පාසල් සිසු සිසුවියන් ඇතුළු ඕනෑම ශ්රී ලාංකිකයකු ආහාර අහේනියකින් සිටී නම් ඒ ගැන සොයා බලා සහන සැලසීමට ජනාධිපති කාර්යාලයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ඒකකයක් ස්ථාපිත කර තිබේ.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම ඒකකය පිහිටුවා ඇත.
මෙම ඒකකය ඇමතීමට විශේෂ දුරකථන අංක ද හඳුන්වා දී තිබෙන අතර 0114354647 හෝ 0114354354 අමතා දිගු අංක 5705 / 5707 ඔස්සේ එම ඒකකය හා සම්බන්ධ වෙමින් තොරතුරු ලබාදිය හැකිය.
ප්රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්රික් ලේකම් කාර්යාල මට්ටමින් මෙි වැඩසටහන ක්රියාවට නංවා තිබෙන බව ජනාධිපති කාර් යාලය සඳහන් කරයි.