
![]()
“රිලා වඳුරු” සංගණන ප්‍රතිඵල “ෂුවර් මදි” ඒවා ජනතාවට දෙන්න බෑ
පසුගිය 15 වන දා පෙ.ව 8.00-8.05 අතර කාලය තුළ සිදු කරන ලද මෙරට සතුන් සංගණය සම්බන්ධ දැනට ලැබී ඇති දත්ත සියයට සීයක් නිවැරදි යැයි පිළිගත නොහැකි බව කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි තාක්ෂණික අධ්‍යක්ෂ හේමන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. ඒ අනුව දැනට ලැබී ඇති දත්ත නැවත වතාවක් …
උසස් පෙළ ප්‍රතිඵල අලුත් අවුරුද්දට පෙර නිකුත්කිරීමට උත්සාහයක්
අලුත් අවුරුද්දට පෙර උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව දැඩි උත්සාහයක් ගනිමින් සිටින බව එහි ආරංචි මාර්ග කීවේය.ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු බොහෝ දුරට අවසන් වෙමින් පවතින බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය. පසුගිය වසරේ නොවැම්බර් මස 25 වැනිදා පැවැති මෙම විභාගය …
“රිළා වඳුරු” සංගණන වාර්තතාව කල් යයි
මාර්තු 15 වන දින දිවයින පුරා පවත්වන ලද සත්ව සංගණන වාර්තතාව අද(28) ප‍්‍රකාශයට පත් කළ හැකි බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළ ද තව දුරටත් දත්ත සමාලෝචනය කිරීමට අවශ්‍ය නිසා එය තව දුරටත් ප්‍රමාද වන බව වාර්තා වේ.නමුත් එම සත්ව තොරතුරු විමසුම …
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. මීට අදාළ ලිපිය ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක සහ අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා වෙත යොමු කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචිමාර්ග කියා සිටියි. ඔහු ජාතික ජන බලවේගයේ ප්‍රවාහන කමිටුවේ සභාපතිවරයා ලෙස ද …
මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම අනුමත කරන්න බෑ
මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අග විනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය තමන් කිසිසේත්ම අනුමත නොකරන බව පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.ඔහු සඳහන් කරනුයේ පසුගිය රජයන් ගත් එවැනි වැරදි තීරණ වර්තමාන රජය විසින් නොගතයුතු බවකි.මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ මේ වන විට …
ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන අදත් ක්‍රියාත්මකයි
ඩෙංගු මදුරු මර්දන වැඩසටහන යනු සාම්ප්‍රදායික ව්‍යාපෘතියකට එහා ගිය ක්‍රියාන්විතයක් බැවින් එයට ජනතා සහභාගීත්වය අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි. කොළඹ මහ නගර සීමාව ඇතුළුව ගම්පහ, කළුතර, මාතර, මාතලේ, මඩකලපුව, රත්නපුර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් …

වෛද්‍ය වර්ජනය ස්ථාන මාරු අර්බුදය මැද අසරණ වන රෝගී ජීවිත – විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඉකුත් 2 වැනිදා පෙරවරු 8 සිට පැය 24 පුරා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළේය. ඔවුන් පවසන පරිදි මෙවර සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් සඳහා වන පත්වීම් ක්‍රමය වෙනස් කිරීම සහ අනෙකුත් වෛද්‍ය ස්ථාන මාරුවීම් පටිපාටියට දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවීමට ඉඩකඩ සැලසීම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ. සාමාන්‍යයෙන් සීමාවාසික වෛද්‍යවරුන් තම පුහුණු කාලසීමාව නිමා කළ පසු, ඊළඟ සේවා ස්ථානය තීරණය කරනු ලබන්නේ ඔවුන් මහන්සි වී පාඩම් කර ලබාගත් ලකුණු ප්‍රමාණය මත පදනම් වූ කුසලතා පටිපාටියකට අනුවය. එහෙත් නව ක්‍රමය …

යකාටත් මචං කියූ යක්ෂ යක්දෙස්සෝ
මිනිස් සිරුරකට බාහිරින් අද්භූත බලවේග පිවිසිය හැකි බවට ලොව පුරා පැතිර ගිය ජන විශ්වාසයක් තිබේ. විද්‍යාත්මක වශයෙන් මුළුමනින් ප්‍රතික්ෂේප වුව ද යක්ෂයන්, භූතයන්, ප්‍රේතයන් හෝ වෙනත් අදෘශ්‍යමාන පාරභෞතික ශක්තීන් මිනිස් සිරුරු තුළට පිවිසීම සම්බන්ධයෙන් ලොව සෑම ආගමික සංස්කෘතික ධාරාවක ම සාකච්ඡාවට බඳුන් ව තිබේ. ප්‍රධාන වශයෙන් සංස්කෘතික, ආගමික, විද්‍යාත්මක හා …

No posts found.

