
![]()
වසර 25කට පසු නුවරඑළියේ සීතල වැඩි වෙයි
වසර විසිපහකට පසුව නුවරඑළියේ අවම උෂ්ණත්වය ඊයේ (22) පෙරවරු 8.30න් අවසන්වූ පැය 24 තුළදී සෙල්සියස් අංශක 3.5 (තුනයි දශම පහක) අගයක් වාර්තා විය. මෙවැනි අවම අගයක් වාර්තාවී ඇත්තේ 2000 වසරට පසුවයි.නුවරඑළිය ග්‍රෙගරිවැව පරිශ්‍රය, තුරග තරග පිටිය, ගොල්ෆ් ක්‍රීඩාංගණය සහ වික්ටෝරියා උද්‍යානය, එළවළු වගා භූමි සහ …
එංගලන්තයට එරෙහි පළමු එක්දින තරගයෙන් ලංකාවට ලකුණු 19ක ජයක්
එංගලන්තයට එරෙහි පළමු එක් දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ලකුණු 19කින් ඊයේ(22) ජය ගත්තේ ය. ලකුණු 272ක ඉලක්කයක් හඹා ගිය එංලන්තයට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 252 ක් පමණයි.තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක තීරණය කළේ පළමුවෙන් පන්දුවට …
ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (23) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් …
ලාල් කාන්ත ලවා “බැලුම්” පිම්බවිය යුතුයි
සිවුර, කළු කෝට් එක හෝ ජාතික ඇඳුම නොබලා ප්‍රහාර එල්ල කරන බවට කේ.ඩී ලාල්කාන්ත අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය අනීතික මෙන්ම වගකීම් විරහිත ප්‍රකාශයක් බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.උන්වහන්සේ පෙන්වා දෙන්නේ ලාල්කාන්ත අමාත්‍යවරයාගේ මෙම හැසිරීම තුළින් නීතියට, ශාසනයට සේම ජාතියටම තර්ජනයක් එල්ල වන බවයි.ලාල්කාන්ත …
කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (21) ඒකක 182.58කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව එය ඒකක 23,806.32කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 9.8ක් ලෙසයි …
2026 T20 ලෝක කුසලාන තරග කාලසටහනේ වෙනසක් නෑ – ICC
2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහනේ වෙනසක් සිදුනොකරන බවත්, තරගාවලිය සැලසුම් කළ පරිදි පවත්වන බවටත්, ICCය ඊයේ (21) නිවේදනය කරනලදි. ඒ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මණ්ඩල සාමාජිකයින් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි. බංග්ලාදේශය 2026 T20 ලෝක කුසලාන තරග’ ඉන්දියාවේදී ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාලය …

වෛද්‍ය වර්ජනය ස්ථාන මාරු අර්බුදය මැද අසරණ වන රෝගී ජීවිත – විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඉකුත් 2 වැනිදා පෙරවරු 8 සිට පැය 24 පුරා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළේය. ඔවුන් පවසන පරිදි මෙවර සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් සඳහා වන පත්වීම් ක්‍රමය වෙනස් කිරීම සහ අනෙකුත් වෛද්‍ය ස්ථාන මාරුවීම් පටිපාටියට දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවීමට ඉඩකඩ සැලසීම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ. සාමාන්‍යයෙන් සීමාවාසික වෛද්‍යවරුන් තම පුහුණු කාලසීමාව නිමා කළ පසු, ඊළඟ සේවා ස්ථානය තීරණය කරනු ලබන්නේ ඔවුන් මහන්සි වී පාඩම් කර ලබාගත් ලකුණු ප්‍රමාණය මත පදනම් වූ කුසලතා පටිපාටියකට අනුවය. එහෙත් නව ක්‍රමය …

යකාටත් මචං කියූ යක්ෂ යක්දෙස්සෝ
මිනිස් සිරුරකට බාහිරින් අද්භූත බලවේග පිවිසිය හැකි බවට ලොව පුරා පැතිර ගිය ජන විශ්වාසයක් තිබේ. විද්‍යාත්මක වශයෙන් මුළුමනින් ප්‍රතික්ෂේප වුව ද යක්ෂයන්, භූතයන්, ප්‍රේතයන් හෝ වෙනත් අදෘශ්‍යමාන පාරභෞතික ශක්තීන් මිනිස් සිරුරු තුළට පිවිසීම සම්බන්ධයෙන් ලොව සෑම ආගමික සංස්කෘතික ධාරාවක ම සාකච්ඡාවට බඳුන් ව තිබේ. ප්‍රධාන වශයෙන් සංස්කෘතික, ආගමික, විද්‍යාත්මක හා …

