රටවල් තුනක ඔමික්‍රෝන් ශීඝ්‍ර පැතිරීමක්

එක්සත් රාජධානිය ,දකුණු අප්‍රිකාව, සහ ඩෙන්මාර්කය යන රටවල් තුළ කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව අනාවරණය වෙයි. එය ප්‍රථමයෙන් අනාවරණය වී මාසයකටත් අඩු කාලයකට පසුව එක්සත් රාජධානිය දෙසැම්බර් අග වන විට සුදුසුකම් ලත් සියලුම වැඩිහිටියන්ට තුන්වන කොවිඩ් එන්නත් මාත්‍රාවක් ලබා දීමේ වේගවත් වැඩ සටහනක් දියත් කොට ඇත.
මේ අතර, දකුණු අප්‍රිකාවේ, පර්යේෂකයන් පවසන්නේ දැනට අනාවරණය වී ඇති මුල් දත්ත වලට අනුව ඔමික්‍රෝන් ප්‍රභේදය මෘදු රෝග ලක්ෂණ ඇති කරන බවයි – නමුත් එන්නත් කිරීමෙන් ලැබෙන ප්‍රතිශක්තිකරණයේ කාර්යභාරය කෙතරම්ද යන්න තවමත් පැහැදිලි නැති බව ද ඔව්හු පවසති. මේ වන විට මෙම ඔමික්‍රෝන් ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළින් ද හඳුනාගෙන තිබේ.

කාලීන පුවත්