
![]()
රජයේ රෝහල් කැන්ටින් වලින් සාමාන්‍ය ජනතාවට අසාධාරණයක්
රජයේ රෝහල් තුළ ක්‍රියාත්මක වන ආපන ශාලාවල ටෙන්ඩර් කොන්දේසි අනුව මිල ගණන් නියම වී තිබුණද, අඩු මිලට ආහාරපාන ලබා ගැනීමේ පහසුකම් ඇත්තේ රෝහල් කාර්ය මණ්ඩලයට පමණක් බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පෙන්වා දෙයි.එබැවින් මේ තත්ත්වය වෙනස් කර, …
ලෝකයේ මධුසමය ගත කිරීමට හොඳම ස්ථාන 25 අතර ස්ථාන 3ක්ම ලංකාවේ
2026 වසරේ ලෝකයේ මධුසමය ගත කිරීමට හොඳම ස්ථාන 25 අතර ස්ථාන 3ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.ලොව ප්‍රසිද්ධ සංචාරක උපදේශක ආයතනයක් වන ‘ට්‍රිප් ඇඩ්වයිසර්’ විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම වාර්තාවට අනුව මෙම ස්ථාන හිමිව ඇති බව සඳහන් වේ. ලෝකයේ මධු සමය ගත කිරිමට හොඳම …
ජනපති යාපනයේ දී කළ වෛරයෙන් සිල් ගන්න කතාව ගැන CID යට පැමිණිල්ලක්
පොහෝ දිනයන්වලදී ඇතැමුන් පෙහෙවස් සමාදන් වීම සඳහා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුකර යාපනයට පැමිණීමෙන් පෙන්නුම් කරන්නේ සීලය නොව වෛරය බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේදී සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධව පූර්ණ පරීක්‍ෂණයක් සිදු කරන ලෙස පිවිතුරු හෙළ උරුමය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)ට ඊයේ (19) …
ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව ඉහළට
2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතා අනුපාතය සියයට 38.4 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයෙන් හෙළි වී තිබේ. නාගරික අංශය සියයට 52.1 ක් ලෙස ඉහළම සාක්ෂරතා අනුපාතය වාර්තා කර ඇති අතර, ග්‍රාමීය අංශය සියයට 36.6 ක් සහ වතු …
හය ශ්‍රේණියේ මොඩියුලය හැදූ නිලධාරින්ගේ වැඩ තහනම්
හය ශ්‍රේණියේ ප්‍රශ්න ගත මොඩියුල් සකස් කිරීමට වගකිව යුතු නිලධාරීන්ගේ වැඩතහනම් කිරීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම තීරණය අද (19) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඉහළ තනතුරු දරන නිලධාරීහු දෙදෙනෙක් ද මේ අතර වෙති. මෙම තීරණය ගෙන ඇත්තේ ඒ සම්බන්ධයෙන් සොයා …
නැගෙනහිර පළාතේ වෛද්‍ය වර්ජනයක්
අද (19) පෙ.ව. 8.00 සිට නැගෙනහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍ය වර්ජනයක් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරයි. මෙය තෛපොංගල් උත්සවය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ එකක් බව ද එම සංගමය පවසයි …

වෛද්‍ය වර්ජනය ස්ථාන මාරු අර්බුදය මැද අසරණ වන රෝගී ජීවිත – විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඉකුත් 2 වැනිදා පෙරවරු 8 සිට පැය 24 පුරා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළේය. ඔවුන් පවසන පරිදි මෙවර සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් සඳහා වන පත්වීම් ක්‍රමය වෙනස් කිරීම සහ අනෙකුත් වෛද්‍ය ස්ථාන මාරුවීම් පටිපාටියට දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවීමට ඉඩකඩ සැලසීම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ. සාමාන්‍යයෙන් සීමාවාසික වෛද්‍යවරුන් තම පුහුණු කාලසීමාව නිමා කළ පසු, ඊළඟ සේවා ස්ථානය තීරණය කරනු ලබන්නේ ඔවුන් මහන්සි වී පාඩම් කර ලබාගත් ලකුණු ප්‍රමාණය මත පදනම් වූ කුසලතා පටිපාටියකට අනුවය. එහෙත් නව ක්‍රමය …

