weather

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත …

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි වෙනසක්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 70.08ක් ලෙසයි. එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 66.78ක් ලෙස සටහන් විය …

සැඟවී හිඳින දේශබන්දු ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ ඩබ්ලිව්.15 හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇති අතර මෙම නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පොලිස්පතිවරයා විසින් අභියාචනාධිකරණයට රිට් …

පාර්ලිමේන්තු පරිශ්‍රයේ සුනඛයන් ඉවත් කිරීමට කතානායකගෙන් උපදෙස්

පාර්ලිමේන්තු දිවි ගෙවන පරිශ්‍රයේ සුනඛයන් දහ දෙනකු පමණ එම පරිශ්‍රයෙන් ඉවත්කරන ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතාට උපදෙස් දී ඇත.කථානායකවරයා පසුගිය දිනෙක පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගොඩනැගිලි පරීක්ෂා කිරීමේදී එහි ජීවත් වන හීලෑ සුනඛයකු ඔහුගේ අසලින් යනු දැක “මෙහෙ බල්ලොත් හදනවාදැ”යි විමසා ඇති …

සා.පෙළ උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

ලබන 17 වනදා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් වෙනුවෙන් උපකාරක පන්ති පැවැත්වීම හෙට (11) වනදා මධ්‍යම රාත්‍රී 12 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම විභාග අපේක්‍ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ …

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිරසහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, …

arumasi-puwath

රොබට් නොක්ස්ටත් හූ තියපු අපේ යක්කු

යකුන්ගේ ප්‍රධාන සන්නිවේදන මාධ්‍යය ‘හූව’ බව මා මුල්වරට දැනගත්තේ මට වයස අවුරුදු දහයේදී පමණ ය. ඒ කුරුඳු තලන කාලයට අප නිවස පිටුපස තාවකාලිකව ඉදි කරන පොල් අතු මඩුවේ කුරුඳු තැලීමට එන “ඒබරන් උන්දෑ” (ඒබරන් සිල්වා) නම් වියපත් ගැමියෙකුගෙනි. අප එවක ‘ගම දිහා”යනුවෙන් හැඳින් වූ ගණේමුල්ල, හොරගොල්ලේ මහ ගම නම් කොටසේ දහනව වන සියවසේ අග භාගයේ උපන් ඔහු ඒ වන විට ද හැත්තෑ විය ඉක්මවා හිඳින්නට ඇතැයි මට සිතේ. තුනටිය අතගාමින් තමන්ට වැළඳී ඇති තුනටියේ කැක්කුමක් ගැන නිතර කතා කළ ඔහු තරුණ වියේ කළ කී හපන්කම් …

urumayaka asiriya

අද්භූත රූපකායන් සහ පුරුෂ ලිංග හැඩයේ ගල් කුට්ටි දක්නට ඇතැයි පැවසුණු පැරණි පුදබිමක්

ඒ 2014 වසර ය. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ අනූ තුන් වන සංවත්සරය අනුරාධපුරයේ පැවැත්වීමට යෝජනා වී තිබිණ. එහි දී ඊට සමගාමීව අනුරාධපුරයට නොදුරින් පිහිටි මේ වන විට විනාශ මුඛයට ගොස් ඇති බෞද්ධ පුරා විද්‍යා උරුමයක් ප්‍රතිසංස්කරණය කරවීම පිණිස පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට හා මධ්‍යම සංස්කෘතික අරමුදලට අනුග්‍රහය ලබා දීමට සමස්ත …

ethera-methra

බිල් ගේට්ස් අලුත් ප්‍රේමය ගැන කතා කරයි

සුප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ මෙන්ම ලෝකයේ ධනවත්ම පුද්ගලයකු ද වන බිල් ගේට්ස් මාධ්‍ය තුළ නිතර පුවත් මවන්නෙකි. නමුත් ඔහු වැඩි වශයෙන්ම එලෙස පුවත් මවන්නේ ව්‍යාපාරික කටයුතු, තාක්ෂණය සම්බන්ධ කාරණා, සමාජ සේවා කටයුතු ආදියට අදාලව ය. කෙසේ හෝ වේවා, මීට වඩා වෙනස් කාරණාවකට අදාලව ද පසුගිය දිනවල බිල් ගේට්ස් මාධ්‍ය තුළ අවධානය දිනාගෙන සිටිනු දැකිය හැකි විය. එම කතාබහ සිදුව තිබුණේ ඔහුගේ වර්තමාන පෙම්වතිය පිලිබඳව ය. මේ වනවිට …

