
![]()
අපොස උසස් පෙළ ලබන වසර මුල
ලබන වසරේ මුල් කාල සීමාවේදී අපොස උසස් පෙළ විභාගය පවත්වන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. උද්ගත වී ඇති තත්ත්වය හමුවේ විෂය ආවරණය කර සිසු දරුවන්ට ඒ සදහා සූදානම් වීමට කාලය ලබා දී විභාගය පවත්වන බව හෙතෙම පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී …
කිරි පිටි මිල ඉහළ නගී
දැනට රුපියල් 380 කට අලෙවි කෙරෙන ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක් රුපියල් 520 දක්වාත් රුපියල් 940 කට විකුණන ආනයනික කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1300 දක්වාත් මිල ඉහල නැංවූ බව කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමය දන්වයි.ඔවුන් වැඩි දුරටත් පවසන්නේ තමන්ගේ මෙම තීරණය සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය ද දැනුවත් කළ …
15 දා සිට දුම්රිය ධාවනය ඇරඹෙයි
නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මකවීම හේතුවෙන් අත්හිටුවා දුම්රිය ධාවනය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ලබන 15 වැනිදා සිට යළි ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා කියයි. දුම්රිය මාර්ග සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමට හැටන් දුම්රිය ස්ථානයට ඊයේ(07) පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් …
ලබන වසරේ රජයේ වියදම් අඩු වෙයි
ලබන වසරේ අයවැය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අනුව ලබන වසරේ රජයේ වියදම පසුගිය වසරට වඩා රුපියල් කෝටි 3,300කින් අඩු කොට තිබෙනවා. පසුගිය වසරේ රජයේ වියදම සඳහා විසර්ජන පනත් කෙටුම්පත මඟින් වෙන් කළ මුදල් රුපියල් …
තේ වගාවට රසායනික පොහොර;තිරිඟු පිටි,කිරි පිටි,ගෑස් සිමෙන්ති උපරිම මිල අහෝසියි
තේ වගාව සඳහා මෙතෙක් පනවා තිබූ රසායනික පොහොර තහනම ඉවත් කොට තේ වගාව කෙමෙන් කාබනික පොහොර වලට අනුවර්තනය කරන තුරු ඒ සඳහා පෙර පරිදිම රසායනික පොහොර ආනයනය කිරීමටත් තිරිඟු පිටි,කිරි පිටි සහ සිමෙන්ති සඳහා මෙතෙක් පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමටත් ඊයේ(07)පැවැති කැබිනට් මණ්ඩල …
කීර්තිමත් හෘද ශල්‍ය වෛද්‍ය වයි.කේ . එම්. ලහී අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකාවේ කීර්තිමත් හෘද සහ උරස්කන්තුක ශල්‍ය වෛද්‍ය විශේෂඥ වරයකු වන වෛද්‍ය වයි.කේ.එම් ලහී මහතා අද(07)හදිසියේ අභාවප්‍රාප්ත විය. පසුගිය කාලයේ ශ්‍රී ලංකා ජාතික රෝහලේ සේවය කරමින් බයිපාස් ඇතුළු ශල්‍ය කර්ම මඟින් රෝගීන් දහස් ගණනක්ගේ ජීවිත බේරා ගත් ඒ මහතා එම සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රීමත් …

සමහරුන් සමාජ මාධ්‍ය කඩු කිනිසි ලෙස යොදා ගන්නේ ඇයි? – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
වර්තමාන සමාජ මාධ්‍ය අවකාශය දෙස බලන විට, එය ඉතා රළු සහ ආක්‍රමණශීලී ස්වභාවයක් ගෙන ඇති බව පැහැදිලිව පෙනේ. සමාජයේ පවතින අසාධාරණකම්වලට එරෙහිව කඩු කිනිසි වැනි තියුණු විවේචන අත්‍යවශ්‍ය බව ඇතැමුන් තර්ක කළද, මේවා පිටුපස තිබෙන්නේ එම පුද්ගලයන්ගේ ආවේගශීලී සහ කෝපසහගත මානසික පසුබිමයි. අන්තර්ජාලය තුළ සිදුවන මෙම හැසිරීම ‘සයිබර් ට්‍රෝලින්’ (Cyber Trolling) ලෙස හඳුන්වයි. මෙහි මූලික අරමුණ යහපත් අදහස් හුවමාරු කරගැනීම නොවේ. ඒ වෙනුවට සමාජය කලබල කිරීම, අන්තර්ජාලයේ සාමය නැති කිරීම සහ සමාජ ස්ථාවරත්වය බිඳ දැමීම සඳහා චේතනාන්විතවම ප්‍රකෝපකාරී, රළු හෝ අපහාසාත්මක පණිවිඩ මුදාහැරීම මෙහිදී සිදු …

