
![]()
පළාත් සභා මැතිවරණය කඩිනමින්? යෝජනා සඳහා විශේෂ කාරක සභාවක්
පළාත් සභා ඡන්ද විමසීම කවර මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමට මෙන්ම ඒ පිළිබඳව යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ (20) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ අමාත්‍ය විජිත හේරත්ගේ සභාපතීත්වයෙන් යුත් …
නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි
දිස්ත්‍රික්ක 02ක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබේ. එම ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස දෙක සඳහා අවධානයෙන් පසුවන ලෙසයි. මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, …
T20 ලෝක කුසලානයේ සුපිරි 8 වටයේ තරග අද සිට
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග ආරම්භ කරමින් පළමු තරගය පාකිස්තානය හා නවසීලන්තය අතර අද (21) පැවැත්වේ. රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ප.ව. 7ට ආරම්භවීමට නියමිතයි.මූලික වටයේ ‘A’ කාණ්ඩයෙන් ක්‍රීඩාකළ පාකිස්තානය ඉන්දියාවට පමණක් පරාජය වී එහි …
අද ගිගුරුම් සහිත වැසි
අද (21) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බවත්, ඒ හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනලදි. ඒ අනුව උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් …
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති ධුරය ගුණරත්න වන්නිනායකට
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති ධුරය සඳහා පැවැති නිලවරණයෙන් විශිෂ්ට ජයක් ලැබීමට ජ්‍යෙෂ්ඨ නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා සමත්විය. එහිදී ඔහු ඡන්ද 211 ලබාගත් අතර ප්‍රතිවාදි අපේක්ෂකයා ලබාගෙන ඇත්තේ ඡන්ද 74 ක් පමණි . ඒ අනුව වැඩි ඡන්ද 137 කින් නිතීඥ ගුණරත්න වන්නිනායක මහතා සභාපති …
ඉදිරි පළාත් සභා ඡන්දය ගැන පාර්ලිමේන්තු කාරක සභාවක්
ඉදිරි පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීම සඳහා මෙන්ම ඒ පිළිබඳව යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ.ඒ අනුව, අමාත්‍ය විජිත හේරත්ගේ මහතා ගේ සභාපතිත්වයෙන් යුතුව මෙම කාරක සභාව …

හිටි හැටියේ “එර්දි” වූ විශ්ව ශක්ති කෘෂි උපදේශක
2021 අප්‍රේල් මාසයේ එවක රජය සිදු කළ රසායනික පොහොර සහ කෘමිනාශක ආනයන තහනමත් සමඟ මෙරට කෘෂිකර්මය මහත් අගාධයකට ඇද වැටෙමින් තිබිණි. ඉන් වසර එකහමාරකට පමණ පසු දිනෙක මගේ මිතුරෙකුගෙන් මට අසන්නට ලැබුණේ අදහාගත නොහැකි පුවතකි. එනම්, රසායනික තබා කාබනික පොහොරවත්, අවම වශයෙන් නිසි ජල සැපයුමක්වත් නොමැතිව මඩ ගොවිතැන මෙන්ම ගොඩ ගොවිතැන ද අතිසාර්ථක කරන “විශ්ව ශක්ති” කෘෂි උපදේශකයකු කළුතර දිස්ත්‍රික්කයේ වෙසෙන බවයි. මගේ මිතුරා පැවසූ අන්දමට, මෙම පුද්ගලයා ශ්‍රී ලංකාව විශ්වයේ කේන්ද්‍රය හෙවත් “මධ්‍ය ලක්ෂ්‍යය” බව විද්‍යාත්මකව ඔප්පු කර තිබේ.නමුත් එය බටහිර විද්වතුන් මෙතෙක් ලෝකයා …

කොටහළු නැටීමෙන් “බිග් ගර්ල් පාටිය”ට
පසුගිය දිනයෙක රාත්‍රී මැදියම ද පසු වන තෙක් අප නිවසට ඇසෙන මානයේ දුරකින් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් කෙරෙන මහා කාලගෝට්ටියක් අසන්නට ලැබිණි. අඩුම තරමින් ඒ අවට ජීවත් වූ පවුල් විස්සක තිහක වත් නින්දට බාධා කළ එය ව්‍යවහාරික වශයෙන් පැවසෙන අන්දමට දැරියක් වැඩිවියට පත්වීම මුල් කොට ගත් “බිග් ගර්ල් පාටි” (Big …

