
![]()
ආපදාවෙන් අත්හිටවූ උසස් පෙළ අද සිට
ආපදා තත්ත්වය මත අත්හිටුවන ලද උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් අද (12) සිට පැවැත්වේ. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සහ පෙනී සිටීමට නියමිත සිසුන් අට දෙනෙක් ආපදාවලට ගොදුරු වී ජීවිතක්ෂයට පත්ව තිබෙන බවට විභාග දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබේ. අද සිට පැවැත්වෙන විෂයයන් සඳහා අයැදුම්කරුවන් …
කුමර කුමරි බඹසර කඩන්න උගන්වන අධ්‍යාපනයක් එපා !
පාසල් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය තිබුණ ද එය කුමර බඹසර කුමරි බඹසර කැඩීමට උගන්වන අධ්‍යාපනයක් නොවිය යුතු බව මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.උන්වහන්සේ මේ බව දේශනා කර සිටියේ පූජ්‍ය දරමිටිපොළ රතනසාර ස්වාමීන් වහන්සේ ගේ චරිතාපදාන කෘතිය එළිදැක්විමේ උත්සවයේ ප්‍රධාන දේශනයට එක් වෙමිනි.එහි දී වැඩිදුරටත් …
පසුගිය වසරේ පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන්න ඇමතුම් රැසක්
පාරිභෝගික අධිකාරියට පසුගිය වසරේ ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබී තිබේ. ඇමතුම් 10,616ක් ලැබී ඇති බවයි ඔවුන් පවසයි.ඒවායෙන් පැමිණිලි 5,026ක් වැටලීම් හා විමර්ශන සිදුකළ යුතු පැමිණිලි වන අතර, දිස්ත්‍රික් කාර්යාල වෙත එම පැමිණිලි යොමු කිරීමටයි ඔවුන් කටයුතු කර තිබේ. එම පැමිණිලි අතුරින් 3,844ක් සම්බන්ධ වැටලීම් හා විමර්ශන …
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය “හැක්” කරලා
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම ( Hack)සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර තිබේ.පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයකට අනුව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය අවස්ථා කිහිපයක දී බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම නිරීක්ෂණය වී ඇත. එම ගැටලුව යථාවත් …
ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්
දිවයින පුරා පවතින වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර ප්‍රකාශ කරයි. ඒ මාධ්‍ය හමුවකට එක්වෙමින්.එහිදී ඔහු කියා සිටියේ පසුගිය ජනවාරි 01වනදා සිට මේ දක්වා ගතවූ දවස් කිහිපය තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් …
මධ්‍යම කඳුකරයේ රථවාහන ගමනාගමනයට බාධා
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට දැඩි මීදුම් තත්ත්වයක් හටගෙන තිබේ. මෙම මීදුම් තත්ත්වය හැටන්-නුවරඑළිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල පවතින බවයි වාර්තා වෙයි. එම මාර්ග හරහා ධාවනය කරන රථවාහන වල ඉදිරිපස ප්‍රධාන ලාම්පුව දල්වා සෙමින් ධාවනය කරන ලෙස හැටන් පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි …

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවෙන් පාඩමක් – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය
ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවකට නිසි අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකසා ගත හැකි ද? යන්න මෑතක සිට ඇතැමුන් නඟන පැනයකි. එහි එක්තරා දේශපාලනික ස්වරූපයක් ද දක්නට ලැබේ. ඒ අනුව වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දෙස බැලීමේදී එය සැබැවින්ම සමාජයට ඵලදායක ද යන්න පිළිබඳව දීමට ඇත්තේ සංකීර්ණ සහ විවාදාත්මක පිළිතුරකි. ඕනෑම ප්‍රතිසංස්කරණයක් සාර්ථක වීමට නම් පළමුව රටක බිම් මට්ටමේ පවතින යථාර්ථය සහ විවිධ සමාජ ස්තරයන්හි අවශ්‍යතා හඳුනාගත යුතු වේ. ඒ අතර මෙම ක්‍රියාවලියේ ඵලදායීතාව පිළිබඳ ප්‍රධාන කරුණු කිහිපයක් විශ්ලේෂණය කිරීමේදී සම්පත් විෂමතාව පිළිබඳ ගැටලුව ඒ අතුරින් විශේෂයෙන් කැපී පෙනෙයි. අප රටේ …

