
සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම යනු, ඔබ අනුභව කරනා ආහාර පිළිබඳව හොඳ අවධානයක් තිබීම, ඔබේ සැබෑ කුසගින්න සහ කුස හොඳින් පිරීම පිළිබඳ ඉඟි මෙන්ම ආහාර ගැනීමේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳවත් හොඳින්ම දැනුවත්ව සිටීමයි. ආහාර ගැනුමට දෙන අවධානය වෙනතකට යොමු කරන දේවල් ඉවත් කිරීම, සෙමින් ආහාර ගැනීම, සෑම අහර පිඬක්ම රස විඳීම සහ ආහාර සඳහා ඔබේ සිරුර හා මනස දක්වන ප්‍රතිචාර පිළිගැනීම, මේ ක්‍රියාවලියට ඇතුළත් වේ. මෙම ප්‍රවේශය, වඩා හොඳ ආහාර ජීර්ණයකට, ආහාර ගැනීමෙන් ලබන තෘප්තිය වැඩි කිරීමට, අධික ලෙස ආහාර ගැනීම පාලනය කර ගැනීමට සහ ආහාර සමඟ යහපත් සහ සම්බන්ධතාවයකට මඟ පාදයි.
කුසගින්න යනු ඔබේ ශරීරයට ඉන්ධන අවශ්‍ය බවට ස්වභාවික ඉඟියකි. කුසගින්න ක්‍රමයෙන් වර්ධනය වන අතර, සාමාන්‍යයෙන් මෘදු බඩේ දැවිල්ලක් හෝ ශරීරයේ ශක්තිය අඩු වී යනවාක් මෙන් දැනෙන හැඟීමකින් ආරම්භ වේ. මේ සිරුරට දැනෙනා ස්වභාවික කුසගින්න ආහාර ගැනීමෙන් සංසිඳෙන අතර අවශ්‍ය ප්‍රමාණයට ආහාර ගත් පසු කුස පිරුණා යන හැඟීම ඇති වේ. නමුත් චිත්තවේගයන් අනුව ආහාර ගැනීමේ අවශ්‍යතාවය ඇති වන්නේ අපට යම් ජයග්රහනයක් සැමරීම, නැතිනම් මානසික ආතතිය අඩු කර ගැනීම හෝ සිත නිදහස් කර ගෙන සැනසීමක් ලැබීම වැනි මනසේ අවශ්‍යතාවයක් වෙනුවෙනි.
සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම තුලින් ඔබේ සිරුරට එනම් ආමාශයට දැනෙන සැබෑ කුසගින්න සහ මනසට එනම් චිත්තවේගයන් අනුව දැනෙන ආහාර ගැනීමේ අවශ්‍යතාවය අතර වෙනස හඳුනා ගැනීමට ඔබට හැකිවන අතර අක්‍රමවත් ආහාර ගැනීමේ පුරුදුවලින් ඈත් වීමටත් සිරුරේ බර අඩු කර ගැනීමටත් ඔබට හැකි වනු ඇත.
කුසගින්න යනු ඔබේ ශරීරයට ඉන්ධන අවශ්‍ය බවට ස්වභාවික ඉඟියකි. කුසගින්න ක්‍රමයෙන් වර්ධනය වන අතර, සාමාන්‍යයෙන් මෘදු බඩේ දැවිල්ලක් හෝ ශරීරයේ ශක්තිය අඩු වී යනවාක් මෙන් දැනෙන හැඟීමකින් ආරම්භ වේ. මේ සිරුරට දැනෙනා ස්වභාවික කුසගින්න ආහාර ගැනීමෙන් සංසිඳෙන අතර අවශ්‍ය ප්‍රමාණයට ආහාර ගත් පසු කුස පිරුණා යන හැඟීම ඇති වේ. නමුත් චිත්තවේගයන් අනුව ආහාර ගැනීමේ අවශ්‍යතාවය ඇති වන්නේ අපට යම් ජයග්රහනයක් සැමරීම, නැතිනම් මානසික ආතතිය අඩු කර ගැනීම හෝ සිත නිදහස් කර ගෙන සැනසීමක් ලැබීම වැනි මනසේ අවශ්‍යතාවයක් වෙනුවෙනි. මෙහිදී අප බොහෝ විට ආහාරයට ගන්නේ අයිස්ක්‍රීම්, චොක්ලට්, පීසා හෝ එවැනි වෙනත් ආහාර වර්ගයි. මේවා ශරීර සෞඛ්‍යයට එතරම් හිතකර දේ නොවේ. එමෙන්ම මේ ආහාර ගැනීමේදී කුස පිරී ඇති නිසා ආහාර ගැනීම නවත්වන්න කියා මොළයෙන් සංඥා නිකුත් වන්නේ ද නැත.
