කලා ඔය ආශ්‍රිත පහත් බිම්වල පදිංචි අයට දැනුම්දීමක්
ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි තුනක් උසට විවෘත කර තිබේ. එයින් තත්පරයකට ජලය ඝණ අඩි 1750ක් කළා ඔයට මුදා හරින බවයි සඳහන් වෙයි. එබැවින් කලා ඔය ආශ්‍රිත පහත් බිම්වල පදිංචි අය අවධානයෙන් සිටිය යුතු බව රාජාංගන …
සාමාන්‍ය පෙළ අයදුම්පත් භාරගැනීම අද සිට
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය 2024(2025) සඳහා අයදුම්පත් කැඳවීම අද (05) සිට ලබන30 දක්වා මාර්ගගත ක්‍රමයට සිදු කරනු ලබන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් සිය පාසල් විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව මාර්ගගතව …
අදත් පළාත් කිහිපයකට තද වැසි
අද (05) දිනය තුළ මධ්‍යම, සබරගමුව, උතුරුමැද, ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම නිවේදනයට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.ඒ …
ඇමෙරිකානු ජනාධිපතිවරණය අදයි
ලොව ප්‍රබලතම මැතිවරණය සේ සැලකෙන ඇමෙරිකානු ජනාධිපතිවරණය අද (5) පැවැත්වේ.මෙවර රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා 60 හැවිරිදි කමලා හැරිස් අතර තියුණු තරගයක් පවතින බවට අනාවැකි පළ වී තිබේ.මෙවර ඇමෙරිකාවේ ජනාධිපතිවරණයේ දී අපේක්ෂක දෙපළ ඊයේ ඔවුනොවුන්ගේ අවසන් ප්‍රචාරක රැලි සඳහා …
මැතිවරණ දින පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කෙරේ
පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබේ.මැතිවරණ පැවැත්වෙන දිනය ජනාධිපතිවරයා විසින් මැතිවරණ පනතට අනුකූලව නිවැරදි ලෙස නියම කර ඇති අතර මේ …
මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
බෞද්ධ දර්ශනය සහ සංස්කෘතිය හා සමයාන්තර ධර්ම පිළිබඳ ගැඹුරු පර්යේෂණ සිදු කොට ඇති ප්‍රාමාණික විද්වතකු වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වූ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා (80) රෝගාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (03) අභාවප්‍රාප්ත විය. විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු ලෙස ශ්‍රී …
නොබෙල් සම්මාන දෙකක් මෙවර ආසියාවට
2024 වසරේ නොබෙල් සම්මාන හිමි කරගන්නා අය ගේ නම් පසුගිය දිනවල ප්‍රකාශයට පත් කරනු ලැබිණි. සෑම වසරකම මෙම සම්මාන දිනා ගන්නා පුද්ගලයන්ගේ සහ සංවිධානවල නම් අදාළ වර්ෂයේ ඔක්තෝබර් මාසයේ ප්‍රකාශයට පත් කරනු ලබයි. එලෙස ඔක්තෝබර් මාසයේ නම් ප්‍රකාශ කළත් සම්මාන ප්‍රදානය කෙරෙන්නේ දෙසැම්බර් මාසයේ යි. දකුණු කොරියාවේ හැන් කාං ක්‍ෂේත්‍ර පහක විශිෂ්ට සොයා ගැනීම්, පර්යේෂණ සහ ක්‍රියාකාරකම් වෙනුවෙන් මෙම සම්මාන පිරිනමනු ලැබේ. එම ක්‍ෂේත්‍ර පහ නම් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය සහ සාමය යන ඒවා යි. මෙම ක්‍ෂේත්‍ර සඳහා සම්මාන පිරිනමන්නේ ඇල්ෆ්‍රඩ් නොබෙල් …
සමාජමය මානසික පීඩනයන්ට සොබා දම ඇසුරින් සහනයක්
වාර ප්‍රකාශනයකට ලිපියක් ලබාගනු පිණිස මම පසුගිය දිනයෙක එක් තරුණ විශ්ව විද්‍යාල ආචාර්යවරයකුට දුරකථනයෙන් කතා කළෙමි.එවිට ඔහු පවසා සිටියේ ඒ වන විට තමන් කෙතරම් මානසික පීඩනයකින් පසු වන්නේ ද යත් ඒ වන විට නියැලෙමින් සිටි ශාස්ත්‍රීය පර්යේෂණය පවා මුළුමනින් නවතා දමා ඇති බවකි. ඊට හේතුව වශයෙන් ඔහු පවසා සිටියේ මුල …
පිළිකාවෙන් පසු චාල්ස් රජු සහභාගි වන ලොකුම අවස්ථාව
චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව සොයා ගැනීමෙන් පසු ඔහු උත්සව වැනි කිසිදු ප්‍රසිද්ධ අවස්ථාවකට සහභාගි වුණේ නැහැ. නමුත් පළමු වතාවට ඔහු එබඳු අවස්ථාවකට සහභාගි වීමට නියමිත බව මේ වනවිට වාර්තා වෙනවා. මෙම අවස්ථාව නම් ලබන ඉරිදා (31) ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවැත්වෙන පාස්කු දේව මෙහෙය යි. මෙම දේවස්ථානය පිහිටා ඇත්තේ වින්ඩ්සර් මාළිගය පිහිටි භූමියේ යි. චාල්ස් රජු මෙම අවස්ථාවට සහභාගි වනු ඇති බව මේ වනවිට බකිංහැම් මාළිගය …
සමාජයේ බොහොමයක් දෙනා කීර්තිමත් පුද්ගලයන් ගේ ඕපාදූප පසුපස ලුහු බඳින්නේ ඇයි?
