
![]()
ශිරන්ති 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) නිලධාරීන් විසින් ඊයේ (7) පෙරවරුවේ කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි ඇයගේ නිවසේදී ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට …
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම ගැන මහා සංඝරත්නයෙන් විරෝධයක්
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව උන්වහන්සේගේ චීවරය ඉවත් කර ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ පාර්ශ්ව කිහිපයකින් විරෝධය පළ වී තිබේ.සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ප්රධාන ලේඛකාධිකාරී ආචාර්ය පූජ්ය මැදගම ධම්මානන්ද හිමියෝ ප්රකාශ …
හයිටි රාජ්යයේ සාමසාධක රාජකාරි සඳහා පිටත්ව යන ශ්රී ලංකා පොලිස් කණ්ඩායමට පොලිස්පතිගෙන් සුභාශිංසන
එක්සත් ජාතීන්ගේ සාමසාධක පොලිස් රාජකාරි සඳහා හයිටි රාජ්ය වෙත පිටත්ව යාමට නියමිත ශ්රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ ශ්රී ලංකා පොලීසියේ නිලධාරීන් 185 දෙනෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමකට උපදෙස් ලබා දීම සහ සුභාශිංසන පිරිනැමීම පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ සිදු කර තිබේ …
වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 17 ඉක්මවයි
වසරේ ගතවූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්යාව ලක්ෂ 17 ඉක්මවා තිබේ.සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති වාර්තාවකට අනුව ජනවාරි පළමුවැනිදා සිට සැප්තැම්බර් 14 වැනි දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,717,028කි. මේ අතර ඔක්තෝබර් මස 01 වැනි දින සිට 04 වැනි දින දක්වා …
පෞද්ගලික ඉන්ධන සමාගම්වලට මිල තීරණය කිරීමේ නිදහස
පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඉන්ධන මිල තීරණය කර අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ප්රකාශ කළේය.රජය විසින් නිශ්චිත මිලකට ඉන්ධන අලෙවි කරන ලෙස එම සමාගම් වෙත මෙතෙක් කිසිදු ලිඛිත නියෝගයක් ලබාදී නොමැති බවත්, ඔවුන් …
2027 වසරට අදාළ අයවැය අද පාර්ලිමේන්තුවට
2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද (07) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතව තිබේ.පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය 25 වැනිදා කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීයි මේ සඳහා අනුමැතිය හිමිවී තිබේ. මුදල් අමාත්යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 12 වැනිදා අයවැය කථාව ඉදිරිපත් …