සිහිකල්පනාවෙන් ආහාර ගැනීම බෞද්ධ සංකල්පයක් වන සිහිකල්පනාව නැතහොත් මනා සතිය මත පදනම් වූවකි.
සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම යනු:
• සෙමින් සහ අවධානය වෙනතකට යොමු නොකර ආහාර ගැනීම
• කුසගින්න පිළිබඳ ඉඟි වලට සවන් දීම සහ ඔබ තෘප්තිමත් වන තුරු පමණක් ආහාර ගැනීම
• ආහාර ගැනීම සඳහා සැබෑ කුසගින්න සහ කුසගින්න නොවන වෙනත් උත්තේජනයන් අතර වෙනස හඳුනා ගැනීම
• වර්ණ, සුවඳ, ශබ්ද, වයනය සහ රසයන් නිරීක්ෂණය කිරීමෙන් ඔබේ ඉන්ද්රියයන් සම්බන්ධ කර ගැනීම
• සමස්ත සෞඛ්‍යය සහ යහපැවැත්ම පවත්වා ගැනීම සඳහා ආහාර ගත යුතු ආකාරය
• ආහාර ඔබේ හැඟීම් සහ ශරීරයට ඇති කරන බලපෑම් නිරීක්ෂණය කිරීම
• ඔබ ගන්නා ආහාරය අගය කිරීම
මේ දේවල් මඟින් ඔබට ආහාර සම්බන්ධයෙන් ඇති වන සිතුවිලි සහ ක්ෂණික ප්‍රතික්‍රියා වඩාත් සවිඥානික, ඔබේ නිරෝගී බව රැක ගන්නා ප්‍රතිචාර බවට පරිවර්තනය කර ගැනීමට ඉඩ සලසයි.
සිහිකල්පනාවෙන් ආහාර ගැනීම එක්තරා අන්දමක භාවනාවක් මෙන් සැලකිය හැකි අතර එය තනිකරම මනා සතිමත් බව නැතිනම් සිහිය මත රඳා පවතී. සිහිකල්පනාවෙන් ආහාර ගැනීම යනු ඔබේ ආහාර පිළිබඳ පෙර අත්දැකීම්, භෞතිකව සිරුරෙන් ඔබට ලබා දෙන ඉඟි සහ ඔබ ගන්නා ආහාර පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීමයි.
සිහිකල්පනාවෙන් ආහාර ගැනීමෙන්, ඔබ ඔබේ අවධානය යථා තත්ත්වයට පත් කර ආහාර ගන්නා වේගය අඩු කරයි, ආහාර ගැනීම ස්වයංක්‍රීය ක්‍රියාවක් වෙනුවට හිතාමතා කරන ක්‍රියාවක් බවට පත් කරයි.අනවශ්‍ය ආහාර ගැනීමේ හැසිරීම් පාලනය කර ගෙන අවධානය දීම වැඩි දියුණු කර ගත් කළ විට, දිගුකාලීන බර අඩු කර ගැනීමේ ප්රයත්නයන් සාර්ථක කර ගැනීම පහසු වේ.
ඔබ සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීමට උත්සාහ කළ යුත්තේ ඇයි?
නූතන වේගවත් සමාජය ආහාරයට ගත යුතු දෑ පිළිබඳ තේරීම් රාශියක් අපට ඉදිරිපත් කරයි. ඔබේ අවධානය වෙනතකට යොමු කිරීමට සමත් රූපවාහිනී, පරිගණක සහ ස්මාර්ට්ෆෝන් ආදිය අපගේ අවධානය සැබෑ ආහාර ගැනීමේ ක්‍රියාවෙන් ද ඉවත් කර ඉහත කී දේවල් වලට යොමු කර ඇත. ඒ නිසාම බොහෝ විට, ආහාර ගැනීම මනසේ සම්බන්ධතාවයක් නොමැතිව, ඉක්මනින් සහ පාලනයකින් තොරව කරනා ක්‍රියාවක් බවට පත්වේ. එමෙන්ම අනවධානය හේතුවෙන් ඔබ ගේ කුස පිරී ඇති බව මොළයට දැනීමට කාලය ගත වීමද ගැටළුවක් විය හැකිය.
