hotline

ලබන 13 වනදා සිට 19 වනදා දක්වා ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

ජල සැපයුම් විසන්ධි කිරීමේ සතිය ලෙසින් ජල බිල්පත්වල පවතින හිඟ මුදල් අයකරගැනීමේ විශේෂ වැඩසටහනක් ලබන සතියේ සිට ක්‍රියාත්මක බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ එය ලබන 13වනදා සිට 19වනදා දක්වා ක්‍රියාත්මක බවයි. ඒ අනුව එම …

ලෝක තෙල් මිල යළි ඉහළට

අමෙරිකාව සහ ඉරානය යළි ප්‍රහාර ආරම්භ කිරීමත් සමඟ ලොක වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, අද (09) උදෑසන 6.00 වන විට WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 74.28 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.03ක වර්ධනයකි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් …

මීගමු බන්ධනාගාර ගැටුමෙන් 73 වියැති ඉන්දීය රැඳවියකුත් මරුට

මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ දරුණු ගැටුමෙන් තුවාල ලැබූ 73 හැවිරිදි එස්. උන්නි ක්‍රිෂ්ණන් නමැති ඉන්දීය ජාතික රැඳවියා ද මියගොස් ඇති බව The Hindu පුවත්පත වාර්තා කර ඇත. වාර්තා කරයි. විදේශ මාධ්‍ය විසින් “ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිසුණුම බන්ධනාගාර ගැටුමක්” ලෙස හඳුන්වන මෙම සිද්ධියෙන් මියගිය …

IMF වෙතින් RARMB කාර්යාංශයට ඉහළ ඇගයීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් 2025 වසරේ මුල් භාගයේදී පිහිටුවන ලද රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය (RARMB) හරහා මෙරට බදු අනුකූලතාව (Tax Compliance) 40-45% මට්ටමේ සිට 70-75% දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ නංවා ගැනීමට සමත්ව ඇති බව අනාවරණය වේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය …

අමෙරිකාවෙන් ඉරානයට ගුවන් ප්‍රහාර

හෝමූස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාව විසින් ඉරානයට ප්‍රබල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.අමෙරිකාව පවසන්නේ එම නෞකා ප්‍රහාර සඳහා ඉරානය වගකිව යුතු බවයි. එහෙත් ඉරානය එම චෝදනා මෙතෙක් පිළිගෙන නොමැත. ප්‍රහාරවලින් නෞකා තුනට හානි සිදුව ඇති අතර කිසිදු ජීවිත …

මීගමුව බන්ධනාගාර ඛේදවාචකය: එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් රජයට ඉල්ලීම් මාලාවක් සහ දැඩි කණගාටුව

2026 ජූලි 6 වන දින මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ප්‍රචණ්ඩ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව, 100කට ආසන්න පිරිසක් තුවාල ලැබීමේ ශෝකජනක සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය බලවත් කණගාටුව පළ කර සිටියි. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්රේ ෆ්රැන්වේ …

හිටි හැටියේ “එර්දි” වූ විශ්ව ශක්ති කෘෂි උපදේශක

2021 අප්‍රේල් මාසයේ එවක රජය සිදු කළ රසායනික පොහොර සහ කෘමිනාශක ආනයන තහනමත් සමඟ මෙරට කෘෂිකර්මය මහත් අගාධයකට ඇද වැටෙමින් තිබිණි. ඉන් වසර එකහමාරකට පමණ පසු දිනෙක මගේ මිතුරෙකුගෙන් මට අසන්නට ලැබුණේ අදහාගත නොහැකි පුවතකි. එනම්, රසායනික තබා කාබනික පොහොරවත්, අවම වශයෙන් නිසි ජල සැපයුමක්වත් නොමැතිව මඩ ගොවිතැන මෙන්ම ගොඩ ගොවිතැන ද අතිසාර්ථක කරන “විශ්ව ශක්ති” කෘෂි උපදේශකයකු කළුතර දිස්ත්‍රික්කයේ වෙසෙන බවයි. මගේ මිතුරා පැවසූ අන්දමට, මෙම පුද්ගලයා ශ්‍රී ලංකාව විශ්වයේ කේන්ද්‍රය හෙවත් “මධ්‍ය ලක්ෂ්‍යය” බව විද්‍යාත්මකව ඔප්පු කර තිබේ.නමුත් එය බටහිර විද්වතුන් මෙතෙක් ලෝකයා …