අපේ රටේ හොඳම නත්තල් කෑම මේසය ඇත්තේ පුංචි රෝමයේ ද? පුංචි ඉතාලියේ ද?
“ඉස්සර සරුවටම නත්තල් තිබුණේ පුංචි රෝමයේ තමයි. නමුත් දැන් අපේ පුංචි ඉතාලියේ නත්තල් ඊට වඩා සරුයි.”පුරා දශක තුනක් ඉතාලියේ නාපොලි හි ජීවත් වූ මගේ පැරණි හිතවතකු වන රෝයි නෙල්සන් පසුගිය දිනෙක මා හා කීය. ඒ මෙවර නත්තල් කෑමට වෙන්නප්පුවේ පිහිටි තම නිවසට පැමිණෙන ලෙස ඇරැයුමක් ද කරමිනි. නත්තල යනු සමස්ත ලෝ වැසි කිතුණුවන් ගේ අති උතුම් ආධ්‍යාත්මික සැමරුම බව නිසැක ය. එහෙත්, එහි පවත්නා ආධ්‍යාත්මික අගයට අමතරව …
දකුණු කොරියානු ජනාධිපති ගෙදර යැවීමේ අරගලයේ තවත් පියවරක් ඇරඹේ
ශ්‍රී ලාංකිකයන් ද විශාල පිරිසක් ජීවත් වන දකුණු කොරියාව මේ වනවිට ලොකු දේශපාලන අර්බුදයකට ගොදුරු වී සිටියි. එරට ජනාධිපතිවරයා වන යූන් සුක් යෝල් ගෙදර යැවීම සඳහා එරට ජනතාව ද, විරුද්ධ පක්‍ෂ ද දැන් ටික දිනෙක සිට විශාල අරගලයක් දියත් කර තිබේ. මෙයට දින කිහිපයකට පෙර ඔහුට එරෙහි දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුව තුළ සම්මත වූ අතර දැන් මෙම අරගලයේ ඊළඟ පියවර ආරම්භ වී ඇත. එනම් දෝෂාභියෝගයට අදාළව එරට ව්‍යවස්ථාදායක අධිකරණය …
ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිනුම වහා නැවත ඇරඹිය යුතු වැඩිහිටි අසරණ සරණ සේවාවකි – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු පොලිය වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරි අයවැයෙන් අවධානය යොමු කොට ඇති බව සභානායක ඇමැති බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ දී පවසා තිබේ.ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුකරනු ඇතැයි ද ඔහු පවසා ඇත.ජාතික ජන බලවේගයේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථිර තැන්පත් පොලී අනුපාතය සාමාන්‍ය පොලී අනුපාතයට වඩා සියයට පහකින් ඉහළ දමන බවට සඳහන්ව තිබෙන මුත් මේ වන විට එය 7.5% දක්වා වන පහළ …
ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනය වීමට වෙනත් කිසිදු පාර්ශ්වයකට ඉඩක් දෙන්නේ නෑ – ශ්‍රී ලංකා ජනපති ඉන්දියාවේදී ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් දකුණු ආසියානු කලාපය තුළ වෙනත් පාර්ශ්වයකට කිසිදු බලපෑමක් ඇති කරන්නට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර දිසානායක සිය ඉන්දීය සංචාරයේ දී සහතික කොට ප්‍රකාශ කර සිටි බව BBC ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය බොහොමයක් වාර්තා කර තිබිණි. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පිළිබඳ චීනය මෙතෙක් නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් ඉදිරිපත් කොට නොමැති අතර මේ කලාපය තුළ ඉන්දියාව සහ චීනය අතර පවතින උපායමාර්ගික …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

