
![]()
තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙන් විශේෂ දැනුම්දීමක්
”Lanka Government Cloud” සේවාව බිඳ වැටීම හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතා වළක්වා ගැනීම සඳහා විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. එහි ඩිජිටල් ආර්ථික උපදේශක සුමුදු රත්නායක සඳහන් කළේ තම උප්පැන්න සහතිකය මීට පෙර දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගැනීමට හැකියාව තිබූ බවයි. කෙසේ වෙතත් …
හෙට පැය 30ක ජල කප්පාදුවක්
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (20) දිනයේ පැය 30ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ හෙට පෙරවරු 8.00 සිට පසුදින එනම් අනිද්දා (21) ප.ව.2.00 දක්වා වූ කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි. ගාල්ල, …
අදත් තද වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (19) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. බස්නාහිර, සබරගමුව, …
ආදායම් බලපත්‍ර නැති වාහනවලට සහන කාලයක්
ලංකා රාජ්‍ය මේඝය (එල්.සී.ජී) පද්ධතිය සතියක පමණ කාලයක සිට නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා බස්නාහිර හැර සෙසු පළාත්වල වාහන ආදායම් බලපත්‍ර සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය සාධාරණ සහනය අවස්ථානුකූලව රියැදුරන් වෙත ලබා දෙන මෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සියලුම උසස් පොලිස් නිලධාරින්ට සහ ස්ථානාධිපතිවරුන්ට …
රාජාංගනය, අංගමුව සහ කලාඔය ජලාශ අවට ජනතාවට දැනුම්දීමක්
වැව් පෝෂක ප්‍රදේශයට ලැබෙන අධික වර්ෂාපතන තත්ත්වය හා ඉදිරියේ ඇති විය හැකි කුණාටු තත්ත්වය මත රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ ජලාශයේ ජල ස්ථායි මට්ටමක පවත්වා ගැනීම සඳහායි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අංගමුව ජලාශයේද වාන් මට්ටමට ළඟා වෙමින් …
නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය යළි දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය සඳහන් කළේ අද (18) පස්වරු 4.00 දක්වා වූ කාලය තුළ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය බලාත්මක වන බවයි. ඒ අනුව …

මතට ඇබ්බහිවූවන්ට ‘ඉවත්වෙනු’ කීමෙන් ඔබ්බට;
පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස රටටම ස්ථිරසාර ඉල්ලීමක් කළේය. ඒ, වර්ධනය වන සමාජ ව්‍යසනයක් ලෙස ඔහු විස්තර කළ විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තියට එරෙහි සටනට එක්වන ලෙස සෑම පුරවැසියෙකුගෙන්ම ඉල්ලා සිටීමයි. අමාත්‍යවරයා පැහැදිලි කළේ රජයේ නව ජාතික වැඩසටහන මගින් නීති විරෝධී මත්ද්‍රව්‍ය සැපයුම් දාමය නැවැත්වීමට පමණක් නොව, දැනටමත් ඇබ්බැහිවීම තුළ සිරවී සිටින පුද්ගලයින්ගේ පුනරුත්ථාපනයට හා සුවය ලැබීමට ද සමාන වැදගත්කමක් ලබා දෙන බවයි. මෙම වැඩපිළිවෙළේ දී ඔහු වැඩිදුරටත් හෙළි කළේ නාවික හමුදාව අනෙකුත් ආරක්ෂක අංශ …

බේගල් නම් වන හිටිවන නළුකම
ලෝකය රඟමඬලකි. සියලු පිරිමින් සහ කාන්තාවෝ හුදෙක් එහි රඟන්නෝ වෙති. “All the world’s a stage, And all the men and women merely players” යන ඉහත සඳහන් වාක්‍යය මෙලෙසින්ම හෝ යම් යම් වෙනස්කම් සහිතව හෝ ඔබ අසා තිබෙනවාට සැක නැත. එමෙන්ම මෙය දහසයවන සියවසත් දහහත්වන සියවසත් අතර එංගලන්තයේ විසූ මහා කවි, …

