මිනිසුන් පහුරු ගාන අප්‍රකට යක්ෂයා “පහුරුස්සා”

මිනිසුන් පහුරු ගාන අප්‍රකට යක්ෂයා "පහුරුස්සා"
මිනිසුන් මරා දමන මහසෝනා හෝ ලේ බොන රීරි යකා ගැන අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු. එහෙත් මාරාන්තික නොවූවත්, සිරුරේ සීරීම් ලකුණු පමණක් තබන ‘පහුරුස්සා’ හෙවත් ‘පරුස්සා’ නම් අප්‍රකට යක්ෂයා පිළිබඳ ජනප්‍රවාදය මට මුල්වරට අසන්නට ලැබුණේ මා කුඩා දරුවකුව සිටි අවදියේ ය. ඒ යක්ෂ ප්‍රවෘත්තිය හා සබැඳුණු නිදාන කතාවක් ද වූ අතර එය සැකෙවින් මෙසේ ය. අපේ ගමේ විසූ අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූ, හුදකලා ජීවිතයක් ගත කළ මැදිවියේ පෙදරේරුවෙකු එක් රාත්‍රියක තම නිවසට සුරූපී තරුණියක කැඳවාගෙන ආවේය. ඇය කන්ද උඩරට ප්‍රදේශයේ සිට ඔහු සමඟ හොර රහසේ පලා ආ තරුණියක වූ අතර, පසුව ගම්වැසියන් ඇයව ඔහුගේ බිරිඳ ලෙස පිළිගත්හ. කෙසේ වෙතත්, ටික දිනකින් පෙදරේරුවාගේ සුපුරුදු බේබදුකම සහ රළු හැසිරීම් යළි ඉස්මතු වූ අතර, ඇයට ඔහුගේ කායික හා මානසික පීඩාවන්ට නිරන්තරයෙන් මුහුණ දීමට සිදු විය.

රාත්‍රී කාලයේ දී ඇගේ පිට ප්‍රදේශය කිසිවෙකු විසින් සූරා දමා ඇති බවට පුවතක් පැතිර ගියේය. නිවසේ දොරගුළු දමා තිබියදීත්, ඇත්දළ පැහැති ඇගේ පිට මත කටු ඉපලකින් ඇන්දාක් වැනි රත් පැහැති සීරීම් ලකුණු මට අදටත් හොඳින් මතක ය. මෙය අමනුෂ්‍ය දෝෂයක් යැයි සැක කළ ගම්මු ඒ සඳහා එවක එබන් කපු මහත්තයා නමින් ප්‍රකටව සිටි ‘ඒබරන්’ නම් ප්‍රසිද්ධ කපු මහතා ලවා ශාන්ති කර්මයක් ද සිදු කළහ. ඔහු පවසා සිටියේ මෙය ‘පහුරුස්සා’ නම් යක්ෂයාගේ වැඩක් බවත්, ශාන්ති කර්මයෙන් පසු එම කරදරය නතර වන බවත් ය. පුදුමයකට මෙන් ඉන්පසු ඇයට එවැනි කරදරයක් නොවූ අතර, පසුකාලීනව හේවාහැට සහ තඹුත්තේගම රාජපක්ෂගම වැනි ප්‍රදේශවලින් ද මෙවැනිම සිදුවීම් සම්බන්ධ අත්දැකීම් ගොනු කර ගැනීමට මට අවකාශ ලැබිණි.

ගමම මවිතයට පත් කළ සිදුවීම ආරම්භ වූයේ ඉන් පසුවය. රාත්‍රී කාලයේ දී ඇගේ පිට ප්‍රදේශය කිසිවෙකු විසින් සූරා දමා ඇති බවට පුවතක් පැතිර ගියේය. නිවසේ දොරගුළු දමා තිබියදීත්, ඇත්දළ පැහැති ඇගේ පිට මත කටු ඉපලකින් ඇන්දාක් වැනි රත් පැහැති සීරීම් ලකුණු මට අදටත් හොඳින් මතක ය. මෙය අමනුෂ්‍ය දෝෂයක් යැයි සැක කළ ගම්මු ඒ සඳහා එවක එබන් කපු මහත්තයා නමින් ප්‍රකටව සිටි ‘ඒබරන්’ නම් ප්‍රසිද්ධ කපු මහතා ලවා ශාන්ති කර්මයක් ද සිදු කළහ. ඔහු පවසා සිටියේ මෙය ‘පහුරුස්සා’ නම් යක්ෂයාගේ වැඩක් බවත්, ශාන්ති කර්මයෙන් පසු එම කරදරය නතර වන බවත් ය. පුදුමයකට මෙන් ඉන්පසු ඇයට එවැනි කරදරයක් නොවූ අතර, පසුකාලීනව හේවාහැට සහ තඹුත්තේගම රාජපක්ෂගම වැනි ප්‍රදේශවලින් ද මෙවැනිම සිදුවීම් සම්බන්ධ අත්දැකීම් ගොනු කර ගැනීමට මට අවකාශ ලැබිණි.