urumayaka asiriya

කොටහළු නැටීමෙන් “බිග් ගර්ල් පාටිය”ට

පසුගිය දිනයෙක රාත්‍රී මැදියම ද පසු වන තෙක් අප නිවසට ඇසෙන මානයේ දුරකින් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් කෙරෙන මහා කාලගෝට්ටියක් අසන්නට ලැබිණි. අඩුම තරමින් ඒ අවට ජීවත් වූ පවුල් විස්සක තිහක වත් නින්දට බාධා කළ එය ව්‍යවහාරික වශයෙන් පැවසෙන අන්දමට දැරියක් වැඩිවියට පත්වීම මුල් කොට ගත් “බිග් ගර්ල් පාටි” (Big …

ethera-methra

බේදිං බාර් වංචාව හමුවේ පාරිභෝගික අධිකාරිය මර නින්දක! – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත්, අයිතිවාසිකම් ආරක්ෂා කර දීමටත්, රට තුළ පාරිභෝගිකයන් වෙනුවෙන් සාධාරණ වෙළෙඳ පොළක් ඇති කිරීමටත් පිහිටුවා ඇති නිල රාජ්‍ය ආයතනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියයි. එම අධිකාරිය 2003 අංක 9 දරන පාර්ලිමේන්තු පනත මඟින් ස්ථාපිත කර බලගන්වා ඇති රාජ්‍ය ආයතනයකි. මෙම අධිකාරිය ස්ථාපිත කිරීමට පෙර පාරිභෝගිකයන් වෙනුවෙන් ක්‍රියා කළේ අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුවයි. අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව යටතේ පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන් බලතල පවරා තිබුණේ අභ්‍යන්තර වෙළෙඳ කොමසාරිස්වරයාට …

ඉදිරි එල් නිනෝ සමයේදී මුහුදු වතුරත් බොන්න වෙයිද?

ඉදිරියේදී ඇතිවිය හැකි ප්‍රබල ‘එල් නිනෝ’ (El Niño) දේශගුණික විපර්යාසය පුරෝකථනය කර ඇති පරිදිම ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කළහොත්, පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා සාගර ජලය පිරිපහදු කර බෙදාහැරීමට පවා සිදුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි. පසුගිය 10 වැනිදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මධ්‍යස්ථානයේ අතිරේක ලේකම් කේ.ජී.බී. ධර්මතිලක ප්‍රකාශ කළේ මෙවර අපේක්ෂා කරන එල් නිනෝ තත්ත්වය පෙර නොවූ විරූ මට්ටමකින් දරුණු විය හැකි බවත්, …

“දඹ රන් මේනියාව”ට බිළි වන අපේ සංස්කෘතික උරුමය

ලොව විශිෂ්ටතම සංස්කෘතික දායාදයක් වන ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනික ඉතිහාසය සහ කලා උරුමය මුළු මහත් ආසියාවටම ආඩම්බරයකි. අනුරාධපුර, පොළොන්නරු, මහියංගණ වැනි පුදබිම්වල ඇති පැරණි බුද්ධ ප්‍රතිමා එම උරුමයේ හදවත බඳු ය. එහෙත් මෑත කාලීනව දඹ රන් යන මිථ්‍යා මතය පදනම් කර ගනිමින් මේ පෞරාණික ප්‍රතිමා සංවිධානාත්මකව සොරකම් කිරීමේ භයානක ප්‍රවණතාවක් මතුව ඇත. මීට හය මසකට පමණ ඉහත, 2025 ඔක්තෝබර් 22 වන දින මහියංගණ රජමහා විහාර කෞතුකාගාරයෙන් සොරකම් …

ට්‍රම්ප්ගේ කායික මානසික සෞඛ්‍යය ගැන ඇමරිකානුවන් ගේ සැකසංකා

ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කිසියම් හෙලි නොකළ රෝගයකින් පෙලෙනවා ද යන සැකයක් මේ වනවිට සංසරණය වෙමින් තිබෙනු දැකගත හැකි වේ. එයට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ ඔහු නිතර නිතර වෛද්‍ය පරීක්ෂණ සඳහා පෙනී සිටින ආකාරයක් දකින්නට ලැබීම යි. මෙයට ටික දිනකට පෙර එනම් මැයි 26 වැනි දින ද ඔහු මෙවැනි වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගොස් තිබිණි. මෑත කාලයේ ඇමරිකාවේ ජනාධිපතිවරුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යන්නේ මේරිලන්ඩ් ප්‍රදේශයේ පිහිටා ඇති …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