කුස තුළ සැඟවුණු නොනිදන කම්හල – වෛද්ය සුගත් විජේවර්ධන
අප ගැඹුරු නින්දක පසුවන මොහොතක් ගැන මොහොතකට සිතමු. ඇස් පියවී ඇත. අත් පා නිසල වී ඇත. බාහිර ලෝකය හා අප අතර ඇති සියලු සම්බන්ධතා පාහේ අක්රිය වී ඇත. එහෙත් අප නොදැනුවත්වම, අපගේ සිරුර තුළ කිසිදා නිද්රාවට පත් නොවන, නොනවතින සේවක පිරිසක් වැඩෙහි නියැලී සිටිති. හදවත අඛණ්ඩව ගැහෙයි, පෙනහළු හුස්ම ගනියි, එය අපි දනිමු. නමුත් ඒ සියල්ලටම වඩා නිහඬව, වඩාත් අපූරුවට වැඩ කරන තවත් ව්යුහයක් අප කුස තුළ ඇත. එය අප සාමාන්ය ව්යවහාරයේදී “බඩවැල්” ලෙස හඳුන්වන ආමාශය සහ අන්ත්ර පද්ධතිය හෙවත් ගැස්ට්රොඉන්ටෙස්ටිනල් ට්රැක්ට් (Gastrointestinal Tract). මිනිස් …
සමහරුන්ට තමන්ගේ මරණය කලින්ම දැනෙනවා කියන්නේ ඇත්ත ද?
මිනිසුන් අතුරින් සීමිත කොටසකට තමන්ගේ මරණය සම්බන්ධයෙන් කලින් දැනගත හැකි පූර්ව සංජානනයක් (Precognition) පවතින බවට වන ජන විශ්වාසය ලොව පුරා ඈත අතීතයේ සිටම මුල් බැස තිබේ. මෙවැනි විශ්වාසයන් සමාජගත වීමට ප්රධානතම හේතුවක් වන්නේ, අනපේක්ෂිත ලෙස අකල් මරණවලට ගොදුරු වූ පුද්ගලයන් තමන් මියයාමට ආසන්න කාලසීමාවේදී සිය ළඟම හිතවතුන් හෝ නෑදෑයන් සමඟ මරණය පිළිබඳ යම් යම් සියුම් ඉඟි පළ කර තිබීමය. නිදසුනක් ලෙස, මිතුරන් කණ්ඩායමක් කිසියම් ඉදිරි සැලසුමක් හෝ උත්සවයක් සංවිධානය කරමින් සිටින විට, ඉන් එක් අයෙකු “ඔය දවස වෙනකොට නම් ඉතින් මට එන්න වෙන්නේ වෙන ලෝකෙක …
මන්නාරම් දූපතේ සුළං විදුලි බලාගාරය ලක්ෂ ගණන් සංක්රමණික පක්ෂීන්ට මර උගුලක් නොකරමු
මෙය ගෝලීය දේශගුණික විපර්යාසයන්ට සහ ගෝලීය උණුසුම් වීමට මුහුණ දීම සඳහා සමස්ත ලෝකයම පොසිල ඉන්ධන භාවිතයෙන් බැහැරව පුනර්ජනනීය බලශක්ති ප්රභවයන් වෙත වේගයෙන් ගමන් කරමින් සිටින යුගයකි. ශ්රී ලංකාව ද එම ගමනේ තීරණාත්මක මෙන්ම ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. මන්නාරම් දූපත කේන්ද්ර කරගනිමින් මෙගාවොට් 50ක ධාරිතාවයකින් යුක්තව ඉදිවන සුළං විදුලි බලාගාරය, ශ්රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රය ලැබූ නවතම පිම්මක් මෙන්ම ජාතික මට්ටමේ ජයග්රහණයක් ලෙස හැඳින්විය හැකිය. මෑතකදී ත්රිකුණාමල වරායට ළඟා වූ අවසාන ටර්බයින තොගයත් සමඟ සක්රීයව සහ කඩිනමින් සිදුවන මෙම ව්යාපෘතිය, හුදෙක් කාර්මික සංවර්ධනයක් පමණක් නොව, රටේ …

දහඅට සන්නිය: නොපෙනෙන ගැඹුරක් ඇති මනෝ චිකිත්සක රංගනය
මා මුල් වරට ‘සන්නි යකුම’ හෙවත් ‘දහඅට සන්නිය’ ශාන්ති කර්මයක් නැරඹුවේ 1970 දශකයේ අග භාගයේ මගේ තරුණ වියේදී ය. එකල මා එය දුටුවේ ඒ වන විට සමාජය තුළ පිබිදෙමින් තිබූ නවීන ආකල්ප නමැති අගනා මැණික් කැට හමුවේ ඇති ‘බොරළු’ හෝ ‘තිරුවානා’ ලෙසිනි. නමුත් 1990 දශකය වන විට දහඅට සන්නිය ඇතුළු …
අලුත් අවුරුදු සුබ පැතුම්වල එන ‘කිරි පැණි’ ‘බත බුලත’ යන්නෙහි සැබෑ අරුත් මෙන්න
ලබන්නා වූ හෝ ලැබුවා වූ අලුත් අවුරුද්ද ‘කිරියෙන් පැණියෙන්’ ඉතිරේවා යන්න, සෑම ව්යවහාර වර්ෂයකදී මෙන්ම සිංහල අලුත් අවුරුද්දේදී ද අපගේ දෙසවන් පිරී යන පරිදි අසන්නට ලැබෙන සුබ පැතුමකි. එමෙන්ම ‘බත බුලත සරුවේවා’ යනුවෙන් කෙරෙන පැතුමක් ද මේ දිනවල නිරන්තරයෙන් අසන්නට ලැබේ. මෙම පළමු සුබ පැතුමේ එන ‘කිරි’ සහ ‘පැණි’ යන්නෙන් …
සැමට සතුට බෙදන සොකරි නාටකයේ පරාජිත පෙම්වතා;පරයා
සිංහල භාෂාවෙහි අසභ්ය නොවන, එහෙත් ප්රබල ලෙස නිග්රහාත්මක අර්ථ පළ කරන වදන් අතරින් ප්රධානත්වය හිමි වන වදනක් ලෙස “පරයා” යන්න හැඳින්විය හැකිය. සිංහල ශබ්දකෝෂවලට අනුව “පර” යන්නෙහි අන්ය, සතුරු, පිටස්තර, පහත් ආදී අරුත් කිහිපයක් පවතින අතර “අන්ය” හෝ “සතුරු” යන අරුත් ඒ අතුරින් මුල් තැනක් ගනී. මෙම වදනට අනුරාධපුර යුගය …