එන්න දෙවියනේ මල් පැළ අපි බැන්ඳා
ශ්‍රී ලාංකේය ජන සංස්කෘතියට අනුව මිනිසුන්ට තමන් අපේක්ෂා කරන දෙවිවරුන් හමුවිය හැකි ආකාර කිහිපයක් දක්වා තිබේ. ඉන් ප්‍රධානතම ආකාරයන් දෙක වනුයේ දේවාලයක දී හෝ සංහිඳක දී දෙවියන් හමුවීම ය. සංහිඳ යනු බොහෝ විට වැව් ඉහත්තාවක හෝ කෙත්වතු ඉස්මත්තක ඇති දැවැන්ත වෘක්ෂයක් හෙවත් වනස්පතියක් මුල් කරගෙන ගැමි ජනතාව වන්දනා මාන හා …

ට්‍රම්ප් ගේ ගාසා කතාව පිස්සුවක් බව පලස්තීනුවෝ කියති !
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැලකෙන්නේ ඉතාම ආන්දෝලනාත්මක චරිතයක් ලෙසිනි. ඔහු විසින් කරන ලද තවත් අතිශයින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මේ වනවිට දෙබරයකට ගල් ගැසුවාක් මෙන් ලොකු කළබලයක් ඇති කර තිබේ. ට්‍රම්ප් මෙම ප්‍රකාශය කර ඇත්තේ මේ කාලයේ ජාත්‍යන්තරය තුළ මහත් අවධානයක් දිනා තිබෙන ගාසා කලාපයට අදාලව ය. ඔහු පසුගිය දිනෙක පවසා තිබුණේ මේ වනවිට යුද්ධයෙන් මුළුමනින්ම වාගේ සුන්බුන් බවට පත්ව ඇති ගාසා තීරය ඇමරිකාවේ පාලනය යටතට ගෙන එය නැවත …
චීනුන්ගේ DeepSeek කෘත්‍රිම බුද්ධි මෙවලම තොරතුරු සඟවන්නේ ඇයි?
ඇමරිකා එක්සත් ජනපදයේ OpenAI සමාගම මගින් සංවර්ධනය කරනු ලැබූ ChatGPT කෘත්‍රිම බුද්ධි වේදිකාවට සෑම අතින්ම සමාන ක්‍රියාකාරීත්වයක් සහිත, එහි කාබන් පිටපතක් තරම් වූ DeepSeek නම් චීන කෘත්‍රිම බුද්ධි වේදිකාව දියත් කර වැඩි දිනක් ගත වන්නට පෙර එය ChatGPT මෙන් නොව ඇතැම් තොරතුරු වසන් කරමින් ඉදිරිපත් කරන බවට චෝදනා එල්ල වන්නට පටන් ගෙන තිබේ. මෙතෙක් කලක් කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රය තුළ ඒකාධිකාරයක් ගොඩනගා ගෙන සිටි ChatGPT වේදිකාව සමග තරග …
කතරගම දෙවොලේ ගිනුම් විගණනයෙන් මතු වූ “දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ” සංකල්පය
කඩා පැනීම යනු කිසියම් ස්ථානයකට ඊට සම්බන්ධ වූවන් ගේ පූර්ව දැනුවත්කමින් තොරව වෙනයම් බාහිර පුද්ගලයකුගේ හෝ පිරිසකගේ හදිසි පිවිසුමකි. මෙම කඩා පැනීම් වලින් කොටසක් යම් යම් නීති විරෝධී කටයුතු සිදු කෙරෙන ස්ථාන වෙත ඒ සඳහා බලය ලත් නිලධාරීන් විසින් සිදු කරනු ලැබේ. එහෙත් පසුගිය 05 දා සිදු වූ අප ගේ මාතෘකාවට බඳුන් වන මෙම කඩා පැනීම සිදුව ඇත්තේ අප රටේ ජනානන්දනීය පුද බිමක් වන රුහුණු කතරගම මහා …
වලේ වැටුණු රජයේ ලොක්කන් ගොඩ එන්නේ කොහොමද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
මාසයක පමණ කාලයක් සබරගමු මහ සමන් දේවාලය ආශ්‍රිතව ඇතිව තිබු කුණාටුව ඉකුත් 03 වන දා අභියාචනාධිකරණයේ නියෝගයකින් පහව ගියේ ය.මෙය දේශපාලන සුළි සුළඟකින් මතු වූ පරිපාලනමය කුණාටුවකි.විහාර දේවාලගම් පනතේ නියාමන බලධාරියා වන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් සබරගමු මහ සමන් දේවාලයේ නීත්‍යානුකූලව පත්ව සිටි බස්නායක නිලමේ වරයාගේ ධුර කාලය අවසානයේ දී දේශපාලන පක්ෂයක නම් කිරීමෙන් මැණික් ව්‍යාපාරිකයෙකු එහි වැඩ බලන භාරකරු ලෙස පත්කරන ලදී. මෙම පත්වීම සබරගමුවේත් …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