දෙවොල් මඩුවේ සෙල්ලක්කාර කුරුම්බරයෝ
මගේ මතකය නිවැරදි නම් ඒ 1992 වසරයි. ඒ වසරේ මුල් භාගයේ දිනයෙක කිසියම් ලේඛන කිහිපයක් සපයා ගනු පිණිස මට මගේ බිරිඳගේ මහගෙදරට ගොස් එන්නට සිදු විය. එය පිහිටා ඇත්තේ බෙලිඅත්ත, කුඩාහීල්ලේය. එම පෙරවරුවේ මා එහි යන විට, කුඩාහීල්ල ‘හතේ කණුව’ හන්දිය අවට තරුණයන් හතර පස් දෙනා බැගින් වූ කල්ලි දෙක …

No posts found.

No posts found.

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …
හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

දරුවා අධ්‍යාපනයට අදක්ෂ ද?; හේතුව මෙතන තියෙන්න පුළුවන් – විශේෂඥ මනෝ වෛද්‍ය වෛද්‍ය රුමී රූබන්
අධ්‍යාපන හැකියාව සම්බන්ධයෙන් බලන විට එක් එක් දරුවන් ගේ එය එකිනෙකට වෙනස් ය. සමහර දරුවන් ඉගෙනීමට දක්ෂ නැත. තවත් සමහර දරුවන් දක්ෂතාවය තිබුණත් උනන්දුව අඩු ය. මේ කුමක් වුවද එහි අවසන් ප්‍රතිඵලය වන්නේ දරුවා අධ්‍යාපනයේ දී පසුගාමී වීම ය. දරුවන් තුළ මෙවැනි තත්ත්වයක් ඇතිවන හේතු බුද්ධි වර්ධනයේ ගැටලු, ඩිස්ලෙක්ෂියා (Dyslexia ) මානසික ආබාධය වැනි විශේෂිත ඉගෙනුම් අපහසුතා, අවධානය යොමු කිරීමට නොහැකි විවිධ තත්ත්වයන්, අනවශ්‍ය ලෙස බිය ඇතිවන විශාදය (depression ), කාංසාව (Anxiety ) වැනි මානසික …

No posts found.

No posts found.
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


“සුජීවා” ගේ මරණය කාලයේ වැලි තලාවේ වැසී යා නොදිය යුතුය!
කුඩා කළ සිටම බලහත්කාරයෙන් මව් උණුසුමෙන් දුරස් කරණු ලැබ වන අලි ජාවාරම්කරුවන්ගේ තාඩන පීඩන වලට ලක් වෙමින් සිට, පසුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබද …
සූර්ය බලශක්ති සමාගම් අල්ලස් ලබා දී හම්බන්තොට අලි නිජබිම් වනසයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති විසින් පසුගිය වසරේ ජනවාරි මස 29 වන දින හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී අවධාරණය කර ඇත්තේ පසුගිය …