ගුප්ත ශාස්ත්ර අවභාවිතා කරන්නන්ට එහි විපාක ඵල දෙනවාද? – ආචාර්ය ප්රණීත් අභයසුන්දර හා හිටපු මානව විද්යා මහාචාර්ය
අද වන විට මෙරට සමාජයේ පවතින විවිධ කූට ජාවාරම් අතර ගුප්ත ශාස්ත්රය හා සම්බන්ධ ජාවාරම් ද සැලකිය යුතු අයුරින් ඉහළ නැංවී තිබේ. එමෙන්ම මෙය අවධානයක් යොමු කළ යුතු ක්ෂේත්රයක් බවට පත්ව ඇත. ජ්යොතිෂය, නිමිති ශාස්ත්රය, සාමුද්රිකා ශාස්ත්රය, වාස්තු ශාස්ත්රය සහ අනේකවිධ යාතු කර්ම ඇතුළු මෙකී නොකී විවිධ ගුප්ත විෂයන් පිළිබඳව තමන් තුළ දැනුම ඇති බව පවසමින් ජනතාවගෙන් මුදල් ලබාගැනීම මෙන්ම, තමන් සතු නොවන දැනුමක් ඇති බව පෙන්වා …
ඩීමන් ආනන්දයන්ගේ නාමයට බී.එම්.අයි.සී.එච් (BMICH) පොත් ප්රදර්ශන බිමේ දී මුල් වරට බුහුමනක්
ශ්රී ලංකා පොත් ප්රකාශකයන්ගේ සංගමය ඉදිරිපත් කරන කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනය මේ දිනවල විසි හත්වන වරටත් කොළඹ, බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ පරිශ්රයේ දී පැවැත්වේ. ඒ සැප්තැම්බරයට යෙදෙන සාහිත්ය මාසය මුල් කර ගනිමින්. මෙහිදී විවිධ විෂයන් යਟතේ වර්තමානයේ එළිදකින කෘතීන් සහ ඒවායේ කතුවරුන් විවිධ සම්මානයනට හා ගෞරව බහුමානයන්ට ලක්වීම සිදුවේ. එහෙත් ඒ අතරේ නූතන සිංහල සාහිත්ය වංශ කතාවේ පොත් දහසකටත් වැඩි ප්රමාණයක් ලියා පළ කළ අසමසම ලේඛකයකුගේ නාමය මෙදා …
තව වසර හතරක් ඇතුළත කෘත්රිම බුද්ධියෙන් මිනිස් වර්ගයාට බිහිසුණු තර්ජනයක්?
මිනිස් වර්ගයාගේ අවසානය සිදු විය හැකි ආකාර කිහිපයක් ගැන මේ වනවිට විද්යාඥයින් වැනි උදවිය අනාවැකි පළ කර තිබේ. න්යෂ්ටික යුද්ධයක්, ඈත අභ්යවකාශයෙන් පාවී එන ග්රහකයක් (asteroid) පෘථිවියේ ගැටීමක්, දේශගුණික ව්යසනයක් වැනි දෙයකින් මිනිස් සංහතිය විනාශ වීමට ඇති ඉඩකඩ ගැන ඔවුහු පෙන්වා දෙති. කෘත්රිම බුද්ධියේ දියුණුව නිසාත් යම් දිනෙක මිනිස් වර්ගයාට තර්ජනයක් එල්ල විය හැකි බවට කාලයක සිටම විද්යාඥයෝ අනතුරු අඟවමින් සිටිති. මෙම කාරණයට අදාළ අලුත් ආන්දෝලනයක් මෙයට …
කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනයේ තිඹිරි ගෙය වන් පොළේ කතාව ඒ.ජී. රේණුකා දමයන්ති
මේ දිනවල පැවැත්වෙන කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනය, ශ්රී ලංකා පොත් ප්රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන 26 වැනි පොත් ප්රදර්ශනයයි. වසරකට වරක් කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්රය දැනුමෙන් පිරී යන මේ මහා “පොළ” දෙස බලන විට මගේ සිත තුළ පැරණි ප්රශ්නයක් යළි මතු විය. ඒ පොළ යනු ඇත්තටම කුමක්ද යන්නයි. පොළ යනු ගනුදෙනු බිමක් පමණක් නොවේ. එය මිනිසා විසින් නිර්මාණය කරන ලද පැරණිතම ප්රජා සහ සමාජ …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්ය මහාචාර්ය නාමල් විජයසිංහ
“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …
හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