ප්‍රජාතන්ත්‍රවාදයේ අපට මඟ හැරුණු පැත්තක් ද තිබේ – ආචාර්ය සනත් මහවිතානගේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රටක ප්‍රජාතන්ත්‍රවාදය නංවාලීම සඳහා පාර්ලිමේන්තුව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබයි. නමුත් ජනප්‍රිය මතය සහ සෑම කෙනෙකුම සිතා සිටිනා ආකාරය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම පාර්ලිමේන්තුවට හෝ දේශපාලනඥයන්ට හෝ දේශපාලන පක්ෂයකට පමණක් සීමා වූ තත්වයක් ලෙසිනි. එනිසා පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනා වෙනස් වූ පසු, රජය පෙරළුනු පසු සියලු ගැටලු අර්බුද විසඳෙනු ඇතැයි මහජනතාවගෙන් වැඩිදෙනෙක් අපේක්ෂා කරති. එසේ නැතහොත් දියසේන කුමාරයා පහළ වී සියල්ල නිවැරදි කරාවි යනුවෙන් බලා සිටින පිරිසකුත් …
සතුන් ගේ කතා බහ තේරුම් ගත හැකි කාලය ඇවිත්!
අප කුඩා කාලයේ ඇසූ බොහෝ කතාන්දර වල සතුන් කතා බස් කරන අන්දම විස්තර විය. ඒ අතර සතුන් සහ මිනිසුන් අතර සිදු වන කතා බස් පිළිබඳ කතා පුවත් ද අපි කොතෙකුත් අසා ඇත්තෙමු.ඒ අතුරින් දයානන්ද ගුණවර්ධන සූරීන් විසින් 1960 වසරේ නිපදවනු ලදුව තවමත් ජනප්‍රියත්වයේ ඉහළම මට්ටමක පවතින “නරි බෑණා” නාට්‍යයට පදනම් වූ “නරියා සහ ගම දුව’ සහ ‘කළ උපකාරය පස්සෙන් එළවීම’ වැනි ජන කතා මිනිස් සත්ව කතා බහ …
බෝම්බ තර්ජන නිසා ඉන්දීය ගුවන් ගමන් ක්‍ෂේත්‍රය අවුල් වෙයි
පසුගිය බ්‍රහස්පතින්දා (24) ඉන්දියාවේ මුම්බායි හි සිට කටුනායක ගුවන් තොටුපල වෙත ගමන් කරමින් තිබූ ඉන්දියානු ගුවන් යානයක බෝම්බයක් ඇති බවට කිසියම් පාර්ශ්වයක් කළ දැනුම් දීමක් නිසා එම යානය ක්‍ෂණිකව ගුවන් තොටුපලට ගොඩ බස්සවා මගීන් ඉන් ඉවත් කර සම්පූර්ණ පරීක්‍ෂාවක් කිරීමට අදාළ ආරක්‍ෂක අංශවලට සිදු විය. නමුත් අවසානයේ හෙලි වූයේ එය ව්‍යාජ අනතුරු ඇඟවීමක් බවයි. මෙම සිද්ධියට මුහුණ දුන්නේ එදින පස්වරු 3 ට පමණ කටුනායකට සේන්දු වූ විස්තාරා …
මහ මැතිවරණය නොවැම්බර් 19, 20, 21,දින තුනෙන් එකක? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
2024 පාර්ලිමේන්තු මහ මැතිවරණ දිනයේ වෙනසක් සිදු වන බවක් පෙනේ.පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා දින නියම කෙරුණු ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථානුකූල ප්‍රකාශයෙහි ඇති නෛතික දෝෂමය තත්වයක් නිසා එම මැතිවරණය කල් යා හැකි ලකුණු පවතින බවට අප විසින් පසුගියදා ලිපියකින් හෙලි කරන ලදී.මේ වන විට එම ගැටළුව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම ගොස් ඇති බව පෙනේ. මේ කරුණ පිළිබඳව පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ තහවුරු කිරීම සඳහා නොවැම්බර් 4 දිනයට කැඳවීමට නියෝග නිකුත් කර ඇත.ඒ අනුව …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

“එක පාරටම තද පපුවේ කැක්කුමක් ඇල්ලුවා දැන් ඒක හරි”කියා සැනසෙන්න ඔබටත් පුළුවන් ද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
හිස කෙස්, නියපොතු ආදී ස්නායුමය සබැදියාවක් නොමැති කොටස් හැරුණු කොට අප ශරීරවල ඉන්ද්‍රිය පද්ධතියේ ඕනම තැනකින් ඕනෑම වේලාවක කවර හෝ මාදිලියක වේදනාවක් ඇති විය හැක.මෙය ජීවීන් වශයෙන් අප සියළු දෙනාට හිමි පොදු උරුමයකි. එහෙත්, විවිධ වේදනා කැක්කුම් සම්බන්ධයෙන් ඇතැමුන් පවසනුයේ “මම නම් ඔය වේදනා කැක්කුම් ඒ තරම් ගණන් ගන්නේ නෑ” යනුවෙනි. දත් කැක්කුම, හිස කැක්කුම ආදී වශයෙන් ශරීරයට දැනෙන සෑම වේදනාවක්ම ස්නායු පද්ධතියේ කිසියම් ව්‍යාකූලත්වයක් අඟවන්නක් සේම ඒ බොහොමයකින් අප ගේ සෞඛ්‍යය සම්බන්ධ ආනතුරු හැඟවීම් …

No posts found.