“ධර්ම යුද්ධය 2” සමඟ කතාවට ලක් වන සිනමා ප්‍රතිනිර්මාණකරණය (Movie Remaking)
ජනවාරි 23 වැනිදා සිට ශ්‍රී ලංකාවේ සිනමා ශාලා තුළ තිරගත වීම ආරම්භ කෙරුණු “ධර්ම යුද්ධය 2” චිත්‍රපටය කෙරෙහි ප්‍රේක්ෂකයන්ගේ දැඩි උනන්දුවක් පවතින බව පෙනෙන්නට තිබේ. මෙම සිංහල චිත්‍රපටය විශාල …
මාසයකට කෝටි 500 ක් පඩි ගන්නා සුපිරි පාපන්දු ක්‍රීඩකයා
පෘතුගාල පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගිය දිනවල තවත් වාර්තාවක් පිහිටුවූ බව වාර්තා වුණා.එම වාර්තාව පිහිටුවා තිබුණේ ඔහුගේ ධනවත්කම අතිනු යි. ලෝකයේ පළමු බිලියනපති පාපන්දු ක්‍රීඩකයා …

බොහොමයක් නොදත් දේශපාලනඥයන්ගේ “අලංකාර ශාස්ත්‍රය” – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය
බලයට පත්වන සෑම රජයක් සම්බන්ධයෙන්ම නැඟෙන ප්‍රධානතම සහ පොදු චෝදනාව වන්නේ මැතිවරණ ජයග්‍රහණය උදෙසා ජනතාවට අසත්‍ය ප්‍රකාශ කිරීම සහ ඉටු කළ නොහැකි බොරු පොරොන්දු ලබා දීමයි. වත්මන් දේශපාලන කරළිය තුළ මෙම චෝදනාව වෙනදාටත් වඩා බරපතල ලෙස එල්ල වෙමින් පවතිනු පෙනේ. ඇතැමුන් පවසනුයේ වත්මන් රජය ජනතාවට බොරු පොරොන්දු කන්දරාවක් දී බලය …
සැන්ටාට උගස් තැබූ ජේසුගේ නත්තල
අපි තවත් නත්තලක් අභිමුවට පැමිණ සිටිමු. මුළු නත්තල් උත්සවයේම අර්ථය සහ ජීවය වන කිතු උපත අද වන විට නත්තලේ එක් සංකේතයක් පමණක් බවට පත්වීමේ ඛේදවාචකයකට ද අපි ඒ සමඟම මුහුණ පා සිටිමු. නමුත් එම ඛේදවාචකයේ තවත් පැතිකඩක් වනුයේ ඒ සම්බන්ධයෙන් අප ජන සමාජයේ බහුතරය සංවේදී නොවීමය. කිතුනු විශ්වාසයට අනුව, නත්තල …

සාත්තර මෑණි කෙනෙකුට දේව භාෂාවෙන් කතා කළෙමි
දෙවියන් කියා කොටසක් සිටී නම් ඔවුනටම ආවේණික භාෂාවන් ද තිබිය යුතු ය. එසේම මිනිසුන්ගේ මෙන් ම විවිධ දේව කොට්ඨාසවලට අයත් දෙවිවරුන්ගේ භාෂාවන් ද එකිනෙකට වෙනස් විය යුතු ය. නමුත් අදේව වාදයක් වන මූලික බුද්ධ දර්ශනයෙන් පරිබාහිරව සංවර්ධනය වී ඇති බෞද්ධ සාහිත්‍යයේ එන සදෙව් ලෝ විග්‍රහය අනුව වුව ද, එම දිව්‍යලෝක …
සත්ව හිමිකම් වෙනුවෙන් සුනඛ ආදාහනාගාර ව්‍යාපෘතියෙන් මෙහෙවරක් ඉටුවේ ද?
ගෝලීය වශයෙන් ශිෂ්ට සම්පන්න සමාජයක මිනුම් දණ්ඩක් වන්නේ මානව හිමිකම් මෙන්ම සත්ව හිමිකම් සුරැකීමට දක්වන සංවේදීතාවයි. ශ්‍රී ලංකාවේ සත්ව හිමිකම් වෙනුවෙන් පශු සම්පත් පනත, වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත ඇතුළු නීති රාමු කිහිපයක් තිබුණ ද, ඒවා ක්‍රියාත්මක කිරීමේදී රජයේ දායකත්වය ප්‍රමාණවත් ද යන්න මේ දක්වාම නොවිසඳුණු බරපතළ ප්‍රශ්නයක් …