සති අන්ත පුවත්පතක් නිවසට රැගෙන විට බොහෝ දෙනෙකු මුලින්ම කියවන්නට තෝරා ගන්නේ විවිධ නම්වලින් ඇති අතිරේකයන්ය. අතිරේකයන් කිහිපයක් තිබේ නම් නළු නිළියන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඕපාදූප සහිත අතිරේකය තෝරා ගෙන කියවන්නට පටන් ගන්නා බව නිතර දෙවේලේ අත්දකිනු හැකි දෙයකි. ෆේස්බුක්, යූටියුබ් වැනි සමාජ මාධ්‍යවලට පිවිසෙන බහුතරයකගේ තත්ත්වය ද එසේමය. ඕපාදූප පිළිබඳ උනන්දුවක් නොමැති අය පවා මදක් නැවතී මෙවැනි ඕපාදූප කියවන්නට කාලය මිඩංගු කරන්නට දෙවරක් සිතන්නේ නැත. මිනිසා …
ළමා ලිංගික අපයෝජන නිත්‍යානුකූල කරන්න හැදුවේ ශිෂ්ට සමාජය මිලේච්ඡ කරන්නද? – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ නීති වෛද්‍ය නිලධාරී ජාතික රෝහල මහනුවර
ස්ත්‍රී දුෂණය සම්බන්ධව 1995 වසරේ දණ්ඩ නීති සංග්‍රහයට හඳුන්වා දුන් සංශෝධනය මගින් ගැහැණු ළමයෙකුට ලිංගිකව හැසිරීම සඳහා කැමැත්ත දිය හැකි අවම වයසක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව එම වයස අවුරුදු දහසය ලෙසයි; නීතිගතව තියෙන්නේ.නමුත් විවාහ වීම ද ඇතුළුව අනෙකුත් ගිවිසුම් වලට ඇතුළත් වීමේ අවම වයස සීමාව ලෙස සලකන්නේ වයස අවුරුදු දහ අටයි. එසේම ශ්‍රී ලංකාවේ වයෝ පූර්ණත්වයට පත්වීම; එනම් වැඩිහිටි පුද්ගලයෙකු ලෙස නෛතිකව පිළිගන්නා වයස වන්නේ ද …
සත්තු රකින්න ගිහින් උසාවි ගිය වාර අනන්තයි! – අයිරාංගනී ද සිල්වා
සතුන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් පෙනී සිටින සංවිධාන බොහොමයකි. කරුණාව පෙරදැරිව සැබැවින් ම සතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටින සංවිධාන මෙන්ම ඩොලර් ඉපැයීම ම පරමාර්ථය කර ගත් සංවිධාන ද ඒ අතර බොහොමයකි. දැන් අප කතා කිරීමට පසුබිම සකසන ‘සත්ත්ව සුබසාධන භාරය’ සභාපතිනී අයිරාංගනී ද සිල්වා ජීවිතයෙන් වැඩි කාලයක් කැප කර ඇත්තේ සත්ත්ව සුබසාධනය සම්බන්ධයෙනි. ඒ මුදල් ඉපැයීමේ අරමුණෙන් නොව, අසරණ සතුන්ට වන හිංසා, පීඩා අවම කිරීමේ පරමාර්ථයෙනි. සතුන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් …
ලොස් ඇන්ජලීස් ලැව් ගින්න අපට කියන කතාව – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් හි ලැව් ගින්න වේගයෙන් පැතිරෙමින් පවතින අතර එම කලාපයේ හටගෙන තිබෙන ලැව් ගිනි පහෙන් එකක්වත් නිසි ලෙස පාලනය කර ගැනීමට ගිනි නිවන හමුදා නිලධාරීන් මෙය ලියන මොහොත වනතුරුත් සමත් වී නොමැත. ඇමරිකානු ඉතිහාසයේ දරුණුතම ලැව් ගින්න ලෙස සැලකෙන මෙම පැලිසේඩ්ස් ලැව් ගින්නෙන් මේ මොහොත වන විට අක්කර විසිතුන් දහසක පමණ ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන දැවී අවසන් බව පැවසේ …