වන අලි ගැටළුව පොට පටලවා නොගෙන හරියට විසඳනවා නම් අවශ්‍ය සහයෝගය දෙන්න අපිත් සූදානම්! – ආර්.එම්.ජේ බණ්ඩාර පරිසර ක්‍රියාකාරී/වන ජීවී ඡායාරූප ශිල්පී
ඔන්න ඉතින් දැන් වන අලි පලවා හැරීම් සිදු කරන්න ගත්ත උත්සාහය අසාර්ථක වීමත් එක්ක ඒක අතරමඟ නතර වෙලා. ආරංචි විදිහට දැන් සූදානම් වෙන්නේ කුඹුරු වැඩ ඉවර වුණාට පස්සේ අලි රක්ෂිතවලට පලවා හරින්න. හැබැයි කුඹුරු වැඩ ඉවර වුණු ගමන් අලි රක්ෂිතවලට පලවා හරින්න කලින් කරන්න වැඩ ගොඩක් තියෙනවා. වන අලි ගැවසෙන ගම්මාන ආශ්‍රිත මාර්ග දෙපස මාර්ගයෙ ගමන් කරන කෙනාට අලි දෙපස ඉන්නවද? නැද්ද? කියලා පේන විදිහට එළි කරන්න …
“දෙවියන් වහන්සේ ජැක් පොට් මැෂිමක් නොවේ” මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් එහෙම කිව්වේ ඇයි? – රීටා ජෙනට් පෙරේරා
කිතුනු ඉගැන්වීම් වලට අනුව පෙනෙන හා නොපෙනෙන සියළු දේ මවා වදාළා වූ සර්ව බලධාරී දෙවියන් වහන්සේ විවේචනය කිරීමට හෝ උන් වහන්සේ අභියෝගයට ලක් කිරීමට කිසිවකුටත් නොහැක.එහෙත් උන් වහන්සේ මුල් කොට සමාජයට ලෝකයට දේව නියමයන් පදනම් කර ගත් පණිවිඩ ලබා දීමේ පූර්ණ හිමි කමක් කිතුනුවන් තුළ තිබේ.මා මෙසේ සඳහන් කළේ මෙවර නත්තල වෙනුවෙන් ජාඇල වික්ෂෝප දේවමාතා දේවස්ථානයේ දී ඉකුත් 24 වන දා රාත්‍රි 12.00ට පැවති ප්‍රධාන දේව මෙහෙයේ …
පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් හිරෙන් නිදහස් වෙයි ද?
ඉම්රාන් ඛාන් මුලින්ම ලෝක ප‍්‍රසිද්ධියට පත් වූයේ අති දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ය. එයින් පසු ඔහු දේශපාලනඥයකු ලෙස ද විශාල අවධානයක් දිනා ගත් අතර පසුව පකිස්තානයේ අගමැති පදවියට ද පත් වූයේය. මේ ආකාරයෙන් ක්‍ෂේත‍්‍ර කිහිපයක ඉහළටම ගිය ඔහු මේ වනවිට නම් සිටින්නේ සිර ගෙදරක යි. දැන් වසරකට වැඩි කාලයක සිට ඉම්රාන් බන්ධනාගාරගත කර සිටින අතර ඔහු රඳවා සිටින්නේ පකිස්තානයේ රාවල්පිණ්ඩි හි පිහිටි අදියාලා බන්ධනාගාරයේ යි. 2018 වසරේ …
වන අලින් පලවා හැර අලි-මිනිස් ගැටුමට විසඳුම් පැතීම මෝඩ කමකි – සුපුන් ළහිරු ප්‍රකාශ් (අලි-මිනිස් ගැටුම සම්බන්ධ පර්යේෂණ ගණනාවකට සක්‍රිය දායකත්වයක් දැක්වූ පරිසරවේදියෙකි)
විශාල ජන වරමක් සහිතව බලයට පැමිණි වත්මන් රජයේ ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු ගොන්නක් තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින විශාලතම සමාජාර්ථික හා පාරිසරික අභියෝගය වන අලි-මිනිස් ගැටුම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය ලෙස දක්වා ඇත්තේ ‘ගැටුම පාලනය කිරීමට වන අලි ගහනය, සංචරණ රටා හා වාසස්ථාන පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදුකර, ජීව විද්‍යාත්මක හා නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් ජන සහභාගීත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවය. නමුත් බලයට පැමිණ මසක් යන්නටත් …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …
හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

දියවැඩියාවට පෙර ඇති විය හැකි පෙරදියවැඩියාව
වයස 20 – 30 පසු වී 40 -50 වන විට ශරීරයේ පෙනුම වෙනස් වන අන්දම අපි දනිමු. ශරීරය ඇතුලාන්තය වෙනස් වන්නේත් මේ ආකාරයටම ය. අද අපි කතා කරන්නේ මේ විදියට ඇතිවන වෙනස්කම තුළින් ඇතැම් විට ලෙඩක් නිර්මාණය විය හැකි අන්දම පිළිබඳව ය. මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ පූර්ව දියවැඩියාව හෙවත් පෙරදියවැඩියාව ලෙසිනි. පෙරදියවැඩියාවෙන් පෙළෙන සමහරුන් නිරායාසයෙන්ම දියවැඩියාව තුළට ගමන් කරන්නේ එම පුද්ගලයාටවත් නොදැනෙන ආකාරයකිනි. ඔබේ ජීවිතයේ ඉදිරි කාලය ඔබගෙන් ඉවත් කරන්නට මෙම රෝගී තත්ත්වයට හැකියාවක් …

No posts found.