යකාටත් මචං කියූ යක්ෂ යක්දෙස්සෝ
මිනිස් සිරුරකට බාහිරින් අද්භූත බලවේග පිවිසිය හැකි බවට ලොව පුරා පැතිර ගිය ජන විශ්වාසයක් තිබේ. විද්‍යාත්මක වශයෙන් මුළුමනින් ප්‍රතික්ෂේප වුව ද යක්ෂයන්, භූතයන්, ප්‍රේතයන් හෝ වෙනත් අදෘශ්‍යමාන පාරභෞතික ශක්තීන් මිනිස් සිරුරු තුළට පිවිසීම සම්බන්ධයෙන් ලොව සෑම ආගමික සංස්කෘතික ධාරාවක ම සාකච්ඡාවට බඳුන් ව තිබේ. ප්‍රධාන වශයෙන් සංස්කෘතික, ආගමික, විද්‍යාත්මක හා …

ඇමැති ලාල්කාන්ත ගොවීන් ව නීති විරෝධී ක්‍රියා සඳහා පොළඹවයි – සජීව චාමිකර
වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමේ දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් ම නීති විරෝධී ප්‍රකාශයකි. මෙවන් ප්‍රකාශ ව්‍යවස්ථාදායකය තුළ සිට ප්‍රකාශ කිරීමෙන් පෙනී යන්නේ වත්මන් ආණ්ඩුව ජනතාව සමඟ සම්මුති ගත වූ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන ශිෂ්ඨසම්පන්න පුරවැසියෙක්, දියුණු මානව සම්පතක් …
ජනතා විරෝධය හමුවේ දකුණු කොරියානු ජනාධිපතිට ගෙදර යන්න වෙයි ද?
මේ වනවිට දකුණු කොරියානු දේශපාලන ක්‍ෂේත්‍රය සුළි කුණාටුවකට හසු වී ඇති ආකාරයක් දැකිය හැකි වේ. මෙම සටහන ලියන අවස්ථාව වනවිට රට තුළ වූයේ දැඩි ව්‍යාකූල සහ කැළඹුණු තත්වයකි. මෙම තත්ත්වය ඇති වූයේ එරට ජනාධිපතිවරයා වන යූන් සුක් යෝල් පසුගිය අඟහරුවාදා (03) රාත්‍රියේ හිටිහැටියේ ජනතාව අමතමින් රට තුළ යුද නීතිය (Martial Law) ප්‍රකාශයට පත් කිරීමත් සමග ය. කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මෙම පියවර නිසා රට තුළ මෙන්ම ජාත්‍යන්තරය තුළ …
ඇමති ලාල් කාන්ත කියන විදිහට වන සතුන් මරා ගොවි බිම් බේරා ගත හැකි ද?
සිය වගා බිමට පැමිණෙන ඕනෑම වන සතෙකු මරා දැමීමට ගොවීන්ට කිසිදු නීතිමය බාධාවක් නැතැයි කෘෂිකර්ම, වන සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමතිවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පවසා සිටි අතර මෙය වගකීම් විරහිත බරපතළ ප්‍රකාශයක් බව විවිධ පාර්ශ්වයන් විසින් පෙන්වා දෙනු ලැබ තිබේ. මුලින්ම මහනුවර දිස්ත්‍රික්කයේ රිළවුන්ගෙන් සිදු වන වගා හානි පිළිබඳ පවසමින් ආරම්භ කළ මේ ප්‍රකාශය පසුව සමස්ත ගොවි ජනතාවට වන සතුන්ගෙන් සිදු වන හානි දක්වා විහිදී ගිය …
සුව කළ නොහැකි රෝග ඇති බ්‍රිතාන්‍ය වැසියන්ට දිවි නසා ගැනීමට අවසර දෙන පනතක්
සුව කළ නොහැකි මාරාන්තික රෝගවලට සහ දරුණු ආබාධවලට ගොදුරු වී සිටින ඇතැම් පුද්ගලයන් ගත කරන්නේ කායිකව මෙන්ම මානසිකව ද ඉතා වේදනාකාරී ජීවිත බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔවුන් විඳින වේදනාවන් ගැන බොහෝ විට තව කෙනෙකුට තේරුම් ගැනීමට පවා අපහසු යි. මෙවැනි වේදනාකාරී ජීවිත ගත කරන රෝගීන්ට ඇතැම් අවස්ථාවල ජීවිත නැති කර ගැනීමට පවා සිතෙන බව ද රහසක් නොවේ. නමුත් සිය දිවි හානි කර ගැනීම බොහෝ රටවල නීතියෙන් …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