amarabandu

අමරබන්දු මිනී පෙට්ටි සාප්පුවෙන් හමු වූ හිස නැති කඳ

විහිළුව හුදු විහිළුවක්ම නොවේ (Joke is not just a joke) යන්න සුප්‍රකට කියුමකි. ඉන් අදහස් වනුයේ සෑම විහිළුවක් තුළම කිනම් හෝ යටි අරුතක් ද ගැබ්ව ඇති බවකි. එමෙන්ම විහිළුව, කවටකම, සරදම හෝ ඉංගිරිසියෙන් සිංහලකරණය වූ අන්දමට “ජෝක් එක”ආදී වශයෙන් හැඳින්වෙන වගාලාපයන් වලට වඩා ඒවායේ පරිනත අවස්ථාවන් වන හාස්‍යය(Humour) ප්‍රහසනය (Comedy) තුළ ද ඊට වඩා ගැඹුරු යටි අරුත් තිබීමේ පහසු හැකියාවක් තිබේ. එමෙන්ම ඒවා ද පුද්ගල, ප්‍රජා හෝ …

ට්‍රම්ප් ගේ ගාසා කතාව පිස්සුවක් බව පලස්තීනුවෝ කියති !

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැලකෙන්නේ ඉතාම ආන්දෝලනාත්මක චරිතයක් ලෙසිනි. ඔහු විසින් කරන ලද තවත් අතිශයින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මේ වනවිට දෙබරයකට ගල් ගැසුවාක් මෙන් ලොකු කළබලයක් ඇති කර තිබේ. ට්‍රම්ප් මෙම ප්‍රකාශය කර ඇත්තේ මේ කාලයේ ජාත්‍යන්තරය තුළ මහත් අවධානයක් දිනා තිබෙන ගාසා කලාපයට අදාලව ය. ඔහු පසුගිය දිනෙක පවසා තිබුණේ මේ වනවිට යුද්ධයෙන් මුළුමනින්ම වාගේ සුන්බුන් බවට පත්ව ඇති ගාසා තීරය ඇමරිකාවේ පාලනය යටතට ගෙන එය නැවත …

චීනුන්ගේ DeepSeek කෘත්‍රිම බුද්ධි මෙවලම තොරතුරු සඟවන්නේ ඇයි?

ඇමරිකා එක්සත් ජනපදයේ OpenAI සමාගම මගින් සංවර්ධනය කරනු ලැබූ ChatGPT කෘත්‍රිම බුද්ධි වේදිකාවට සෑම අතින්ම සමාන ක්‍රියාකාරීත්වයක් සහිත, එහි කාබන් පිටපතක් තරම් වූ DeepSeek නම් චීන කෘත්‍රිම බුද්ධි වේදිකාව දියත් කර වැඩි දිනක් ගත වන්නට පෙර එය ChatGPT මෙන් නොව ඇතැම් තොරතුරු වසන් කරමින් ඉදිරිපත් කරන බවට චෝදනා එල්ල වන්නට පටන් ගෙන තිබේ. මෙතෙක් කලක් කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රය තුළ ඒකාධිකාරයක් ගොඩනගා ගෙන සිටි ChatGPT වේදිකාව සමග තරග …

සුවබර දිවියකට අත්‍යවශ්‍ය ජල පානය – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

මිනිස් සිරුරේ පැවත්මට ජලය පානය අත්‍යවශ්‍ය සාධකයකි. ඔබ දන්නවාද අපගේ සිරුරට මෙලෙසින් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වී තිබෙන්නේ ඇයිදැයි කියා? සිරුරේ බොහෝ ක්‍රියාකාරකම් නිසි ලෙස සිදුවිමට නම් ජලය අවශ්‍යම සාධකයක්. ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වීමටත්, සිරුරේ සෛල වෙත ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ රැගෙන යාමටත්, බහිස්‍රාවය එනම් සිරුරේ ක්‍රියාකාරකම් තුලින් නිපදවෙන අපද්‍රව්‍ය ඉවත් කිරීමටත්, ඉන්ද්‍රියයන් සහ සන්ධිවල ආරක්ෂාව සඳහා තිබිය …

