
![]()
අලි-මිනිස් ගැටුම; මේ වසරේ වන අලි මරණ 20යි පුද්ගල මරණ 10යි
2026 වසරේ වසරේ ජනවාරි 01වනදා සිට පෙබරවාරි 20වනදා දක්වා කාලය තුළ වන අලි මරණ 44ක් වාර්තා වී ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.වෙඩි තැබීම්, අනවසර විදුලි රැහැන් පද්ධති සවි කිරීම්, දුම්රිය අනතුරුවලට ලක්වීම්, විෂ ශරීරගත වීම් සහ දියේ ගිලීම් හේතුවෙන් මෙම වනඅලි මරණ වාර්තා වී …
Laugfs ගෑස් 3500MTක් රැගත් නෞකාවක් 27 වැනිදා මෙරටට
Laugfs ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් ලබන 27 වැනිදා මෙරටට ලඟාවන බව Laugfs සමාගම පවසයි. එහි ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය පැවසුවේ, ලබන 28 වැනිදා සිට එම තොග කඩිනමින් වෙළෙඳපොළට මුදාහරින බවයි. දැනට නෞකාව මාලදිවයිනේ ඇති අතර අද(24) දින එම තොග නෞකා ගත කිරීම් …
වින්ච් යොදා මා දැල් ඇද්ද ධීවරයෙක් අත්අඩංගුවේ
ට්‍රැක්ටර් රථ දෙකකට සවි කළ වින්ච් යන්ත්‍ර භාවිත කරමින් මග්ගොන කුඩාව ධීවර වරාය ආසන්නයේ මාදැල් කර්මාන්තයේ නිරත වූ ධීවරයෙකු, එම යන්ත්‍ර සවිකළ ට්‍රැක්ටර් රථ දෙකක් ද සමඟින් කළුතර ධීවර පරීක්‍ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ (23) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරු මග්ගොන ප්‍රදේශයේම පදිංචි ධීවරයෙකු …
කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (23) ඒකක 9.38කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව එය ඒකක 23,783.02කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 2.6ක් ලෙසයි …
මීනගයා දුම්රිය යළි ධාවනයට
මීනගයා දුම්රිය ඊයේ (23) සිට නැවත ධාවනයට එක්කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම දුම්රිය පස්වරු 7.00ට කොළඹ කොටුවෙන් මඩකලපුව බලා පිටත් වීමට නියමිත බවයි. දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙම දුම්රිය මේ දක්වා අත්හිටුවා තිබූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි …
දිස්ත්‍රික්ක කිහිපයකට සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි
දකුණු පළාතෙත් රත්නපුර, මොනරාගල සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ …

රෝගී සද්දන්තයාට ගිනි තැබීම හෙවත් මිනිසත්කම දවා අළු කර ගැනීම – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
රටක ජනතාවගේ සංස්කෘතික සාරධර්මවලට පටහැනිව සිදු කරගෙන ගිය බලලෝභී දේශපාලනයේ අවාසනාවන්ත අස්වැන්න දැන් ජාතිය හමුවේ ඉදිරිපත් වෙමින් තිබේ. එම බලලෝභීන් විසින් කාලාන්තරයක් තිස්සේ තම විරුද්ධවාදියාට එරෙහිව ගොඩනැංවූ වෛරය හා ද්වේෂය කොතරම් දුරට ජනසමාජය තුළ ස්ථාපිත වී ජන මනස විකෘති කර ඇතිදැයි පෙන්වන නිදසුන අප දුටුවේ පසුගිය අරගල සමයේ අරගලකරුවන්ට පහර දීමත් සමඟ ඇරඹුණු දැවැන්ත භීෂණයෙනි. රට පුරා බලයේ සිටි පක්ෂයේ දේශපාලනඥයන්ගේ නිවාස ගිනි තබා විනාශ කළේ ප්‍රසිද්ධියේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මහ පාරේ පහර දී මරා දැමූ අතර, තවත් විපක්ෂ මන්ත්‍රීවරයකුගේ වාහනයට …

කටේ වරදකින් දෙවියකු වූ රටේ මහත්තයා
විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි, සමන් ආදී අප සමාජය තුළ චිර ප්‍රසිද්ධ දෙවිවරුන්ට අමතරව එක් එක් ප්‍රදේශයන්ට පමණක් ආවේණික ප්‍රාදේශීය දෙවිවරු ද බොහෝ වෙති. අප එසේ පවසනුයේ ඒ ඒ ප්‍රදේශවල ජනතාව තුළ එම දෙවිවරුන් සම්බන්ධ ඇදහීම් හා පුද පිළිවෙත් පවතින බැවිනි. එමෙන්ම ඔවුන් ගෙන් බොහොමයක් අතීතයේ මිනිසුන් ලෙස සාමාන්‍ය ජීවිත ගෙවා …