වසර ගණනාවකට පසු මේ පිළිබඳව විද්‍යාත්මකව විමසා බලන විට මට වැටහී ගියේ ‘පහුරුස්සා’ යනු අදෘශ්‍යමාන යක්ෂයෙකු නොව, මිනිස් උපවිඥානයේ පවතින ගැටුම්කාරී ස්වභාවයේ ප්‍රතිඵලයක් බවයි. අර සුරූපී තරුණිය තම දෙමාපියන්ගෙන් වෙන්වී, බේබදු සැමියෙකු සමඟ අත්විඳි අනාරක්ෂිත බව සහ හුදකලා භාවය හමුවේ ඇය තුළ අන්‍යයන්ගේ අවධානය දිනාගැනීමේ දැඩි මානසික අවශ්‍යතාවයක් උපත ලබා තිබුණි. ඒ අනුව, රාත්‍රී කාලයේදී පහුරුස්සා ලෙස වෙස්ගෙන ඇගේම පිට සූරා දමා තිබුණේ ඇගේම ඇඟිලි තුඩු විසිනි. මෙය මනෝවිද්‍යාවේදී අසාමාන්‍ය චර්යාවන් (Abnormal Behavior) ලෙස හඳුන්වන මානසික තත්ත්වයක ලක්ෂණයක් මිස යක්ෂයෙකුගේ ක්‍රියාවක් නොවන බව මේ වන විට මට ප්‍රත්‍යක්ෂ වී තිබේ.

අසාමාන්‍ය චර්යාවන් යනු හුදෙක් මානසික හෝ ජීව විද්‍යාත්මක සාධක මතම පදනම් වූවක් නොවේ. ඒවා නිරතුරුවම සංස්කෘතික හා සමාජීය විශ්වාසයන් සමඟ දැඩිව බද්ධ වී පවතින්නකි. ලොව සෑම සමාජයකම පාහේ දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් වන්නේ, විද්‍යාත්මකව පැහැදිලි කළ නොහැකි හෝ අසාමාන්‍ය යැයි හැඟෙන හැසිරීම් බාහිර ගුප්ත බලවේග හෝ අමනුෂ්‍ය බලපෑම් ලෙස අර්ථකථනය කිරීමයි. විශේෂයෙන් ශ්‍රී ලාංකේය සමාජය තුළ පවතින දැඩි සංස්කෘතික සීමා පවුරු නිසා, පුද්ගලයෙකුට තම සිතේ උපදින දැඩි ආවේග, පීඩනයන් හෝ හැඟීම් එළිපිට ප්‍රකාශ කිරීමට ඇති අවකාශය අවම වේ. මේ හේතුවෙන්, එවැනි පීඩනයන් දරා ගැනීමට ශක්තිමත් පෞරුෂයක් නොමැති පුද්ගලයන් තම යටිසිතේ පවතින ගැටුම් මෙවන් අසාමාන්‍ය චර්යාවන් හරහා පිටතට මුදා හරියි. ඉහත සඳහන් තරුණ බිරිඳ එබන් කපු මහත්තයාගේ ශාන්ති කර්මයකින් සුවපත් වූයේ එම කරුණ මුල් කොට ඇගේ යටි සිතට ආමන්ත්‍රණයක් ලැබුණු නිසා ය. මෙය හරියට වයින් සිරවුණු ඔරලෝසුවක් යමක් හා තදින් ගැටීමෙන් පසු යළි ක්‍රියාත්මක වන්නාක් බඳු නොවිධිමත් මනෝ චිකිත්සාවකි. එබැවින් එලෙස වයින් සිරවුණු සෑම ඔරලෝසුවක්ම යළි ක්‍රියාත්මක වනු දැකීම පිණිස අප පොළොවේ ගැසිය යුතු ද නැත.