මානසික රෝග සඳහා ලබාදෙන ඖෂධ භාවිතය ප්රචණ්ඩත්වයට හේතුවක් ද?- විශේෂඥ මනෝ වෛද්ය රූමි රූබන්
මානසික රෝගී තත්ත්වයන් සඳහා ලබාදෙන ඖෂධ භාවිතය හේතුවෙන් රෝගීන් හෝ සාමාන්ය පුද්ගලයන් ප්රචණ්ඩත්වයට යොමු විය හැකි ද යන්න වර්තමානයේ රෝගීන්ගේ භාරකරුවන් මෙන්ම පොදු සමාජය තුළ ද නිරන්තරයෙන් කතාබහට ලක්වන මාතෘකාවකි. විශේෂයෙන්ම වර්තමාන සිදුවීම් මුල් කොට මාධ්ය මඟින් සිදුවන ඇතැම් අසත්ය ප්රචාර සහ කරුණු විකෘති කිරීම් හේතුවෙන්, මානසික රෝග සඳහා ලබාදෙන ඖෂධ පිළිබඳව සමාජය තුළ අනියත බියක් නිර්මාණය වී ඇත.එය සමාජයීය වශයෙන් ඉතා අහිතකර තත්වයකි. මෙම සටහන මඟින් ප්රධාන මානසික රෝග නාශක ඖෂධවල සැබෑ ක්රියාකාරීත්වය, ප්රචණ්ඩත්වය …

වීදි සුනඛ ප්රශ්නයට විසඳුම කන්න නොදී සිටීම ද? – විශේෂඥ වෛද්ය ආර්. එන්. ජී. රාජපක්ෂ
වීදි සුනඛ ප්රශ්නය ලොව බොහෝ රටවලට පොදු අභියෝගයක් වුවද, දියුණු රටවල් බොහොමයක් වන ජර්මනිය, නෙදර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, ඕස්ට්රේලියාව සහ ජපානයේ බොහෝ ප්රදේශ මෙම ගැටලුවට සාර්ථක විසඳුම් ලබා දී තිබේ. ඒ එකම ක්රියාමාර්ගයකින් නොව, නීතිමය, සෞඛ්යමය සහ සමාජමය පියවර කිහිපයක් ඒකාබද්ධව ක්රියාත්මක කිරීමෙනි. ඔවුන් අනුගමනය කළ ප්රධාන පියවර වන්නේ සියලු සුරතල් සුනඛයන් ලියාපදිංචි කිරීම සහ …
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


හෝර්ටන් තැන්න ඇතුළු ලෝක උරුම වැනසීමට ගලගම සිට නැග්රැක් ඔස්සේ අලුත් මඟක් ඉඹුල්පේ ප්රාදේශීය සභා සභාපති යෝජනා කරයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්රතිසංස්කරණ ව්යාපාරය
බෙලිහුල්ඔය සංචාරක හෝටල් කර්මාන්තයේ නිරත ව්යාපාරිකයන් හා බෙලිහුල්ඔය සෆාරි ජීප් හිමිකරුවන් ගේ බලපෑම මත ඉඹුල්පේ ප්රාදේශීය සභාවේ සභාපති, ඒ. එම්. සුගත් අමරසිරි බණ්ඩාර සහ රත්නපුර …
ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය පුබුදන මන්නාරමේ සුළං විදුලි බලාගාරය
ශ්රී ලාංකික බලශක්ති ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons) සමාගමේ හේවින්ඩ් (HayWind) අංශය මඟින් මන්නාරමේ ඉදිකෙරෙන 50 MW සුළං විදුලි බලාගාරය ශ්රී …