කිරි පිටි ගෙන්වීම නතර කොට රටේ අවශ්‍යතා දියර කිරි වලින් සපුරා ගැනීමත් “කිරි සිහිනයක්ද?”
මේ දිනවල මෙරට දැඩි කිරි පිටි හිඟයක් පවතී. ඉදිරියේ දී කිරි පිටි ආනයනය නතර කර මෙරට අවශ්‍යතා සපිරෙන ලෙස දියර කිරි නිෂ්පාදනය වැඩි කරන බව වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. නමුත් මෙය බරපතල ප්‍රායෝගික ගැටලු රාශියක් මතු කරවන්නකි.කුඩා දරුවන්ට කෙසේ වුවද වැඩුණු දරුවන්ට සහ වැඩිහිටියන්ට කිරි අත්‍යවශ්‍ය දෙයක් නොවේ. නමුත් උදේට කිරි තේ එකක් අත්‍යවශ්‍ය වන තරමට අපේ රටේ ජනතාව කිරි බීමට ඇබ්බැහි වී සිටිති.කෙසේ වුවද කිරිපිටි …
මුදල් අච්චු ගහන ‘යන්ත්‍ර’හැදුවේ කවුද?
මීට දින දෙකකට පමණ පෙර මගේ ‘වට්ස්ඇප්’ පිටුවට ශ්‍රී ලංකාවේ මගේ හිතාදර මිත්‍රයකුගෙන් ලිපියක් ලැබුණි. එම ලිපිය ඉන්දීය නිදහස් ජනමාධ්‍යවේදියකු වන රජීව් ශර්මා නමැත්තෙකු විසින් ලියන ලද ලිපියක සිංහල පරිවර්තනයකි. ශර්මා විසින් මෙම ලිපිය ලියා ඇත්තේ 2012 ඔක්තොම්බර් මස 25 වැනිදා යැයි මට එවන ලද ලිපියේ සඳහන් වී ඇත. ඒ ශර්මා නියෝජනය කරන වෙබ් අඩවියකට ය. එම වෙබ් ලිපිනය ද එහි සඳහන් ය. මෙම ලිපිය මගින් විමසා …
ඇඳිරි නීතිය අස්සේ ලොතරැයි අලෙවියට දුන් ඉඩ මත්පැන් වලටත් හිමි වේද?
නිරෝධායන ඇඳිරි නීතිය පනවා මේ වන විට මසකට ද ආසන්න ය. රජය ඉදිරිපත් කරන දත්ත අනුව නිරෝධායන ඇඳිරි නීතිය සාර්ථක ය. කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම හා කොවිඩ් මරණ අඩුවී තිබේ. නමුත් පී.සී.ආර් පරික්ෂණ හා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ ද අඩුවී ඇත. කොවිඩ් රෝගීන් අඩුවීමට හේතුව පරීක්ෂණ අඩුවීම නොව නිරෝධායන ඇඳිරි නීතිය බව රජයේ පාර්ශව පුරාජේරුවෙන් ප්‍රකාශ කර සිටිති. මෙය නිරෝධායන ඇඳිරි නීතිය ලෙස හැදින්වුවද ඇදිරි නීතිය පනවන්නේ මහජන …
එන්නතක් ගැනීම උල තැබීමක් සේ හැඟෙන මොකක්ද මේ Trypanophobia?
පසුගිය දිනෙක ගාල්ල සංඝමිත්තා බාලිකාවේ පැවති කොවිඩ් එන්නත් කරන වැඩසටහනේ දී එන්නත ලබාගත් බවට කාඩ්පතේ සටහනක් ද ඇතුලත් කරගත් පසුව එන්නත ලබා නොගෙන පලායාමට උත්සාහ කළ සිව් දෙනකු අත්අඩංගුවට පත් වූ පුවත ඔබ ද අසන්නට ඇති .කොවිඩ් වෛරසය මෙතරම් වින්නැහියක් කරන යුගයක කෙසේ හෝ එන්නත ලබා ගන්නට පොරබදන මිනිසුන් අතරේ එය සූක්ෂමව මගහැර පලා යන්නට උත්සාහ දැරීම සාමාන්‍යයෙන් සිදු විය හැක්කක් නොවේ .හය හතර නොතේරෙන කුඩා දරුවකු …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

