සමාරම්භක කර්තෘ මාණ්ඩලිකයෙකු ලෙස පුවත්පත් කලාවට එක්වූ අතර පසුව දිනමිණ හා රිවිර යන පුවත්පත්වල සේම හිරු නාලිකාවේ ද සේවය කර ඇත.ගාල්ලේ උපත ලද භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතා ජ්‍යෙෂ්ට පුවත් පත් කලාවේදී සුගතපාල මෙන්ඩිස් මහතාගේ පුත්‍රයා වන අතර ගාල්ල රිච්මන්ඩි විදුහලේ ආදී සිසුවෙක් ද වේ.ඔහුගේ දේහය අද (04) පස්වරුවේ සිට ගාල්ල, බූස්ස, මහගෙදර වත්තේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර කෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සඳුදා (06) පස්වරු 5.00ට දඩල්ල පොදු සුසාන භුමියේදි සිදු කිරීමට නියමිතය.