
![]()
මේ ආණ්ඩුව යටතේ අලුත් විදේශ ආයෝජන අඩුවෙලා
වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ මෙරටට අලුතින් විදේශ ආයෝජන ලැබීම අඩු වී ඇති බවත් මෙම වසරේ ලැබී ඇතැයි කියන ඩොලර් මිලියන 823 න් සියයට 67 ක් පසුගිය කාලයේ ගිවිසුම් වලින් ලැබී ඇති බවත් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා …
උසස් පෙළ අද සිට
මෙවර උසස් පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2362කදී අද (10) ආරම්භ වේ. විභාගය ලබන දෙසැම්බර් මස 05 දක්වා පැවැත්වේ. උසස් පෙළ විභාගය සඳහා මෙවර අයදුම්කරුවන් තුන්ලක්ෂ හතළිස්දහස් පන්සිය විසිපස් දෙනෙක් සුදුසුකම් ලබා ඇත. ඉන් පාසල් අයදුම්කරුවන් දෙලක්ෂ හතළිස් හයදහස් පන්සිය විසිඑක් දෙනෙක් වන අතර …
කාලගුණික බාධා වලින් උ/පෙළ විභාග සිසුන් ගලවා ගැනීමේ වැඩ සටහනක්
අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි ආපදාවලින් මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන් හට මුහුණුදීමට සිදු විය හැකි බාධා වළක්වා ගනිමින් විභාගයට පෙනී සිටීමේ ඉඩ ප්‍රස්ථා සැලසීමත් ආපදා හේතුවෙන් බාධාවක් නොවී විභාගය පවත්වා ගෙන යාම සඳහාත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ …
එක්දින – විස්සයි20 සංචිත නම් කරයි
පාකිස්තානයේදී මෙම මස 11 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියට සහ විස්සයි20 තුන්කොන් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිත දෙක නම් කර තිබේ.ආබාධයන්ට ලක්ව සිටීම නිසා වේග පන්දුයවන මතීෂ පතිරණට සහ ඩිල්ෂාන් මධුසංඛට පිළිවෙළින් විස්සයි20 සහ එක්දින සංචිතවල ස්ථාන අහිමිවී තිබේ. මෙම තරග සංචාරයේ එක්දින තරගාවලිය …
මධ්‍යම කඳුකරයේ රථ වාහන ගමනාගමනයට බාධා
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (08) පස්වරුවේ සිට ඇද හැලෙන වර්ෂාව සහ ඝණ මීදුම් තත්ත්වය හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. ඒ අනුව හැටන්-නුවරඑළිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මෙම ඝණ මීදුම් තත්ත්වය පවතින බවයි …
පාසල් විෂය පද්ධතියට නොගැලපෙන ලිංගික අධ්‍යාපනයකින් අපේ සංස්කෘතිය සභ්‍යත්වය විනාශ කරන්න දෙන්න බැහැ
මෙරට පාසල් විෂය පද්ධතියට නොගැලපෙන ලිංගික අධ්‍යාපනයක් පද්ධතියට ඇතුළත් කිරීම මගින් දරුවන් නොමග යවන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අනතුරු අඟවති.උන්වහන්සේ පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර සංවිධානවල බලපෑම් මත ලබන වසරේ ජනවාරි සිට ආරම්භ කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ එම …

පරණ යකඩ වලින් දෙනවා අලුත් කසිප්පු- ජා ඇල වත්තල හා පමුණුගමින් නැඟෙන හඬක්
ජා ඇල වත්තල හා පමුණුගම ආශ්‍රිත ව ඇති පරණ යකඩ උනු කිරීමේ කම්හල් වලින් එම ප්‍රදේශ වල ජල මූලාශ්‍ර වලට මුදා හරින යබොර මුසු ජලයෙන් නීති විරෝධී කසිප්පු පෙරීමේ නව ක්‍රමයක් ජාවාරම් කරුවන් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.මෙම යබොර මුසු ජලයෙන් දමන් කසිප්පු වඩියකින් වැඩි බෝතල් ප්‍රමාණයක් නිපදවා ගත හැකි සේම ඒවා අධික සැරකින් යුතු බව ද කියනු ලැබේ.ඒ සම්බන්ධ විද්‍යාත්මක සත්‍යය කුමක් දැයි අප නොදන්නා නමුදු මෙම ක්‍රමය එම ප්‍රදේශ වල යකඩ උනු කිරීමේ කම්හල් වල සේවය කළ හා කරන ඉන්දියානු කම්කරුවන් විසින් මෙරට …