වෛද්‍ය වරුන් ඉදිරියේ දී ඔබත් මෙවැනි කෙනෙක් ද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
මෑතකදී වෛද්‍යවරයකු වෙත පැමිණි‚ එක්තරා රෝගියෙකු වෛද්‍යවරයා තම රෝගය ගැනත්, ප්‍රතිකාර ගැනත් දෙන ලද උපදෙස් සාවධානව අසා හිඳ අන්තිමේ මෙවැනි ප්‍රශ්නයක් නැගුවේය. “ඩොක්ටර් මං ඉදල හිටල පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තට කමක් නැද්ද?˜ ඉදහිට ඉතා කලාතුරකින් මත්පැන් ස්වල්පයක් ගැනීමෙන් එම රෝගයට බලපෑමක් ඇති නොවන බව වටහා ගත් වෛද්‍යවරයා එය කලාතුරකින් ඉතා ස්වල්පයක් ලෙස සලකා වරදක් නැතැයි කීය. ඕනෑම වෛද්‍යවරයකු තමන් කරා එන රෝගියකුට ප්‍රතිකාර නියම කර තවත් පිළිපැදිය යුතු දේවල් පිළිබද උපදෙස්ද ලබා දීම සාමාන්‍ය ස්වභාවයයි …

No posts found.

No posts found.
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


ලංකාවට ඉදිරියේ දී සුළි කුණාටුවලින් වැඩි අවදානමක් ?
මෙම සටහන ලියන අවස්ථාව වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් තිබූ ඇතැම් කටකතාවලින් පැවසුණේ ලඟදීම ශ්‍රී ලංකාවට තවත් සුළි කුණාටුවක් කඩා වදින්නට ඉඩ ඇති බව යි …
COP 30 හරහා තව දුරටත් මුතුවන දේශගුණ උණුසුම
අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතලම ගෝලීය අර්බුදය වන දේශගුණික විපර්යාසය අප සිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස …

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්
නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …
පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!
වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

ගෙදර කියා ප්‍රකට ගෙවල් තුළ සැඟවුණු අතීත රස කතා
චීන අඩි හෙවත් චීනාඩි යනු මේ වන විට මුළුමනින් අභාවයට ගොස් ඇති ආත්මාරක්ෂක සටන් කලාවකි.නමුත් ඒ නම හා සම්බන්ධ `චීනාඩි ගෙදර’ නමින් හැඳින්වෙන නිවසක් බෙලිඅත්ත, කුඩාහීල්ල ප්‍රදේශයේ තිබේ. එයට එම නම ලැබී ඇත්තේ ඊට සම්බන්ධ යම් ඉතිහාසයක් නිසා ය. දහනව වන සියවසේ අග භාගයේ දී එම ප්‍රදේශයේ සේරුගහහේන නම් ඉඩමක …
වියපත් වූවන් පිළිබඳ සමාජමය ගැටළු වලට විසඳුම් නැත්තේ ඇයි? – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මේ වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පසුගිය දා අනාවරණය කොට ඇත. වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය …

වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා නොදත් පොලිස් ආඥා පනත – ප්‍රියන්ත ජයකොඩි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
පසුගියදා කොළඹ ප්‍රදේශයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමක මුලසුන හෙබවූ රජයේ මහජන ආරක්ෂක කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම නීතිඥ සුනිල් වටගල මහතා, තම බල ප්‍රදේශයෙන් පිටත පොලිස් බල ප්‍රදේශයක මත්ද්‍රව්‍ය වැටලීමක් කිරීම සම්බන්ධව පොලිස් ස්ථානාධිපතිවරයෙකු සභාවක් ඉදිරියේ දෝෂදර්ශනයට ලක් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් …
ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය
මිනිසාට ආගමක් අවශ්‍ය ද? යන සංවාදය ලොව පුරා නිබඳවම පවතින්නකි. එහිදී බොහෝ දෙනකුගේ අදහස වනුයේ, තමන්ගේ ලෞකික හා මරණයෙන් මතුව ඇතැයි විශ්වාස කරන පාරලෞකික අභිමථාර්ථ ඉටු කර ගැනීම හා ආරක්ෂාව තකා මිනිසා ස්වාභාවිකවම ආගම්වලට නැඹුරු වන බවකි. රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍රයන් හා බද්ධ වූ මෙම සංයුක්ත …




