පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ගේ නැවත දිගු කරන ලද සේවා කාලයත් ඊයේ (9 දා) අවසන් වීමෙන් පසු නව පොලිස්පතිවරයකු පත් නොකිරීම නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත.වික්‍රමරත්න මහතා ඊයේ සිට විශ්‍රාම යෑමෙන් පසු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරයි.ජ්‍යෙෂ්ඨත්වය අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු පොලිස්පති තනතුරට සුදුසුකම් ලබා සිටිය ද ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නව නිත්යපොලිස්පතිවරයා ලෙස නිලධාරියකු පත් කිරීමට මාස හයක කාලය තුළ වත්මන් රජය අපොහොසත් වීම පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනයට දැඩි බලපෑමක් එල්ල කරන බව ද පොලිස් ආරංචි මාර්ග කියයි.