සුවබර දිවියකට අවැසිම විවේකය – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
විවේකය මිනිස් සිරුරට කෙතරම් වැදගත් ද කියා ඔබ දැන සිටියාද? එය හරියටම තේරුම් අරගෙන සිටියා නම් රොබෝ යන්ත්‍ර වගේ කිසිම විවේකයක් නොගෙන එක දිගට වැඩ කරන බොහෝ දෙනෙක් මඳක් විවේක ගැනීමට සිතට ගනීවි. විවේකය යන වචනය ඇසුනු විටම අපට මතකයට එන්නේ කිසිදු වැඩක් නොකර හාන්සි වී හෝ වාඩි වී සිටින ඉරියව්වක් නේද? නමුත් විවේකය කිහිප ආකාරයකින් අර්ථ දක්වන්න පුලුවන්. සිරුරට …
වේදනාව සහ නිදන්ගත වේදනාව යනු කුමක්ද ?
මේ දෙකෙහි ඇති වෙනස පිළිබඳව ඔබට යම් වැටහීමක් ඇතැයි සිතමු. අප මේ කතා කරන්නේ නිදන්ගත වේදනාව සුව කළ හැකි ක්‍රම පිළිබඳවයි. මේ සඳහා නොයෙකුත් ක්‍රමවේදයන් තිබේ. එය ඖෂධ සහ ඖෂධ නොවන ප්‍රතිකාර ලෙස දක්වන්නට පුළුවන. ඖෂධ නොවන ප්‍රතිකාර අතරට භෞත චිකිත්සක ප්‍රතිකාර විධි, ව්‍යායාම, භාවනාව සහ සැත්කම් ආදිය අයත් වේ. මෙහිදී සාකච්ඡා කරන්නේ මෙම ඖෂධ නොවන මැදිහත්වීම් පිළිබඳව ය. ඖෂධ නොවන මැදිහත් වීම් බොහෝ නිදන්ගත වේදනා, ඖෂධ ප්‍රතිකාර සහ භෞත චිකිත්සක ප්‍රතිකාර මගින්ද සුව නොවිය …
No posts found.
අසරණ සුනඛයෙක් සිසුවකුගේ ජීවිතය බේරා ගනී
අද(25) පෙරවරුවේ දුම්රිය පළ අද්දර හරස් මාර්ගයකදී දී දුම්රියේ ගැටෙන්නට ගිය පාසල් සිසුවකු දුම්රිය පළ අවට දිවි ගෙවන අසරණ සුනඛයකුගේ ක්ෂණික මැදිහත් වීමකින් දිවි බේරා ගැනීමේ පුවතක් අලව්වෙන් වාර්තා වෙයි.සිද්ධිය ඇසින් දුටුවන් පවසන අන්දමට මෙය සිදු වී ඇත්තේ අද පෙරවරු හතත් අටත් අතර ය. පාසල් නිල ඇඳුමකින් සැරසුණු වයස අවුරුදු පහලොවක පමණ පිරිමි දරුවකු ඒ …
.
Ath Piliru Sewane Namal Wijesinghe & Lasantha Abeypala
වෙනස් පරිසර අත්දැකීමකට ඔබව කැඳවාගෙන යන උස්සන්ගොඩ
අම්බලන්තොට ප්‍රදේශයේ නෝනාගම සිට මීටර් පන්සීයක් පමණ ඉදිරියට ගියවිට මුහුදු තීරයට ආසන්නයේ පිහිටි ඉතාමත් සුන්දර ස්ථානයක් පිළිබඳව මේ විස්තර කරන්නෙ. කලමැටිය අභය භූමියේ හෙක්ටයාර් 111 …
සුරංගනාවියන් ශ්‍රී පාදය වඳින්න ගිය පාර හරහා වැටී ඇති මාපලාන ඇල්ල
රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී පලාබද්දල ශ්‍රීපාද මාර්ගයට මීටර් පන්සියයක් පමණ නුදුරින් පිහිටි අලංකාර දිය ඇල්ලක් ගැනයි මේ කතා කරන්නේ. ශ්‍රී ලංකාවේ දිය ඇලි අතර උසින් සිවුවැනි …
බොලිවුඩයේ සුපිරි නිළි දීපිකා පාදුකෝන් ගැන අලුත් ආරංචියක්
ජනප්‍රිය බොලිවුඩ් නිළි දීපිකා පාදුකෝන් විශේෂ කාරණයක් නිසා මේ දිනවල මාධ්‍ය තුළ කතාබහට ලක් වෙනවා. මෙය සිනමාවට අදාළ කාරණයක් නම් නොවෙයි. දීපිකා මේ දවස්වල සිටින්නේ මවක වීමට සූදානම් වෙමින්. ඇය …
ෂාරුක් ගේ ‘පතාන්- 2’ ගැන ආරංචියක් !