2026 නව වසර ගැන ගුප්ත නොවන යථාර්ථවාදී අනාවැකි මෙන්න
ශ්‍රී ලංකාව මෙන්ම ලෝකය ද 2026 වසරට පා තබන්නේ විවිධාකාර බාධකවලට මුහුණ දුන් අත්දැකීම් ද සමගිනි. ශ්‍රී ලංකාව ‘දිට්වා කුණාටුව’ නිසා දැරිය නොහැකි පීඩාවක් විඳිමින් සිටී. ඉදිරියේදී ද ස්වාභාවික විපත් තව තවත් සිදුවෙතැයි පවසනු ඇසෙයි. ඇමරිකා එක්සත් ජනපදය වැනි ලොව ප්‍රබල රටවල් ද ස්වාභාවික විපත් නිසා පීඩා විඳිනු පෙනෙයි. තවත් රටවල යුද ගිනි ඇවිලෙයි. ඒ අතරේ තාක්ෂණික දියුණුව ද අප අතරට වේගයෙන් පැමිණෙයි. නව වසරක් උදාවන්නේ මෙවැනි …
2025 වසරේ විශේෂ සිදුවීම්
තවත් වසරක අවසානය ලඟා වී ඇත. මේ ගෙවී යන 2025 වසර ද ලොව පුරා බොහෝ විශේෂ සිදුවීම් සිදු වූ වසරකි. පහත පළ වන්නේ ඒ පිලිබඳ කෙටි ආවර්ජනයකි. ජනවාරි 07 ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ විනාශකාරීම ලැව් ගින්න වාර්තා විය. දැඩි සුළඟ සහ කලක් තිස්සේ පැවති නියඟ ලැව් ගිනිවල දරුණු බව වැඩි කිරීමට දායක වූ කාරණා විය. එම ප්‍රදේශයේ ඉදිකිරීම් 13,000 ක් පමණ ගින්නෙන් විනාශ වූ අතර 30 කට …
වසර අවසානයේ දිගු නිවාඩු ගන්නා බටහිර වැසියෝ
2025 වසර අවසන් වෙමින් තිබේ. වසර අවසන් වෙමින් පවතිද්දී බොහෝ රජයේ කාර්යාලවල බොහෝ දෙනෙක් දක්නට නැත. කෙටි දුර ප්‍රවාහන සේවාවල ද වෙනදාට වඩා අඩු සෙනඟක් දකින්නට ලැබේ. බොහෝ දෙනෙක් වසර පුරා එකතු වූ නිවාඩු වසර අවසානයේ දී එකවර ගැනීමේ කැමැත්තක් පවතින නිසා මෙවැනි තත්ත්වයක් දකින්නට ලැබේ. නමුත් සියලු දෙනාටම එවැනි තත්ත්වයක් භුක්ති විඳිය නොහැක. ඇතැමුන්ගේ නිවාඩු වසර අවසන් වන විටත් අවසන් වී තිබේ. නැතහොත් නිවාඩු ඉතිරිව තිබුණ …
ජාත්‍යන්තරයට ගිය අපේ කොත්තු රොටියේ මුල් හිමිකම කාත්තන්කුඩි මුස්ලිමුන්ට දෙමු ද?
ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතියේ ජනප්‍රියතම නවාංගයක් වන නාගරික ආහාර අතරේ වීදි ආහාර (Street Foods) වලට මුල් තැනක් හිමි වන බව රහසක් නොවේ. අද වන විට එහි අංක එකේ සන්නාමය වනුයේ විවෘත ආර්ථිකයත් සමඟ අප ජන සමාජයට පිවිසි කොත්තු රොටියයි. දෙමළ බසින් කැබලිවලට කැඩීම හෝ තැලීම යන අරුත ගෙනෙන “කුත්තු/කොත්තු” යන වදනින් අප සමාජය හඳුනාගත් කොත්තු රොටි යනු රස ගණනාවක සම්මිශ්‍රණයකි. එළවළු, බිත්තර, කුකුළු, හරක් මස් හෝ මාළු …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

