hotline

මුල් මාස 6 තුළ මෙරටින් නව HIV ආසාදිතයින් 238ක්

මේ වසරේ මුල් මාස 6 තුළ මෙරටින් නව HIV ආසාදිතයින් 238 දෙනෙකු වාර්තාවී ඇතැයි, ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩිස් මර්දන වැඩසටහන පවසයි. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත HIV ආසාදිතයින් සංඛ්‍යාව 7,890 ක්. විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ පැවසුවේ, මෙරට ජනතාව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ දැනුවත් …

ශිරන්තිට විවෘත හෘද සැත්කමක්?වෛද්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් කැඳවීමට අධිකරණ නියෝග

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේදී විවෘත හෘද සැත්කමක් සිදු කිරීමට නියමිත බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අද (13) අධිකරණයට දැනුම් දී තිබේ.ඒ අනුව ඇයගේ වෛද්‍ය තත්ත්වය සහ සිදු කෙරෙන ප්‍රතිකාර සම්බන්ධයෙන් කරුණු තහවුරු කර අධිකරණයට වාර්තා කරන ලෙස …

බන්ධනාගාර තදබදයේ අඩුවීමක්

රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීම කඩිනම් කිරීම හේතුවෙන් බන්ධනාගාර තදබදය අඩුවෙමින් ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පසුගිය මාස කිහිපය තුළ බන්ධනාගාර ගතව සිටි රැඳවියන්ගේ සංඛ්‍යාව හාර දහසකින් අඩුවී ඇති බවයි. මීට මාස කිහිපයකට පෙර දිවයිනේ සියලු බන්ධනාගාරවල රැඳවියන් හතලිස් දෙදහසක් පමණ රඳවා සිටියා.බන්ධනාගාර දෙපාර්තමේන්තුව …

නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ උපදෙස් මාලාවක්.

නේපාලයේ ගෝර්කා, ධාඩිං, නුවාකොට් සහ චිට්වාන් යන දිස්ත්‍රික්කවල හෝ බුධිගන්ධකි ගංගා නිම්න ආශ්‍රිතව දැනට රැඳී සිටින හෝ සංචාරය කරන සියලුම ශ්‍රී ලාංකිකයින්ට දැඩි ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙයි. ඒ ගෝර්කා දිස්ත්‍රික්කයේ උප ගංගාවකින් හටගත් හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් …

චාමර සම්පත් රක්ෂිත බන්ධනාගාරයට; නාමල් රාජපක්ෂ රඳවා සිටින වාට්ටුවේ

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රඳවා සිටින වාට්ටුවේම රඳවා තබා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.ඊයේ (12) පස්වරුවේ …

තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, දකුණු පලාත් සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා තද වැසි සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.බස්නාහිර, සබරගමුව සහ දකුණු පලාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී …

අඩි 34,000ක් ඉහළ අහසේ ගුවන් නියමු කුටියක් තුළ සිදු වූ පිහි ඇනුමේ කතාව

ලෝක ගුවන් සේවා ඉතිහාසයේ අතිශය දුර්ලභ ගණයේ සිදුවීමක් පසුගිය සැප්තැම්බර් 30 වැනිදා වාර්තා විය. ඒ අඩි 34,000ක් ඉහළ අහසේ ගුවන් යානයක නියමු කුටිය තුළ සිදු වූ පිහි ඇනුමකි. ඩුබායි සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව් බලා පියාසර කරමින් තිබූ ෆ්ලයිඩුබායි ගුවන් සේවයට අයත් FZ1073 දරන බෝයිං 737 මැක්ස් 8 යානයේ නියමු කුටිය තුළ ඇති වූ ප්‍රචණ්ඩ ගැටුම හේතුවෙන් යානය තත්පර 30ක් තුළ හදිසියේම විශාල උසකින් පහළට ඇද වැටී තිබිණි. අවසානයේදී එය සෞදි අරාබියේ ටබුක් ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩබෑමකට ලක් කිරීමට සිදුවිය. තුවාල ලබා සිටි ප්‍රධාන නියමුවාගේ …

ගත්කතුවරුන් කවීන් මුදල් ලුහුබැඳීම වරදක් ද?

සාහිත්‍යය යනු මිනිසාගේ අත්දැකීම්, සිතුවිලි, හැඟීම් සහ සමාජ යථාර්ථය වචන බවට පත් කරන අතිප්‍රබල මාධ්‍යයකි. එබැවින් සැබෑ ගත්කතුවරයකුගේ හෝ කවියකුගේ ප්‍රධාන අරමුණ වන්නේ තමා තුළ පවත්නා සුවිශේෂ ප්‍රතිභාව මුල් කොට යම් සංකල්පයක්, අත්දැකීමක් හෝ දැක්මක් නිර්මාණාත්මකව ප්‍රකාශ කිරීම මිස එයින් උපරිම මුදලක් උපයා ගැනීම නොවේ. එහෙත් ග්‍රන්ථකරණය, සාහිත්‍යය හා කලාව කේන්ද්‍ර කරගත් දැවැන්ත ප්‍රචාරක හා අලෙවි ව්‍යාපාර ජාලයක් ද මේ වන විට ඉස්මතු වී තිබේ. අද වන විට එය කෙතරම් බලගතු ලෙස ස්ථාපිතව පවතින්නේ ද යත්, මට එය හරිහැටි පසක් වූයේ ඉකුත් 27 වැනි ඉරිදා …

ලෝක රැකියා වෙළෙඳපළේ වැඩි වාසිය කතුන්ටද?