හෝමර්ගේ සම්භාව්ය වීර කාව්යය Odyssey ඇසුරෙන් ක්රිස්ටෝෆර් නෝලන් තැනූ දැවැන්ත සිනමාපටය
හෝමර් නැමැති ග්රීක කවියා විසින් රචනා කරන ලද ඉලියඩ් සහ ඔඩිසි යන මහා වීර කාව්ය දෙක ලෝකයේ සම්භාව්ය සාහිත්යය පිලිබඳ දැනුම්වත් කව්රුත් දන්නා නිර්මාණ දෙකක්. මේ අතරින් ඔඩිසි කාව්යය මේ …
සුපිරි පාපන්දු ක්රීඩක මෙසී ගේ ජීවිත කතාවෙන් බිඳක්
පාපන්දු ලෝකයේ කවදත් කතාබහට ලක්වන අග්රගණ්ය ක්රීඩකයකු වන ආජන්ටිනාවේ ලියොනෙල් මෙසී පසුගිය දිනවලත් විශේෂ අවධානයක් දිනා ගන්නට සමත් වුණා. ඒ ඔහු විසින් පිහිටුවන ලද අලුත්ම වාර්තාවක් නිසා යි. මෙසි මේ …

මළවුන් හැඩගන්වා තිරිහන් කිරීමේ කලාව අපේ රටටත්
යමකුගේ මළ සිරුරක් දැකීම අසුබ නිමිත්තක් බව ජන සම්මතයයි. එමෙන්ම ඇතැමුන්ට එය එක්තරා අන්දමක පිළිකුල් සහගත අත්දැකීමක් ද විය හැක. එසේ වුවද යමකුගේ අවසාන ගමන සනිටුහන් වන අවමංගල්යයකදී, දේහය දෙස බලා අවසන් ගෞරව දැක්වීම ලොව බොහෝ සංස්කෘතීන් තුළ මුල් බැසගත් සිරිතකි. නමුත් අතීතයට සාපේක්ෂව, අන් බොහෝ දේ මෙන්ම මළ සිරුරුවල …
කෑම වේලටත් “ඉක්මන්, ක්ෂණික හා පහසු” එලෙසම යොදා ගනිමු ද?
අද වන විට ශ්රී ලාංකික ජන සමාජය අතීතයට සාපේක්ෂව කඩිනම් ස්වභාවයක් පෙන්නුම් කරන අතර, “ඉක්මන්, ක්ෂණික හා පහසු” යන සංකල්පවලට අතීතයේ නොතිබූ ප්රායෝගික වටිනාකමක් හිමිව තිබේ. මෙම කඩිනම් බව වත්මන් සමාජයේ ආහාර රටාවන් කෙරෙහි සෘජුව බලපා ඇති අතර, එහි ප්රතිඵලයක් ලෙස ක්ෂණික ආහාර (Fast Food) වත්මන් ආහාර සංස්කෘතියේ ප්රධාන තැනක් …

කිතුනුවන් දැන් පල්ලියෙන් ඈත් වෙලාලු; මොකක්ද ඒකට හේතුව?
අද ශ්රී ලංකාවේ පොදු සමාජ කතිකාව තුළ “කිතුනුවන් දැන් පල්ලියෙන් ඈත් වෙලා” යන මතය ප්රබලව ගොඩනැඟී තිබේ. විශේෂයෙන් 2019 පාස්කු ප්රහාරයෙන් පසු කතෝලික සභාව යුක්තිය ඉල්ලා සිටීමේ ක්රියාවලිය තුළ වඩාත් දේශපාලනික ස්වරූපයක් ගැනීම නිසා ඇතැම් බැතිමතුන් සභාවෙන් ඈත් වූ බවට තර්කයක් ඇතැම්හු ඉදිරිපත් කරති. මෙම තර්කය දේශපාලනිකව පහසුවෙන් භාවිත කළ …
ගණිතය බැරිකම මෝඩකමක් ද?
කුඩා ගණිත ගැටලුවක්වත් විසඳාගත නොහැකි දරුවා “මෝඩයෙක්” යැයි හුදකලා කර මුද්රා තැබීමේ අසාධාරණ ජන සම්මතය අදටත් අප සමාජයේ ගැඹුරින් මුල් බැස තිබේ. අතීතයේදී මෙම තත්ත්වය කෙතරම් බරපතල ලෙස පැවැතියේ ද යත්, යන්තම් හයක් හතරක් තේරෙන දා සිටම බොහෝ දරුවන්ට මෙන්ම මට ද ඒ “මෝඩ ලේබලය” නොමසුරුව ඇලවිණි. පන්තියේ අන් ළමයින් …






