රට පුරා විදුලිය බිඳ වැටීමේ වගකීම ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානය භාර ගත යුතුයි

පසුගිය 09 වන දා පුරා පැය හයක කාලයක් රට පුරා විදුලිය බිඳ වැටීම සම්බන්ධ වගකීම බත්තරමුල්ල පැලවත්තේ ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානය( National System Control Center) භාර ගත යුතු බව විදුලි ඉංජිනේරුවරු පවසති.එවන් හදිසි විදුලි බිඳ වැටීම් වල දී ජාතික විදුලි බල පද්ධතිය ආරක්ෂා කර ගැනීම පිණිස රුපියල් බිලියන හතරක් වැයකොට බත්තරමුල්ල, පැලවත්තේ ඉදි කළ ජාතික විදුලි පද්ධති පාලන මධ්‍යස්ථානය අති නවීන තාක්ෂණික පහසුකම් වලින් යුතු වුව ද මේ වන විට දින පහකදීම රට පුරාම මෙයාකාරයට පැය ගණනාවක් විදුලිය බිඳ වැටීම් සිදුව තිබුණු අතර එය නැවත යථාවත් කිරීම පිණිස පද්ධති පාලන මධ්‍යස්ථානයට පැය ගණනාවක් ගත විය. එමෙන්ම කොත්මලේ සිට බියගම දක්වා දිවෙන අධි බලැති විදුලි සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයේ හටගත් දෝෂයකට මුළු දිවයිනටම විදුලිය ඇන හිටින තත්වයකට පත්වීම නිසා ඒ පද්ධති පාලන මධ්‍යස්ථානයේ අක්‍රිය බව පැහැදිලි වූ බවත් එවන් රැහැන් මාර්ගයකට වැදුණු බව කියන අකුණු පහරක් නිසා පැය හයක්ම රට අඳුරට පත්වීම ජාතික ආරක්‍ෂාවට ද බරපතල තර්ජනයක් බවත් පවසන ඔව්හු මෙය ලංකා විදුලි බල මණ්ඩලයේ සමස්ත පරිපාලනයටම එල්ල විය යුතු චෝදනාවකැයි ද කියති.

කාලීන පුවත්