වෛද්‍ය වරුන් ඉදිරියේ දී ඔබත් මෙවැනි කෙනෙක් ද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
මෑතකදී වෛද්‍යවරයකු වෙත පැමිණි‚ එක්තරා රෝගියෙකු වෛද්‍යවරයා තම රෝගය ගැනත්, ප්‍රතිකාර ගැනත් දෙන ලද උපදෙස් සාවධානව අසා හිඳ අන්තිමේ මෙවැනි ප්‍රශ්නයක් නැගුවේය. “ඩොක්ටර් මං ඉදල හිටල පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තට කමක් නැද්ද?˜ ඉදහිට ඉතා කලාතුරකින් මත්පැන් ස්වල්පයක් ගැනීමෙන් එම රෝගයට බලපෑමක් ඇති නොවන බව වටහා ගත් වෛද්‍යවරයා එය කලාතුරකින් ඉතා ස්වල්පයක් ලෙස සලකා වරදක් නැතැයි කීය. ඕනෑම වෛද්‍යවරයකු තමන් කරා එන රෝගියකුට ප්‍රතිකාර නියම කර තවත් පිළිපැදිය යුතු දේවල් පිළිබද උපදෙස්ද ලබා දීම සාමාන්‍ය ස්වභාවයයි …

No posts found.

No posts found.
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


ලංකාවට ඉදිරියේ දී සුළි කුණාටුවලින් වැඩි අවදානමක් ?
මෙම සටහන ලියන අවස්ථාව වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් තිබූ ඇතැම් කටකතාවලින් පැවසුණේ ලඟදීම ශ්‍රී ලංකාවට තවත් සුළි කුණාටුවක් කඩා වදින්නට ඉඩ ඇති බව යි …
COP 30 හරහා තව දුරටත් මුතුවන දේශගුණ උණුසුම
අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතලම ගෝලීය අර්බුදය වන දේශගුණික විපර්යාසය අප සිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස …

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්
නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …
පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!
වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

ගෙදර කියා ප්‍රකට ගෙවල් තුළ සැඟවුණු අතීත රස කතා
චීන අඩි හෙවත් චීනාඩි යනු මේ වන විට මුළුමනින් අභාවයට ගොස් ඇති ආත්මාරක්ෂක සටන් කලාවකි.නමුත් ඒ නම හා සම්බන්ධ `චීනාඩි ගෙදර’ නමින් හැඳින්වෙන නිවසක් බෙලිඅත්ත, කුඩාහීල්ල ප්‍රදේශයේ තිබේ. එයට එම නම ලැබී ඇත්තේ ඊට සම්බන්ධ යම් ඉතිහාසයක් නිසා ය. දහනව වන සියවසේ අග භාගයේ දී එම ප්‍රදේශයේ සේරුගහහේන නම් ඉඩමක …
වියපත් වූවන් පිළිබඳ සමාජමය ගැටළු වලට විසඳුම් නැත්තේ ඇයි? – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මේ වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පසුගිය දා අනාවරණය කොට ඇත. වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය …

වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා නොදත් පොලිස් ආඥා පනත – ප්‍රියන්ත ජයකොඩි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
පසුගියදා කොළඹ ප්‍රදේශයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමක මුලසුන හෙබවූ රජයේ මහජන ආරක්ෂක කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම නීතිඥ සුනිල් වටගල මහතා, තම බල ප්‍රදේශයෙන් පිටත පොලිස් බල ප්‍රදේශයක මත්ද්‍රව්‍ය වැටලීමක් කිරීම සම්බන්ධව පොලිස් ස්ථානාධිපතිවරයෙකු සභාවක් ඉදිරියේ දෝෂදර්ශනයට ලක් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් …
ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය
මිනිසාට ආගමක් අවශ්‍ය ද? යන සංවාදය ලොව පුරා නිබඳවම පවතින්නකි. එහිදී බොහෝ දෙනකුගේ අදහස වනුයේ, තමන්ගේ ලෞකික හා මරණයෙන් මතුව ඇතැයි විශ්වාස කරන පාරලෞකික අභිමථාර්ථ ඉටු කර ගැනීම හා ආරක්ෂාව තකා මිනිසා ස්වාභාවිකවම ආගම්වලට නැඹුරු වන බවකි. රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍රයන් හා බද්ධ වූ මෙම සංයුක්ත …