ලොස් ඇන්ජලීස් ලැව් ගින්න අපට කියන කතාව – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් හි ලැව් ගින්න වේගයෙන් පැතිරෙමින් පවතින අතර එම කලාපයේ හටගෙන තිබෙන ලැව් ගිනි පහෙන් එකක්වත් නිසි ලෙස පාලනය කර ගැනීමට ගිනි නිවන හමුදා නිලධාරීන් මෙය ලියන මොහොත වනතුරුත් සමත් වී නොමැත. ඇමරිකානු ඉතිහාසයේ දරුණුතම ලැව් ගින්න ලෙස සැලකෙන මෙම පැලිසේඩ්ස් ලැව් ගින්නෙන් මේ මොහොත වන විට අක්කර විසිතුන් දහසක පමණ ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන දැවී අවසන් බව පැවසේ …

vinividasayanaya

පවුල් ජීවිතයේ අසාර්ථකත්වයට හේතු වන කායික රෝග – මානසික රෝග විශේෂඥ වෛද්‍ය රූමි රූබන්

සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට මානසික සුවය වගේම කායික සුවයත් ඉතා වැදගත්. මේ නිසා අඹු සැමි දෙදෙනාගෙන් එක් අයකු හෝ කායික රෝගාබාධයකින් පෙළෙන්නේ නම් එය දෙදෙනාගේම සතුටට බාධාවක් වෙනවා. එනිසා මේ කතා කරන්නේ එවැනි කායික රෝග පිළිබඳව යි. අධික ස්ථුලතාවය ඇතැම් විට රෝගයක් වශයෙන් සෘජුවම නොසැලකුණත් අධික ස්ථූලතාවයත් කායික සතුට අඩුවීම සඳහා බලපානවා. විශේෂයෙන් තමන්ට අවශ්‍ය පරිදි සිරුර පාලනය කර ගත නොහැකි වූ විට දෙදෙනාටම කායික එක්වීම් එපාවිය හැකියි. මේ නිසා දෙදෙනාගේම කායික ශක්තිය පවත්වා …

wall-logo

සදහටම සමුගත් සෙනෙහෙබර බිරිඳක වෙනුවෙන් සැමියකු ගේ හදින් පිබිදුණු කවි කු(සු )සුමක්!

සාහිත්‍යකරණය සංගීත‍ය ඇතුළු කලා ක්ෂේත්‍රයන් කිහිපයක් සම්බන්ධයෙන්ම ප්‍රාමාණික දක්ෂතා හෙබවූ 1975 වසරේ රාජ්‍ය සාහිත්‍ය උළෙලේ සමස්ත ලංකා කෙටි කතා තරඟයෙන් පළමු තැන හිමි කර ගත් චන්ද්‍රලතා ලක්දුසිංහ කලාවේදිනියගේ පළමු වන …

/ wall එක

sathuntath-himi-ape-lokaya

අපේ දේශීය සුනඛ ප්‍රජාව “වල් බල්ලන්” නොවේ

ඉතා දියුණුය යනුවෙන් අප උපකල්පනය කරන වත්මන් සමාජය තුළ පවත්නා දුර්මත බොහොමයකි.අප රටේ ජීවත් වන දේශීය සුනඛ ප්‍රජාව වල් බල්ලන් සේ හැඳින්වීම එවන් බරපතල දුර්මතයකි.අප එසේ පවසනුයේ ඔවුන් එසේ වල් හෝ වන(Wild )ලෙසින් හැඳින්වීමට කිසිවකුටත් කිසිදු හැකියාවක් නොමැති බැවිනි.පුරා විද්‍යාත්මකව සනාථ වී ඇති අන්දමට මීට වසර දොලොස් දහස් පන්සීයක පමණ කාලයක් තිස්සේ අප රටේ මිනිස් …

.

Ath Piliru Sewane Namal Wijesinghe & Lasantha Abeypala

hadawatha-gana-hadawathinma



thinetha-add2022.11.14

haritha-danawwa

ලාල්කාන්ත හා විජේපාල ක්‍රමය වෙනුවට වන සතුන්, ගොවියා සහ වගා බිම් සුරකින ක්‍රමයක් අවශ්‍යයි – සජීව චාමිකර

වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමක දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය …

/ හරිත දනව්ව

ජෛව විවිධත්ව සමුළුව හා ඩිජිටල් යටත්විජිතකරණය CBD, COP16, DSI සහ AI

ජෛව විවිධත්ව සම්මුතියට අදාළ පාර්ශවකරුවන් ගේ 16 වන සමුළුව 2024 ඔක්තොම්බර් මස 21 වන දින සිට නොවැම්බර් මස 01 වන දින දක්වා කොළොම්බියාවේ කාලි නුවර …

/ හරිත දනව්ව

rasagagula

වසර 33 කට පසු රජිනිකාන්ත් සහ අමිතාභ් බච්චන් රඟන චිත්‍රපටයක්

ඉන්දියානු සිනමාවේ දැවැන්තයන් දෙදෙනකු රඟපාන සිනමාපටයක් තව නොබෝ දිනකින් ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණීමට නියමිත යි. ඒ “වෙත්තයියාන්’ නැමැති දෙමළ චිත්‍රපටය යි. ලබන 10 වැනි දින ප්‍රදර්ශනය ආරම්භ කරන මෙහි ප්‍රධාන චරිතය …

/ රසගඟුල

අයිශ්වර්යා අභිෂේක්ගෙන් දික්කසාද වෙයි ද?