ඇදුම ඔබටත් කරදරයක් ද? – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
අප ජීවත් වන පරිසරයෙහි අපට ආශ්වාස කරන්නට සිදුවන වාතය කිසිසේත් පිරිසිදු යැයි නිගමනය කිරීමේ හැකියාවක් නැත. නමුත් එය පිරිසිදු හෝ අපිරිසුදු වශයෙන් භේදයක් නොමැතිව ම අපට නිරායාසයෙන්ම එය ආශ්වාස කරන්නට සිදුවෙයි. ආශ්වාස කිරීම සඳහා පිරිසිදු වාතයම සොයා යාමේ හැකියාවක් අපට නැත. මෙම පරිසරයෙහි වාතය සමඟ නොයෙකුත් දුම් දූවිලි වගේම තවත් විවිධ අපද්‍රව්‍ය මුසුව පවතී. මේවා ආශ්වාස කරන විට සමහරුන්ට එමගින් අසාත්මිකතාවන් ඇති වෙයි. මෙසේ අසාත්මික වූ කල ඇතිවන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ නාසයෙන් දියර ගැලීමයි. මේ …

No posts found.

හාම්පුතුන්ටවත් දෙවෙනි වන්නට අකමැති බළල් යාළුවෝ
“සාර්ථක මිනිසකු පිටුපස බල්ලෙක් සහ බළලෙකු සිටී” .මෙය බැලූ බැල්මට ම ඔබ තුළ සිනා උපදවන්නට සමත් කරුණක් විය හැකිය. නමුත් “සෑම සාර්ථක මිනිසෙකු විසින් ම තම නිවසෙහි බල්ලෙකු සහ බළලෙකු ඇති කළ යුතු ය ” යන්න චීන කියමනකි. එක්වරම අපට නොපෙනෙන නමුදු මෙහි විශාල සත්‍යයක් ඇත. මේ පිළිබඳව පැහැදිලි කරන විද්‍යාඥයෝ මෙසේ පවසති. බල්ලා විසින් …
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


මේ වෑයම අලි රොෂාන් සිපිරිගෙට යවා අලි ජාවාරම යට ගසන්නද?
මෙරට සිටින ප්‍රධාන පෙළේ අලි ජාවාරම්කරුවකු වන සමපේපුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරු මඬුල්ල විසින් බරපතළ වැඩසහිත වසර 15 …
කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්
යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්
නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …
පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!
වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?
සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …
බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්
ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

මුස්ලිම් කතුන් දෙස අමුතු ඇසකින් බලන්නේ ඇයි?
පසුගිය දිනෙක මම ගම්පහ ආසන්නයේ මගේ මිතුරියකගේ නිවසේ පැවැති සාංඝික දානමය පුණ්‍ය කර්මයකට සහභාගී වීමි. සිංහල බෞද්ධ පරිසරයක ඉපිද හැදී වැඩී, සිංහල මාධ්‍යයෙන් පාසල් සහ සරසවි අධ්‍යාපනය ලැබූ මට එය කෙසේවත් නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවේ. එහෙත්, එම දානමය පින්කම අවසන් වන තෙක් මා සම්බන්ධ විශේෂ හැඳින්වීමක් නොකළ මගේ මිතුරිය, පින්කම …
යක්කුත් කතා කරවන අපේ තොවිල්
“බුදුන්ගේ අණසක හා බුද්ධ රශ්මියේ බලය, මහා සම්මත රාජ ආඥාව සහිත මේ ශුද්ධ භූමියට පැමිණි තා කවුද?” රාත්‍රී මැදියම පසුවීමත් සමඟ තොවිලයේ ප්‍රධාන ඇදුරා හෙවත් ගුරුන්නාන්සේගේ ප්‍රතාපවත් හඬ, එතෙක් බෙර හා මන්ත්‍ර හඬින් පිරී තිබූ පරිසරයට ඉන් පසු ආරෝපණය වූ නිහඬතාව සුනු විසුණු කරමින් දසත පැතිර යනු ඇසෙයි. එහෙත් තොවිලයේ …