වෛද්‍ය වරුන් ඉදිරියේ දී ඔබත් මෙවැනි කෙනෙක් ද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
මෑතකදී වෛද්‍යවරයකු වෙත පැමිණි‚ එක්තරා රෝගියෙකු වෛද්‍යවරයා තම රෝගය ගැනත්, ප්‍රතිකාර ගැනත් දෙන ලද උපදෙස් සාවධානව අසා හිඳ අන්තිමේ මෙවැනි ප්‍රශ්නයක් නැගුවේය. “ඩොක්ටර් මං ඉදල හිටල පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තට කමක් නැද්ද?˜ ඉදහිට ඉතා කලාතුරකින් මත්පැන් ස්වල්පයක් ගැනීමෙන් එම රෝගයට බලපෑමක් ඇති නොවන බව වටහා ගත් වෛද්‍යවරයා එය කලාතුරකින් ඉතා ස්වල්පයක් ලෙස සලකා වරදක් නැතැයි කීය. ඕනෑම වෛද්‍යවරයකු තමන් කරා එන රෝගියකුට ප්‍රතිකාර නියම කර තවත් පිළිපැදිය යුතු දේවල් පිළිබද උපදෙස්ද ලබා දීම සාමාන්‍ය ස්වභාවයයි …

No posts found.

No posts found.
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


ලංකාවට ඉදිරියේ දී සුළි කුණාටුවලින් වැඩි අවදානමක් ?
මෙම සටහන ලියන අවස්ථාව වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් තිබූ ඇතැම් කටකතාවලින් පැවසුණේ ලඟදීම ශ්‍රී ලංකාවට තවත් සුළි කුණාටුවක් කඩා වදින්නට ඉඩ ඇති බව යි …
COP 30 හරහා තව දුරටත් මුතුවන දේශගුණ උණුසුම
අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතලම ගෝලීය අර්බුදය වන දේශගුණික විපර්යාසය අප සිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස …

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්
නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …
පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!
වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

ගෙදර කියා ප්‍රකට ගෙවල් තුළ සැඟවුණු අතීත රස කතා
චීන අඩි හෙවත් චීනාඩි යනු මේ වන විට මුළුමනින් අභාවයට ගොස් ඇති ආත්මාරක්ෂක සටන් කලාවකි.නමුත් ඒ නම හා සම්බන්ධ `චීනාඩි ගෙදර’ නමින් හැඳින්වෙන නිවසක් බෙලිඅත්ත, කුඩාහීල්ල ප්‍රදේශයේ තිබේ. එයට එම නම ලැබී ඇත්තේ ඊට සම්බන්ධ යම් ඉතිහාසයක් නිසා ය. දහනව වන සියවසේ අග භාගයේ දී එම ප්‍රදේශයේ සේරුගහහේන නම් ඉඩමක …
වියපත් වූවන් පිළිබඳ සමාජමය ගැටළු වලට විසඳුම් නැත්තේ ඇයි? – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මේ වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පසුගිය දා අනාවරණය කොට ඇත. වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය …

වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා නොදත් පොලිස් ආඥා පනත – ප්‍රියන්ත ජයකොඩි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
පසුගියදා කොළඹ ප්‍රදේශයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමක මුලසුන හෙබවූ රජයේ මහජන ආරක්ෂක කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම නීතිඥ සුනිල් වටගල මහතා, තම බල ප්‍රදේශයෙන් පිටත පොලිස් බල ප්‍රදේශයක මත්ද්‍රව්‍ය වැටලීමක් කිරීම සම්බන්ධව පොලිස් ස්ථානාධිපතිවරයෙකු සභාවක් ඉදිරියේ දෝෂදර්ශනයට ලක් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් …
ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය
මිනිසාට ආගමක් අවශ්‍ය ද? යන සංවාදය ලොව පුරා නිබඳවම පවතින්නකි. එහිදී බොහෝ දෙනකුගේ අදහස වනුයේ, තමන්ගේ ලෞකික හා මරණයෙන් මතුව ඇතැයි විශ්වාස කරන පාරලෞකික අභිමථාර්ථ ඉටු කර ගැනීම හා ආරක්ෂාව තකා මිනිසා ස්වාභාවිකවම ආගම්වලට නැඹුරු වන බවකි. රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍රයන් හා බද්ධ වූ මෙම සංයුක්ත …