මිනිසුන්ට මිනිසත් කම උගන්වා අතුරුදන් වූ ටොමියා
මිනිසා මනසින් කොතරම් උසස් වුවද ඇතැම් අවස්ථාවලදී මිනිසුන් පරයන උසස් ගති ලක්ෂණ තිරිසන් සතුන් තුළින් විද්‍යමාන වේ. මේ අතරින් සුනඛයන්, අලි ඇතුන් වැනි සතුන් ප්‍රධාන ය. එවැනි උතුම් සුනඛයකු පිළිබඳව මේ කතාව අපට දැනගන්නට ලැබුණේ උපේක්ෂා නම් යුවතියක වෙතිනි. උපේක්ෂාව අපට මුණ ගැස්වූයේ අනුරාධපුර සුනඛ මිතුරු සංසදයයි . මෙම සංසදය වෛද්‍යවරුන්, නීතිඥවරුන් වැනි සිවිල් සමාජයේ …
.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?
විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …
දෙමලිය – වන්දම අලි නිජබිම හා අලි මංකඩ බුත්තල ප්‍රාදේශීය ලේකම් සමාගම්වලට බදු දෙයි
මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ව්‍යාප්තව ඇති අලි – ඇතුන් ගේ නිජබිම වන දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරයට අයත් රහතන්ගම …

ප්‍රේක්ෂකයන් වසඟයට ගත් දෘශ්‍යම් චිත්‍රපට මාලාවේ තුන්වැනි කොටසක්
ජැක්සන් ඇන්තනී සහ දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිත නිරූපනය කළ ධර්ම යුද්ධය චිත්‍රපටය සිනමාලෝලීන්ට තවමත් මතක ඇතුවාට සැකයක් නැහැ. මෙම සිනමාපටය නිශ්පාදනය වූයේ අතිශයින් ජනප්‍රිය වූ ඉන්දියානු චිත්‍රපටයක් ඇසුරෙනු යි. එහි …
තිත්ත සීනි ගැන ඔබට කියා දෙන “සීනි අම්මලා” ගේ කතා
‘සීනි අම්මලා’ සහ ‘සීනි තාත්තලා’ පිළිබඳ කතා මෑතක සිට අපට වැඩි වශයෙන් අසන්නට ලැබුණු ජනප්‍රිය කාරණා වන අතර මේ වසරේ මුල් භාගයේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු Sugar Mama චිත්‍රපටය, මේ පිළිබඳ …

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?
සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …
බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්
ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

ගම් මඩු විවිධ ප්‍රසංග
මේ වන විට දක්නට නොලැබෙන හෝ ඇතැම් විට නාගරික ජනාවාසයන්හි සංදර්ශනයක ස්වරූපයෙන් ඉදිරිපත් කෙරෙන මඩු ශාන්ති කර්ම යනු ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම පහත රට නර්තන සම්ප්‍රදායට අයත් ජන කලා අංගයකි. එපමණක් නොවේ; එය සශ්‍රීකත්වය හා වසංගත රෝග නිවාරණය අරමුණු කරගත් දෙවියන් උදෙසා පවත්වනු ලබන සාම්ප්‍රදායික ප්‍රජා යාතු කර්මයක් ද වේ. නමුත් …
වික්ටෝරියානු සදාචාරය තුට්ටු දෙකට දැමූ අපේ ජන කලාව
දේශීය ජන සංස්කෘතියට අයත් බලි, තොවිල්, ශාන්තිකර්ම ඇතුළු යාතු කර්මවල සේම සොකරි, කෝලම් සහ නාඩගම් ආදී ජන රංගන තුළින් ලිංගිකත්වය මනාව හුවා දැක්වීම ගැන වත්මන් සමාජය තුළ විද්වත් කතිකාවන් නිර්මාණය වී තිබේ. එමෙන්ම, මේවා ශිෂ්ටාචාරගත සමාජය විසින් ප්‍රතික්ෂේප කළ යුතු ගෝත්‍රික, නොදියුණු අංග බව ද ඇතැම්හු පවසති. නමුත් ඉහත සඳහන් …