අපේ රටේ නරි බෑණලා නරි නයිදෙලා මිස සැබෑ නරි නැත
එදා මෙදා තුර වේදිකා ගත වූ සිංහල වේදිකා නාට්‍ය අතුරින් මෙරට නාට්‍ය රසිකයන් ගේ සීමාව අතික්‍රමණය කොට සාමාන්‍ය ජනතාව අතරේ පවා අති මහත් ජනප්‍රියත්වයට පත් වූ සුවිශේෂ නාට්‍යයක් තිබේ. ඒ අප රටේ බිහි වූ විශිෂ්ඨතම නාට්‍ය කරුවකු වන දයානන්ද ගුණවර්ධන සූරීන් විසින් නිෂ්පාදනය කරන ලදුව 1960 නොවැම්බර් 04 දා කොළඹ …

ජනාධිපති ට්‍රම්ප් ලබා දී ඇති සහනය යහපත් ,එහෙත් අභියෝගය බලවත් – කරු ජයසූරිය නායක සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ශ්‍රී ලංකාවට අදාල තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩු කර තිබීම රටක් ලෙස අප හමුවේ පැවැති අභියෝගය සැලකීමේදී යම් ආකාරයක සහනයක් ලෙස සැකලකිය හැකි වුවත් ඉදිරියේ දී ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට සිදුකරන භාණ්ඩ අපනයනයේ දී ආසියානු රටවලින් ඇතිවන තරඟකාරී තත්ත්වය සැලකීමේ දී රටක් වශයෙන් අප සාමුහිකව හා සබුද්ධිකව ක්‍රියාකිරීමේ ඇති අවශ්‍යතාවය අවධාරණය කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු …
බළලෙකුට තම නිවහන හොයාගෙන කිමී 72ක් තනියම එන්න පුළුවන් ද?
රිදීගම පොලිසියේ හිටපු ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක හේමන්ත සුබසිංහ මහතා විසින් ඇතිදැඩි කරන ලද දෙහැවිරිදි “ටුටූ” බළලා රිදීගම පොලිස් ස්ථානාධිපති නිල නිවසේ සිට කිලෝමීටර් 72ක් ඈතින් පිහිටි මාවනැල්ල, හෙම්මාතගම ප්‍රදේශයට රැගෙන ගොස් දින 22කට පසු නැවතත් සිය හුරුපුරුදු නිවහන වූ රිදීගම පොලිස් ස්ථානාධිපති නිල නිවස කරා පැමිණීම පිළිබඳ පුවත මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබේ. මෙම විස්මයජනක සිදුවීම, බළලුන් සතු නිවෙස් සොයා ගැනීමේ අද්විතීය හැකියාව (Homing instinct) …
මහනුවර වන සත්ව සංගණනය බාබර් ගේ වැඩේ ටේලර් ට බාර දීමක් වේ ද?
මහනුවර වන සත්ව සංගණනය බාබර් ගේ වැඩේ ටේලර් ට බාර දීමක් වේ ද?රීටා ජෙනට් පෙරේරා පසුගිය මාර්තු 15 වන දා ජාතික මට්ටමේ සත්ව සංගණනයක් ලෙස හඳුන්වමින් සිදු කළ මොනරා, වඳුරා සහ දඬු ලේනා යන සතුන් සම්බන්ධ සමීක්ෂණය මේ වන විට පුස්ස බින්දාක් වැනි තත්වයකට පත් ව තිබේ.එහි යම් සාර්ථකත්වයක් වූයේ නම් ඒ ජනතාවට විහිළු සැපයීමක් ලෙසින් පමණි.තත්වය මෙසේ තිබිය දී එම නොවිධිමත් සමීක්ෂණයෙන් දිවයිනේ වැඩිම වන සත්ව …
අලි-මිනිස් ගැටුම් අවුළුවාලීමෙන් ග්‍රාමීය දුප්පත්කම පිටුදැකිය හැකිද?
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය විශාල ජනවරමකින් බලයට පත්වීමත් සමග ඔහුද නිතර සඳහන් කරන ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීම පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු රැසක් දැල්වින. එම බලාපොරොත්තු ඉටු කිරීමට නම් ශ්‍රී ලංකාවේ සමස්ත වියලි කලාපයම පාහේ ඇතුළත් විශාල වපසරියක පැතිරී ඇති අලි – මිනිස් ගැටුම අවම කිරීමට හිමිවිය යුත්තේ ප්‍රමුඛස්ථානයකි. එම සංකීර්ණ මානව – වනජීවී ගැටුම අවම කිරීම සඳහා මෙතෙක් භාවිතා කළ අවිද්‍යාත්මක, …

සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම
සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම යනු, ඔබ අනුභව කරනා ආහාර පිළිබඳව හොඳ අවධානයක් තිබීම, ඔබේ සැබෑ කුසගින්න සහ කුස හොඳින් පිරීම පිළිබඳ ඉඟි මෙන්ම ආහාර ගැනීමේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳවත් හොඳින්ම දැනුවත්ව සිටීමයි. ආහාර ගැනුමට දෙන අවධානය වෙනතකට යොමු කරන දේවල් ඉවත් කිරීම, සෙමින් ආහාර ගැනීම, සෑම අහර පිඬක්ම රස විඳීම සහ ආහාර සඳහා ඔබේ සිරුර හා මනස දක්වන ප්‍රතිචාර පිළිගැනීම, …
බොහෝ හෘද රෝගින්ට ඇස්ප්‍රීන් ලබාදෙන්නේ ඇයි? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
වර්තමානයේ බොහෝ දෙනෙකු තමන්ගේ තරුණවිය ඉක්මවා වැඩිහිටි වියට පැමිණෙන විට ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරුන් විසින් ඇස්ප්‍රීන් පෙත්තක් නිර්දේශ කරන අයුරු ඔබ දැක ඇත. මෙය සාමාන්‍ය වේදනාවකට හෝ උණ සෑදුණ විට ලබා දෙන ඇස්ප්‍රින් පෙත්තකින් (මිලිග්‍රෑම් 325) භාගයක් හෝ කාලක් විය හැකිය. (මිලිග්‍රෑම් 75, 100 හෝ 150) දිනපතා මෙසේ ඇස්ප්‍රීන් පෙත්තක් ගැනීමෙන් හෘදයාබාධයක් හෝ අංශභාග තත්ත්වයක් ඇති වීමේ අවදානම අඩු වේ. එහෙත් …

හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් කොහෙත්ම හොඳ නැද්ද?
අපේ රටේ ජංගම දුරකථන භාවිතය පවතින්නේ ඉතාමත් ඉහළ තලයක ය. එය නැතිවම බැරි මෙවලමක් බවට පත් වීමට බලපාන ප්‍රබල හේතුවක් නම් දුරකථන ඇමතුම් ලැබීම සහ ලබා ගැනීමත්, කෙටි පණිවිඩ ආදිය යැවීමත් යන දුරකථනයක් මගින් සිදු කරගන්නා අනිවාර්ය කාරණා කීපය හැරුණු විට ඊට වඩා තවත් ප්‍රබල විශේෂිත සේවාවන් රාශියක් මේ වන විට නවීන ස්මාර්ට් ජංගම දුරකථන මගින් ඉටුකර ගැනීමට හැකි වී තිබෙන නිසා ය. ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනකු හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් වැනි උපකරණ ද …

සතුන් ගෙන් අපට ලැබෙන උදව් වලට පුංචි නිදසුන් කිහිපයක්
මිනිසුන් සහ සතුන් අතර ඇති සබැඳියාවට ඇත්තේ අනාදිමත් ඉතිහාසයකි. මේ ඉතිහාසය මුළුල්ලේම සතුන්ගෙන් මිනිසුන්ටත්, මිනිසුන්ගෙන් සතුන්ටත් අන්‍යෝන්‍ය වශයෙන් ලැබුණු උදව් උපකාර ඉමහත්ය. කෙසේ නමුත් මිනිසා විසින් සතුන්ට කරනු ලබන උදව් උපකාරවලට වඩා විශේෂයෙන් ඉස්මතු වන්නේ සතුන් විසින් මිනිසාට සිදු කරන උදව් උපකාරයන්ය. මන්ද අප බොහෝ විට සිතන්නේ සතුන් යනු බුද්ධිමත්බවින් අඩු, කිසිවක් සිතාමතා සිදු කළ …
.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


බඹරගල ජන දුක සොයා ගිය ගමනක්
බලංගොඩ, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි පිහිටි බඹරගල කන්ද ඓතිහාසික වටිනාකමකින් යුතු සුන්දර වනාන්තර ප්‍රදේශයකි. අනුරාධපුර යුගයේ සිට ම ආරණ්‍යයක් වශයෙන් පැවති බවට පුරා විද්‍යාත්මක සාක්ෂි …
වන ජීවීන්ගේ ආරක්ෂාව සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් සහිත අතිශය සංවේදී පරිසර පද්ධති රැසකින් සමන්විත ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය, සීග්‍රයෙන් නාගරීකරණය වන බස්නාහිර පළාතේ …