විශේෂයෙන්ම ඔබ ඕනෑවට වඩා ආහාර ගන්නේ නම්, ඔබ ආහාර වැඩි ප්‍රමාණයක් අවබෝධයෙන් තොරව ගත් කළ එය අවශ්‍ය සීමාවට වඩා වැඩි වුවත් ඔබට නොදැනෙනු ඇත. මෙය අධික ලෙස ආහාර ගන්නා පුද්ගලයින් තුළ බහුලව දක්නට ලැබේ.
සිහිකල්පනාවෙන් ආහාර ගැනීමෙන්, ඔබ ඔබේ අවධානය යථා තත්ත්වයට පත් කර ආහාර ගන්නා වේගය අඩු කරයි, ආහාර ගැනීම ස්වයංක්‍රීය ක්‍රියාවක් වෙනුවට හිතාමතා කරන ක්‍රියාවක් බවට පත් කරයි.
අනවශ්‍ය ආහාර ගැනීමේ හැසිරීම් පාලනය කර ගෙන අවධානය දීම වැඩි දියුණු කර ගත් කළ විට, දිගුකාලීන බර අඩු කර ගැනීමේ ප්රයත්නයන් සාර්ථක කර ගැනීම පහසු වේ.
සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම ආරම්භ කිරීම සඳහා බොහෝ සරල ක්‍රම තිබේ:
• වඩා සෙමින් ආහාර ගැනීම. එනම් ඔබේ ආහාර ගැනීම ඉක්මනින් අවසන් කිරීමෙන් වැළකීම.
• හොඳින් හපමින් ආහාර ගැනීම.
• අවධානය වෙනතකට යොමු නොකිරීම; උදාහරණයක් ලෙස, ආහාර ගැනීමට පෙර රූපවාහිනිය ක්‍රියා විරහිත කර ඔබේ දුරකථනය පසෙක තැබීම.
• නිශ්ශබ්දව ආහාර ගැනීම.
• ආහාර ඔබට දැනෙන්නේ කෙසේද යන්න කෙරෙහි අවධානය යොමු කිරීම.
• බඩ පිරුණු විට ආහාර ගැනීම නැවැත්වීම.
• ඔබ කන්නේ ඇයි, ඔබට සැබවින්ම බඩගිනිද යන්න සහ ඔබ තෝරාගත් ආහාර පෝෂ්‍යදායීද යන්න ඔබෙන්ම අසන්න.
• ඔබ ආහාර ලබා ගත්තේ පිටතින් නම් එය බහාලූ අසුරනයේම තබා ගෙන ආහාර ගන්නේ නැතිව එම ආහාර ඔබගේ පිඟානට බෙදා ගෙන ආහාරයට ගැනීම.
• ඔබේ රැකියාව කරන මේසයේම ඉඳ හෝ රූපවාහිනිය ඉදිරිපිට නොව, මුළුතැන්ගෙය, කෑම කාමරය හෝ වැඩ බිමේ, කාර්යාලයේ විවේකාගාරයක් වැනි තැනක ඉඳ ආහාර ගැනීම.
ආරම්භයේදී, මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා, මෙය ක්‍රියාත්මක කිරීමට දිනකට එක් ආහාර වේලක් තෝරා ගැනීම හොඳ අදහසකි.
එක් ආහාර වේලක් සඳහා ඔබ මෙම ක්‍රමය ප්‍රගුණ කිරීමෙන් විශ්වාසයක් ඇති වූ පසු සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම ඔබට වැඩි වෙහෙසක් නොගෙන සිදු කළ හැකි ක්‍රියාවක් බවට පත් වනු ඇත. එවිට, ඔබට අනෙකුත් ආහාර වේල් ගැනීමේදී ද මෙම ක්‍රමය ක්‍රියාත්මක කළ හැකිය.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
සටහන – යමුනා සරෝජනී ගුණවර්ධන