“එක පාරටම තද පපුවේ කැක්කුමක් ඇල්ලුවා දැන් ඒක හරි”කියා සැනසෙන්න ඔබටත් පුළුවන් ද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
හිස කෙස්, නියපොතු ආදී ස්නායුමය සබැදියාවක් නොමැති කොටස් හැරුණු කොට අප ශරීරවල ඉන්ද්‍රිය පද්ධතියේ ඕනම තැනකින් ඕනෑම වේලාවක කවර හෝ මාදිලියක වේදනාවක් ඇති විය හැක.මෙය ජීවීන් වශයෙන් අප සියළු දෙනාට හිමි පොදු උරුමයකි. එහෙත්, විවිධ වේදනා කැක්කුම් සම්බන්ධයෙන් ඇතැමුන් පවසනුයේ “මම නම් ඔය වේදනා කැක්කුම් ඒ තරම් ගණන් ගන්නේ නෑ” යනුවෙනි. දත් කැක්කුම, හිස කැක්කුම ආදී වශයෙන් ශරීරයට දැනෙන සෑම වේදනාවක්ම ස්නායු පද්ධතියේ කිසියම් ව්‍යාකූලත්වයක් අඟවන්නක් සේම ඒ බොහොමයකින් අප ගේ සෞඛ්‍යය සම්බන්ධ ආනතුරු හැඟවීම් …

රිළා වඳුරු ගැටළුව තව තවත් ලෝකයා හිනැස්සීමක් නොවීමට නම්
වත්මන් ආණ්ඩුව කෙරෙහි සමාජයෙන් නොයෙකුත් විවේචන එල්ල වෙමින් තිබේ.ඕනෑම රජයක් බලයට පැමිණ යම් කාලයක් ගත වන විට එබඳු විවේචන එල්ල වීම සාමාන්‍ය ස්වභාවයකි.එහෙත්, වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත්ව මාස හයකට පසුව පවත්වනු ලැබූ පළාත් පාලන මැතිවරණයෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව ඡන්ද ලක්ෂ විසි තුනක් අඩුවීම මත ආණ්ඩුව කෙරෙහි පැවැති ජනතා ප්‍රසාදය ශීඝ්‍රයෙන් හීන වී ඇති …
.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්
යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …
විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?
විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

තවත් ඉන්දීය ක්‍රිකට් තරුවක් සිනමාවට
සුරේෂ් රයිනා මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක් වූ රයිනා දැන් තවත් ක්ෂේත්‍රයකින් සිය හැකියාවන් පෙන්වීමට සූදානම් වෙනවා. ඔහු ළඟදීම ඉන්දියානු ච්ත්‍රපටයක රඟපෑමට සූදානම් …
ප්‍රේක්ෂකයන් වසඟයට ගත් දෘශ්‍යම් චිත්‍රපට මාලාවේ තුන්වැනි කොටසක්
ජැක්සන් ඇන්තනී සහ දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිත නිරූපනය කළ ධර්ම යුද්ධය චිත්‍රපටය සිනමාලෝලීන්ට තවමත් මතක ඇතුවාට සැකයක් නැහැ. මෙම සිනමාපටය නිශ්පාදනය වූයේ අතිශයින් ජනප්‍රිය වූ ඉන්දියානු චිත්‍රපටයක් ඇසුරෙනු යි. එහි …

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?
සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …
බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්
ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

ගම් මඩු විවිධ ප්‍රසංග
මේ වන විට දක්නට නොලැබෙන හෝ ඇතැම් විට නාගරික ජනාවාසයන්හි සංදර්ශනයක ස්වරූපයෙන් ඉදිරිපත් කෙරෙන මඩු ශාන්ති කර්ම යනු ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම පහත රට නර්තන සම්ප්‍රදායට අයත් ජන කලා අංගයකි. එපමණක් නොවේ; එය සශ්‍රීකත්වය හා වසංගත රෝග නිවාරණය අරමුණු කරගත් දෙවියන් උදෙසා පවත්වනු ලබන සාම්ප්‍රදායික ප්‍රජා යාතු කර්මයක් ද වේ. නමුත් …
වික්ටෝරියානු සදාචාරය තුට්ටු දෙකට දැමූ අපේ ජන කලාව
දේශීය ජන සංස්කෘතියට අයත් බලි, තොවිල්, ශාන්තිකර්ම ඇතුළු යාතු කර්මවල සේම සොකරි, කෝලම් සහ නාඩගම් ආදී ජන රංගන තුළින් ලිංගිකත්වය මනාව හුවා දැක්වීම ගැන වත්මන් සමාජය තුළ විද්වත් කතිකාවන් නිර්මාණය වී තිබේ. එමෙන්ම, මේවා ශිෂ්ටාචාරගත සමාජය විසින් ප්‍රතික්ෂේප කළ යුතු ගෝත්‍රික, නොදියුණු අංග බව ද ඇතැම්හු පවසති. නමුත් ඉහත සඳහන් …