No posts found.
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ සරත් මාකාවිට නැවත ගිනිතබයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
රක්වාන නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන සරත් මාකාවිට නැවත වරක් සිංහරාජ අඩවියේ සුවිශේෂී ම වන මංකඩ, බෝටියතැන්න විනාශ කරමින් සිටී. මාණික්කවත්ත, බෝටියතැන්න නමින් හඳුන්වන මෙම …
ලංකාවට ඉදිරියේ දී සුළි කුණාටුවලින් වැඩි අවදානමක් ?
මෙම සටහන ලියන අවස්ථාව වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් තිබූ ඇතැම් කටකතාවලින් පැවසුණේ ලඟදීම ශ්‍රී ලංකාවට තවත් සුළි කුණාටුවක් කඩා වදින්නට ඉඩ ඇති බව යි …

දුක් කම්කටොළු මැදින් ජීවිතය ජයගත් රජිනිකාන්ත් මේ දවස්වල ජීවිත කතාව ලියනව ලු!
දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් මේ දිනවල රඟපෑමට අමතරව තවත් අපූරු කටයුත්තක නිරත වී සිටින බව වාර්තා වෙනවා. මේ ආරංචිවලින් පැවසෙන්නේ ඔහු දැන් ලේඛන කලාවටත් යොමු වී ඇති බව යි …
කෝලම් අතරින් මතුවන කාමධේනුව – ලෙන්චිනා
අධි පරිභෝජනය පදනම් කර ගත් වත්මන් නව ලිබරල්වාදී සමාජ ආර්ථික ක්‍රමය තුළ ලිංගිකත්වයට සුවිශේෂ අගයක් හිමිව ඇති බව නොරහසකි. ඒ, නූතන සමාජයීය පුරුෂාර්ථ අතරේ ඉහළම තැනක වැජඹෙන පංචකාම සම්පත් අතරට …

දිවි ගමන නිමා කළ හින්දි සිනමාවේ සුපිරි තරුව ධර්මේන්ද්‍රගේ ජීවිතයෙන් බිඳක්
හින්දි සිනමාවේ පුරාවෘත්තයක් බඳු වූ ජනපි‍්‍රය නළු ධර්මේන්‍ද්‍රගේ අභාවය බොහෝ සිනමා ලෝලීන් තුළ මහත් ශෝකයක් ඇති කළ සිදුවීමක් විය. වර්තමාන පරපුරේ සිනමා රසික රසිකාවියන් ඔහු ගැන එතරම් නොදනිතත්, නවසිය හැට හැත්තෑව අසූව දශකවල හින්දි චිත‍්‍රපට නැරඹූ සිනමාලෝලීන් ඔහුට මහත් ආදරය කළ බව රහසක් නොවේ. එකල ධර්මේන්‍ද්‍ර සැලකුණේ හින්දි සිනමාවේ කඩවසම්ම …
බොහෝ දෙනකු නොදත් කෙහෙල්බද්දර රණ විරුවා
මෑතක සිට අප ජන සමාජයේ වැඩිපුරම කතා බහට ලක් වන ග්‍රාම නාමයක් තිබේ. එනම් කෙහෙල්බද්දර යන්න ය. මේ දිනවල බහුලවම කතා බහට ලක් වන සංවිධානාත්මක අපරාධ කරුවකුගේ නමට ඉදිරියෙන් කෙහෙල්බද්දර යන ග්‍රාම නාමය භාවිතා වීම ඊට හේතුව වී තිබේ. ඒ ඔස්සේ අද වන විට ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් හිමිව තිබෙන කෙහෙල්බද්දර …

යමකු මිය යන්නට පෙර හෙළන අවසන් සුසුම යනු කුමක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“අවසන් සුසුම” යනු සාහිත්‍යයේ මෙන්ම සාමාන්‍ය ව්‍යවහාරයේදී මරණය හැඳින්වීමට බහුලවම යොදාගන්නා යෙදුමකි. මෙය සිංහල බසට පමණක් සීමා වූවක් නොවේ. ඉංග්‍රීසි භාෂාවේ ද “Last Breath” යනුවෙන් මෙය හැඳින්වෙන අතර, ස්වංසිද්ධ ශ්වසනය (Spontaneous Breathing) වැනි තත්ත්වයන් මුල් කොට මෙම අදහස ලොව පුරා එක සමානව දක්නට ලැබේ. කෙසේ වෙතත්, මෙම පොදු සම්මතය විද්‍යාත්මක …
මිනිසුන් පහුරු ගාන අප්‍රකට යක්ෂයා “පහුරුස්සා”
මිනිසුන් මරා දමන මහසෝනා හෝ ලේ බොන රීරි යකා ගැන අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු. එහෙත් මාරාන්තික නොවූවත්, සිරුරේ සීරීම් ලකුණු පමණක් තබන ‘පහුරුස්සා’ හෙවත් ‘පරුස්සා’ නම් අප්‍රකට යක්ෂයා පිළිබඳ ජනප්‍රවාදය මට මුල්වරට අසන්නට ලැබුණේ මා කුඩා දරුවකුව සිටි අවදියේ ය. ඒ යක්ෂ ප්‍රවෘත්තිය හා සබැඳුණු නිදාන කතාවක් ද වූ …