අයිශ්වර්යා රායි සහ අභිෂේක් බච්චන් යනු බොලිවුඩයේ ඉහළම තලයේ වැජඹෙන නළු නිළි යුවළක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. කෙසේ නමුත් මේ දිනවල ඔවුන් ගැන පැතිරෙන ආරංචි නම් ඒ තරම් සතුටුදායක …

/ රසගඟුල

අනාවැකි කරුවන්ට අභියෝගයක් ! – තාරක වරාපිටිය ලේකම් ශ්‍රී ලංකා හේතුවාදී සංගමය

යම්කිසි පිළිගත හැකි ක්‍රමවේදයක් තුළින්, යම් විචල්‍යයක් පිළිබඳව අපට අනාගතයට අදාළ පුරෝකතනයක් කිරීමට හැකියාවක් ඇත. හොඳ යථාර්ථවාදී තොරතුරු සමූහයක් තුළින් සිදු කරන එවැනි පුරෝකතනයන් නිරවද්‍යතාවයට ආසන්න ඇස්තමේන්තු ලබා දේ.එහෙත් එසේ නොවන වෙනත් ව්‍යාජ හෝ මිථ්‍යා විශ්වාස මත පදනම්ව කරනු ලබන අනාවැකි ද අපේ සමාජයේ තවමත් පවතී. මේ විශ්වාස උරගා බලන්න …

/ පහන් ටැඹ
vinivida

සමාජ ජාල වෙබ් අඩවි මඟින් බාල වයස්කාර දැරියන් අපයෝජනය කිරීම් වැඩිවීමක්

සමාජ ජාල වෙබ් අඩවි මගින් ගොඩනගා ගන්නා සබඳතා ඔස්සේ බාල වයස්කාර පාසල් දැරියන් අපයෝජනය වීමේ සිදුවීම් මේ වන විට වැඩි වැඩියෙන් වාර්තා වෙනවා. විශේෂයෙන්ම වට්සැප් සමාජ මාධ්‍ය ජාලය භාවිතා කරමින් නිර්මාණය කරගන්නා විවිධ කණ්ඩායම් තුළ මේ අන්දමේ නොයෙකුත් අපචාරයන් සිදුවන බව දක්නට ලැබෙනවා. මෙම ගෲප් වල ඉන්න අය බොහෝ විට …

/ පහන් ටැඹ

iraadurupata

ලිංගික අපචාරයකට ගොදුරු වූ දරුවකුගේ මනසට වන හානිය සුළුපටු නොවේ

කොයිතරම් දැඩි නීති තිබුණත් කුඩා දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීමේ අඩුවක් දකින්න ලැබෙන්නේ නෑ. ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වෙන ප්‍රවෘත්තිවලට වඩා ප්‍රසිද්ධ නොවන සිදුවීම් වැඩි බව සැලකිය හැකියි. බොහෝ දෙනෙකු සිතා සිටින්නේ කුඩා දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීම වැඩිපුරම සිදුවන්නේ පිටස්තර අය වෙතින් කියලයි. නමුත් ලෝකයේ ලිංගික අපයෝජනයට ලක්වන දරුවන් 4/5 ක් ම …

/ ඉරා අදුරුපට

ඉපැරණි මහ බලගතු යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් පුස්කොළ පොත් සොයා කටුගේ පුස්තකාලයේ සැරිසැරුවෙමි

පැරණි යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් මගින් අපට කිරීමට තබා සිතීමටවත් නොහැකි හාස්කම්, කළ හැකි බවට මතයක් තවමත් අප සමාජයේ තිබේ. අට වැදෑරුම් වන මේ හාස්කම් ‘අෂ්ඨ කර්ම’ යනුවෙන් හැඳින්වෙයි. රජුන්ගේ සිට සාමාන්‍ය ජනතාවගේ සිත් වසඟ කළ හැකි වශී කර්මය ඉන් පළමුවැන්නයි. දෙවැන්න යමකු හෝ යමක් තමන් වෙතට අද්දවා ගත හැකි ආකර්ශණ …

error: Content is protected !!