ෂාරුක් ඛාන් රඟ පෑ ‘පතාන්’ චිත්‍රපටය සිනමාලෝලීන් වසඟයට ගත් සිනමාපටයක් වූ බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එය රස විඳි ප්‍රේක්‍ෂකයන්ට මේ දිනවල තවත් සතුටුදායක ආරංචියක් අසන්නට ලැබෙනවා. එනම් එහි දෙවැනි …
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දිසාපති;ලයනල් ප්‍රනාන්දු – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු දිසාපති
එදා මෙදා තුර ශ්‍රී ලංකා පරිපාලන සේවාවෙන් බිහි වූ විශිෂ්ඨතම දිසාපතිවරයා නැත්නම් ආණ්ඩුවේ ඒජන්තවරයා වූ ලයනල් ප්‍රනාන්දු මහතා දිවියෙන් සමුගත් පුවත අප කාගෙත් සිත් සොවින් බර කරන පුවතකි.ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ විශ්‍රාමිකව සිටින අප වැනි පිරිසෙන් සුවිශාල පිරිසකුත් “ලයනල් ප්‍රනාන්දු ” පිළිබඳ මතකයන් සහිතව තවදුරටත් සේවයේ නිරත නිලධාරීනුත් එකී මතකයන් …
එකම ග්‍රහ අපලය සෑම කෙනකුටම එක සේ බලපානවාද? – හේම ශ්‍රී අමරසිංහ
එකම ග්‍රහ අපලය සෑම පුද්ගලයකු සම්බන්ධයෙන්ම එක සේ බලපාන බව සමාජයේ පවත්නා පොදු විශ්වාසයකි. එහෙත්, එය නියත සත්‍යතාවක් ඇති කතාවක් නොවේ.ඒ ග්‍රහ අපල වල බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට එකි`නෙකාට වෙනස් අයුරින් බලපාන බැවිනි. මිනිසුන් කෙරෙහි පුද්ගල වශයෙන් එල්ලවන ග්‍රහමය බලපෑම් පිළිබඳ විශ්වාසය මානව ශිෂ්ඨාචාරයේ ආදිතම යුගය දක්වා අතීතයට දිව යන්නකි. මෙලොව …
අත එසවූ සැනින් වේදිකාවට ගොඩ වූ මළ පෙරේතයා
ගුප්ත ශාස්ත්‍ර විශාරදයන්, ආධ්‍යාත්මවේදීන්, මහානුභාව සම්පන්න යෝගීන්,දේව නියෝජිතයන් ආදී වශයෙන් හඳුන්වාගනු ලබන බොහෝ දෙනෙකු අපි රූපවාහිනී සහ මුද්‍රිත මාධ්‍යයන් තුළින් දැක ඇත්තෙමු. එමෙන්ම ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඔවුනටම ආවේණික අමුතු අමුතු ඇඳුම් විලාසිතාවලින් සැරසී සිටින බවත් ඔබ දැක ඇත.සාමාන්‍ය ජීවිතයේ දී හැඳ පැළඳ පාරක තොටක යා නොහැකි මේ අමුතු ඇඳුම් ආයිත්තම් …
ගණේමුල්ලේ දී දුම්රියට පැන්න තරුණයා එක් වරම අතුරුදන්!
ගණේමුල්ලේ, බුළුගහගොඩ පදිංචි සරත් සමරකෝන් මහතා විශ්‍රාමික දුම්රිය රියැදුරෙකි. මීට වසර පහළොවකට පමණ පෙර සේවයේ යෙදෙන කාලයේ එක්තරා දිනයක පස්වරු 5.25ට කොළඹ කොටුවෙන් මීරිගම දක්වා ධාවනය වූ අංක 175 දරණ දුම්රියේ රියැදුරු ලෙස කටයුතු කළේ ඔහු ය. මගී මැදිරි අටකින් යුතු එම දුම්රිය සඳහා යොදවා තිබුණේ එංගලන්යේ නිෂ්පාදනය කරනු ලදුව …