දියවැඩියාවට පෙර ඇති විය හැකි පෙරදියවැඩියාව

වයස 20 – 30 පසු වී 40 -50 වන විට ශරීරයේ පෙනුම වෙනස් වන අන්දම අපි දනිමු. ශරීරය ඇතුලාන්තය වෙනස් වන්නේත් මේ ආකාරයටම ය. අද අපි කතා කරන්නේ මේ විදියට ඇතිවන වෙනස්කම තුළින් ඇතැම් විට ලෙඩක් නිර්මාණය විය හැකි අන්දම පිළිබඳව ය. මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ පූර්ව දියවැඩියාව හෙවත් පෙරදියවැඩියාව ලෙසිනි. පෙරදියවැඩියාවෙන් පෙළෙන සමහරුන් නිරායාසයෙන්ම දියවැඩියාව තුළට ගමන් කරන්නේ එම පුද්ගලයාටවත් නොදැනෙන ආකාරයකිනි. ඔබේ ජීවිතයේ ඉදිරි කාලය ඔබගෙන් ඉවත් කරන්නට මෙම රෝගී තත්ත්වයට හැකියාවක් …

wall-logo

තමන් පබාවතියක නොවන බව කියන “පත්තර කාරිය”

අද  Wall එක මඟින් ඔබ හමුවේ පෙනී සිටිමින් තමන් පබාවතියක නොවන බව පවසා හිඳින කිවිඳිය;ඉනෝකා සමරවික්‍රම පාසල් වියේ සිටම කවි ලිවීමට යොමූ වූ කාව්‍ය ලෝලිනියකි. කවිය නිසාම තම  වෘත්තිය ලෙස …

/ wall එක

sathuntath-himi-ape-lokaya

vinivida

ආලෝකා ද කැටුව හිමිවරුන් යන සාම පා ගමනේ ඉදිරිය කුමක්ද?

ඉකුත් පැය 48 තුළ ලැබුණු තොරතුරු අනුව, ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට සැතපුම් 2,300ක් දුර ගෙවා පැමිණෙන සුවිශේෂී “සාම පා ගමන” (Walk for Peace), භික්ෂූන් වහන්සේලා 19 නමකගේ සහභාගීත්වයෙන් ඇමරිකානු අගනුවර වන වොෂින්ටන් ඩී.සී. (Washington, D.C.) වෙත ළඟා වෙමින් පවතින බව දැනගන්නට ලැබී තිබේ. මෙය මුලින් බලාපොරොත්තු වූවාට වඩා දින කිහිපයකට පෙර අවසන් වීමට …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ සරත් මාකාවිට නැවත ගිනිතබයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

රක්වාන නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන සරත් මාකාවිට නැවත වරක් සිංහරාජ අඩවියේ සුවිශේෂී ම වන මංකඩ, බෝටියතැන්න විනාශ කරමින් සිටී. මාණික්කවත්ත, බෝටියතැන්න නමින් හඳුන්වන මෙම …

/ හරිත දනව්ව
vinivida

ලංකාවට ඉදිරියේ දී සුළි කුණාටුවලින් වැඩි අවදානමක් ?

මෙම සටහන ලියන අවස්ථාව වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් තිබූ ඇතැම්  කටකතාවලින් පැවසුණේ ලඟදීම ශ්‍රී ලංකාවට තවත් සුළි කුණාටුවක් කඩා වදින්නට ඉඩ ඇති බව යි …

/ හරිත දනව්ව

rasagagula

vinivida

දුක් කම්කටොළු මැදින් ජීවිතය ජයගත් රජිනිකාන්ත් මේ දවස්වල ජීවිත කතාව ලියනව ලු!

දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් මේ දිනවල රඟපෑමට අමතරව තවත් අපූරු කටයුත්තක නිරත වී සිටින බව වාර්තා වෙනවා. මේ ආරංචිවලින් පැවසෙන්නේ ඔහු දැන් ලේඛන කලාවටත් යොමු වී ඇති බව යි …

/ රසගඟුල
vinivida

කෝලම් අතරින් මතුවන කාමධේනුව – ලෙන්චිනා

අධි පරිභෝජනය පදනම් කර ගත් වත්මන් නව ලිබරල්වාදී සමාජ ආර්ථික ක්‍රමය තුළ ලිංගිකත්වයට සුවිශේෂ අගයක් හිමිව ඇති බව නොරහසකි. ඒ, නූතන සමාජයීය පුරුෂාර්ථ අතරේ ඉහළම තැනක වැජඹෙන පංචකාම සම්පත් අතරට …

/ රසගඟුල

දිවි ගමන නිමා කළ හින්දි සිනමාවේ සුපිරි තරුව ධර්මේන්ද්‍රගේ ජීවිතයෙන් බිඳක්

හින්දි සිනමාවේ පුරාවෘත්තයක් බඳු වූ ජනපි‍්‍රය නළු ධර්මේන්‍ද්‍රගේ අභාවය බොහෝ සිනමා ලෝලීන් තුළ මහත් ශෝකයක් ඇති කළ සිදුවීමක් විය. වර්තමාන පරපුරේ සිනමා රසික රසිකාවියන් ඔහු ගැන එතරම් නොදනිතත්, නවසිය හැට හැත්තෑව අසූව දශකවල හින්දි චිත‍්‍රපට නැරඹූ සිනමාලෝලීන් ඔහුට මහත් ආදරය කළ බව රහසක් නොවේ. එකල ධර්මේන්‍ද්‍ර සැලකුණේ හින්දි සිනමාවේ කඩවසම්ම …

/ පහන් ටැඹ
vinivida

බොහෝ දෙනකු නොදත් කෙහෙල්බද්දර රණ විරුවා

මෑතක සිට අප ජන සමාජයේ වැඩිපුරම කතා බහට ලක් වන ග්‍රාම නාමයක් තිබේ. එනම් කෙහෙල්බද්දර යන්න ය. මේ දිනවල බහුලවම කතා බහට ලක් වන සංවිධානාත්මක අපරාධ කරුවකුගේ නමට ඉදිරියෙන් කෙහෙල්බද්දර යන ග්‍රාම නාමය භාවිතා වීම ඊට හේතුව වී තිබේ. ඒ ඔස්සේ අද වන විට ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් හිමිව තිබෙන කෙහෙල්බද්දර …

/ පහන් ටැඹ

iraadurupata

මිනිසුන් පහුරු ගාන අප්‍රකට යක්ෂයා "පහුරුස්සා"

මිනිසුන් පහුරු ගාන අප්‍රකට යක්ෂයා “පහුරුස්සා”

මිනිසුන් මරා දමන මහසෝනා හෝ ලේ බොන රීරි යකා ගැන අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු. එහෙත් මාරාන්තික නොවූවත්, සිරුරේ සීරීම් ලකුණු පමණක් තබන ‘පහුරුස්සා’ හෙවත් ‘පරුස්සා’ නම් අප්‍රකට යක්ෂයා පිළිබඳ ජනප්‍රවාදය මට මුල්වරට අසන්නට ලැබුණේ මා කුඩා දරුවකුව සිටි අවදියේ ය. ඒ යක්ෂ ප්‍රවෘත්තිය හා සබැඳුණු නිදාන කතාවක් ද වූ …

vinivida වහ වහා නිමා කළ යුතු GMOA සහ රජය අතර යුද්ධය - විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ

වහ වහා නිමා කළ යුතු GMOA සහ රජය අතර යුද්ධය – විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ රජය අතර පැවැති විරසකය ඔස්සේ යුද්ධයක් දක්වා ඇවිළී ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන් යළි විමසුමක් කළ යුතු යැයි මට සිතේ. ඒ එම සංගමයේ, රජයේ සහ විශේෂයෙන්ම අසරණ රෝගීන්ගේ යහපත උදෙසා ය. GMOA සහ රජය අතර යුද්ධය ආරම්භ කළේ කවුරුන්ද? එය ආරම්භ කළේ රජයයි. නිදාගෙන සිටි …

error: Content is protected !!