එමෙන්ම එවන් මිථ්‍යා විශ්වාස මත පදනම් ව යූ ටියුබ්, ෆේස් බුක් ආදී සමාජ ජාල ඔස්සේ කූට ජාවාරම්කාර පැලැන්තියක් ප්‍රවර්ධනය වීම ද නිරන්තරයෙන් සිදු වන්නකි. අවසාන වශයෙන්, මෙමගින් සිදුවන්නේ රෝගී පුද්ගලයාට අවශ්‍ය නිසි මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ප්‍රමාද වී, මිථ්‍යා විශ්වාසයන් මත පදනම් වූ සමාජ පරිසරයක් ගොඩනැඟීමයි. එය පුද්ගල, පවුල්, ප්‍රජා සහ සමාජයීය වශයෙන් අප මේ වන විටත් අත්දකිමින් හිඳින අතිශය අහිතකර තත්ත්වයකි. නමුත් අදටත් එය පිටුදකින මංපෙත් සොයා ගැනීම අමාවක අහසින් සඳ මඬල මතු කර ගැනීම බඳු කාරියක් බව මගේ වැටහීම ය.

මෙම අසාමාන්‍ය චර්යාවන් සම්බන්ධ ක්‍රියාවලියේ විශේෂම කරුණ නම්, අදාළ පුද්ගලයා ප්‍රදර්ශනය කරන අසාමාන්‍ය හැසිරීම් දෙස බාහිර සමාජය අද්භූත දෘෂ්ටිකෝණයකින් බැලීමට පෙළඹීමයි. උදාහරණයක් ලෙස, දැඩි මානසික ආතතියක් හෝ හිස්ටීරියා නමින් හඳුන්වන තත්ත්වයකින් පෙළෙන අයෙකු තමාගේම සිරුර සූරාගෙන, එම තුවාල “පහුරුස්සා” වැනි අමනුෂ්‍යයෙකු විසින් සිදු කරන ලද්දක් බව පවසන විට, සමාජය එය සැකයකින් තොරව පිළිගැනීමට ඉදිරිපත් වෙයි. එවිට එම කල්පිත යක්ෂයා පිළිබඳ කල්පිත පුරාණෝක්ති බිහි වී ඒවා සමාජගත වී ඒ ඔස්සේ ඔහු මුල් කොට ගත් යාතුකර්ම සම්ප්‍රදායක් ප්‍රවර්ධනය වීම ද ඒකාන්ත ලෙසම සිදු වන්නකි. නමුත් මෙලෙස පුද්ගල දුබලතා සහ මානසික ගැටලු ගුප්ත විශ්වාසයන් ලෙස ලේබල් කිරීම මඟින්, එම වැරදි මතවාද පරම්පරාවෙන් පරම්පරාවට සහ සමාජය පුරා තවදුරටත් ව්‍යාප්ත වීමට මඟ පෑදේ. එමෙන්ම එවන් මිථ්‍යා විශ්වාස මත පදනම් ව යූ ටියුබ්, ෆේස් බුක් ආදී සමාජ ජාල ඔස්සේ කූට ජාවාරම්කාර පැලැන්තියක් ප්‍රවර්ධනය වීම ද නිරන්තරයෙන් සිදු වන්නකි. අවසාන වශයෙන්, මෙමගින් සිදුවන්නේ රෝගී පුද්ගලයාට අවශ්‍ය නිසි මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ප්‍රමාද වී, මිථ්‍යා විශ්වාසයන් මත පදනම් වූ සමාජ පරිසරයක් ගොඩනැඟීමයි. එය පුද්ගල, පවුල්, ප්‍රජා සහ සමාජයීය වශයෙන් අප මේ වන විටත් අත්දකිමින් හිඳින අතිශය අහිතකර තත්ත්වයකි. නමුත් අදටත් එය පිටුදකින මංපෙත් සොයා ගැනීම අමාවක අහසින් සඳ මඬල මතු කර ගැනීම බඳු කාරියක් බව මගේ වැටහීම ය.

තිලක් සේනාසිංහ

ඉරා අදුරුපට