තිත්ත සීනි ගැන ඔබට කියා දෙන “සීනි අම්මලා” ගේ කතා
‘සීනි අම්මලා’ සහ ‘සීනි තාත්තලා’ පිළිබඳ කතා මෑතක සිට අපට වැඩි වශයෙන් අසන්නට ලැබුණු ජනප්‍රිය කාරණා වන අතර මේ වසරේ මුල් භාගයේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු Sugar Mama චිත්‍රපටය, මේ පිළිබඳ …
සයිෆ් අලි ඛාන් ගේ කෝටි 2,800 යේ සුපිරි “මාළිගාව”
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා …

වන අලින් මැද මළ මිනියකට තනි රැක්ක ග්‍රාම නිලධාරී රොසලින් නෝනා – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
උතුරු නැගෙනහිර ත්‍රස්තවාදී යුද්ධය පැවැති සමයේ ත්‍රස්තවාදීන්ගේ තර්ජනයට ලක්ව තිබුණු ඓතිහාසික දීඝවාපිය ගමට නිල නායකත්වය සපයමින් ගම්වාසීන්ගේ කුදු මහත් කටයුතු සියල්ලම අප්‍රමාදව රජය සමග සම්බන්ධීකරණය කරමින් දිර්ඝ කාලයක් අනුපමේය මෙහෙවරක් දීඝවාපි ගමට හා ජනතාවට සිදු කළ විශ්‍රාමලත් ග්‍රාම නිලධාරීනි කේ. රොසලින් නෝනා මහත්මිය අභාවප්‍රාප්‍ත වූ බව මට දැන ගන්නට ලැබුණි …
ගැරඬි ඇල්ල බස් රථ ඛේදවාචකයට “අද්භූත හේතුවක් “මුල් වුණාද ?
පසුගිය 11 වන දා කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී වටිනා මිනිස් ජීවිත විසි තුනක් අහිමි කරමින් සිදු වූ බස් රථ අනතුරින් පසුව පැවැති මාධ්‍ය හමුවකදී එක් මාධ්‍යවේදියකු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ගෙන් තරමක් අමුතු පැනයක් ඇසී ය. ඒ එම අනතුරට කිසියම් අද්භූත බලපෑමක් මුල් වී …

මියගිය මුත්තණුවන් බිළිඳු මුණුපුරා ගේ ගෙල මිරිකන්න හදලා
ගම්පහ දිස්ත්‍රික්කයේ නගරබද ප්‍රදේශයක ජීවත්වන අවුරුද්දකුත් මාස තුනක් වයසැති පිරිමි දරුවෙකුට ඔහුගේ මියගිය මුත්තණුවන් හෙවත් පියාගේත් පියාගේ බැල්ම වැටී ඇතැයි පැවසෙන පුවතක් මීට කලෙකට ඉහත මට අසන්නට ලැබිණ. එම තොරතුරින් පැවසුණේ ඒබිළිඳු දරුවාගේ මුත්තණුවන් අදෘශමානව පැමිණ බිළිඳාගේ ගෙල සිර කරන බවකි. එවිට ඒ දරුවා දරුණු වේදනාවකට පත්ව උගුරෙන් අමුතු හඬක් …
සමහරු කියනවනේ, ඔය වැව තනවන තැනින් මම නිධානයක් ගොඩ ගත්තා කියලා! – බුළුගහගොඩ ශ්‍රී ජයසුමනාරාම විහාරාධිපති පූජ්‍ය බෝහෙට්ටියේ ආනන්ද හිමිපාණෝ
තමන් වහන්සේ අධිපති පදවිය හොබවන විහාරස්ථානය ඉදිරියේ අඩි හතළිස් හතක් උසැති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ස්ථාපිත කොට, ඉන් පසුව ඊට ඉදිරියෙන් ඇති පුරන් වූ කුඹුරු යායේ කිසිදු සම්මාදම් කිරීමකින් තොරව පෞද්ගලික මුදලින් වැවක් නිර්මාණය කරවීම මුල් කොට, තමන් වහන්සේ එම පුරන් කුඹුරු යායේ තිබී මහා ධන නිධානයක් ගොඩ ගත් …