උදෑසන බස් නැවතුම්පලක, දුම්රිය නැවතුම්පලක ආදී ස්ථානවලදී අද දැකිය හැකි කැපී පෙනෙන සුවිශේෂී වෙනසක් තිබේ. ඒ, එවැනි ස්ථානවල බස්රිය හෝ දුම්රිය පැමිණෙන තුරු බලා සිටින කාන්තාවන්ගේ සංඛ්‍යාව පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබෙන ආකාරයයි. එමෙන්ම බැංකුවකට, රෝහලකට හෝ ඇඟලුම් කර්මාන්තශාලාවකට ගිය පසු එහි සිටින කාර්ය මණ්ඩලයෙන් වැඩි ප්‍රතිශතයක් බැලූ බැල්මටම සිටින්නේ කාන්තාවන්ය. එවිට නිතැනින්ම කෙනෙකුට සිතෙන්නේ දැන් පිරිමින් රැකියාවන්හි නිරත වීම අඩු වී කාන්තාවන් එතැනට බහුලව පිවිස ඇති බවකි. මෙය ශ්‍රී ලංකාවට පමණක් අදාළ දෙයක්ද? එසේත් නැත්නම් ගෝලීය වශයෙන් තත්ත්වය මෙයද? මේ පිළිබඳව ගැඹුරින් …

Loading...

urumayaka asiriya

රජුන් පිදූ පූජනීය උරුමයට රත්තරන් කිලෝවලින් මිල නියම කළ හැකිද? වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින කරඬුවක් යනු රන්, රිදී, මැණික් හෝ ශිල්පීය අලංකාරයෙන් පමණක් තක්සේරු කළ හැකි වස්තුවක් නොවේ. එය ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඉතිහාසය, බෞද්ධ ආගමික සම්ප්‍රදාය, කන්ද උඩරට රාජධානියේ උරුමය සහ ජනතා භක්තිය එකට බැඳ තබන සංස්කෘතික සාක්ෂියකි. ශ්‍රී ලාංකේය සංස්කෘතික දේහයේ ආත්මය මෙන්ම අභිමානය වන්නේ අනුත්තර වූ ශ්‍රී …

වසර 70කට පෙර අපටත් දුම්රිය එන්ජිමක් තැනිය හැකි බව ලොවට කියා පරණ යකඩවලට ගිය ‘ජයන්ති’

ශ්‍රී ලංකාවේ දුම්රිය එන්ජින් නිෂ්පාදනය කිරීම සම්බන්ධ මූලික සැලසුමක්වත් මෙතෙක් ඉදිරිපත් වී නැත. එහෙත් මීට වසර හැත්තෑවකට ඉහත අපට එම වාර්තාව තැබීමට හැකි වූ බව අදත් බොහෝ දෙනෙක් නොදනිති. ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ මුල්ම දේශීය නිෂ්පාදනය ලෙස සුවිශේෂී ස්ථානය හිමි කරගත් එන්ජිම වූයේ Class M3 අංක 589 ‘ජයන්ති’ ය. 1956 …

අවසන් ගෞරව පවා නොමැති චාම් සරල මුස්ලිම් අවමඟුල

පසුගිය දිනයෙක මගේ සිංහල මිතුරියක මට විහිළුවක ස්වරූපයෙන් අපූරු කතාවක් කීවා ය. එනම් මෑතකදී සිදු කරන ලද තම නැන්දණියගේ අවමඟුලෙන් පසුව තමන්ට ඉස්ලාම් ආගම වැළඳ ගැනීමට පවා සිත් වූ වග ය. ඊට හේතු වශයෙන් ඇය පවසා සිටියේ එම අවමඟුල සඳහා දැරීමට සිදු වූ මූලික වියදම්වලට අමතරව ඒ සඳහා එක් වූ …

Loading...

ethera-methra

වන සතුන් ගම් වැදීම; වරද අපේ ද? ඔවුන්ගේ ද?

අතීතයේ වන සතුන් දැක බලා ගැනීමට වන පෙතකටම යා යුතු වුව ද අද මොනරුන්, රිලවුන්, වඳුරන් සහ මුවන් වැනි සතුන් නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල මෙන්ම ගම්මාන ආශ්‍රිතව ද දැකිය හැකි ය. ඇතැම් විට ඔවුහු නිවෙස්වල ගෙවතුවලට පැමිණෙති. වගාවන් විනාශ කරති. කසළ බඳුන් අවුස්සති. නිවෙස්වලට ඇතුළු වී ආහාර පැහැර ගනිති. එවිට වන සතුන්ගේ පැමිණීම සුන්දර දසුනක් නොව ජනතාවට හිසරදයක් බවට පත්වේ. එහෙත් මේ සතුන් ගම් වදින්නේ ඇයි? …

දේව මහිමය උදෙසා අන්තර්ජාලය යොදාගත් ශුද්ධවර කා(ර්)ලෝ අකුටිස් මුනිතුමා

පරිගණකය, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජීවිතයේ අත්‍යවශ්‍ය අංග බවට පත්ව ඇති වර්තමාන ලෝකයේ, ඩිජිටල් තාක්ෂණය උතුම් ආධ්‍යාත්මික අරමුණක් වෙනුවෙන් කැප කළ තරුණයකුගේ ජීවිතය විශේෂ අවධානයට ලක්ව තිබේ. ඒ, වයස අවුරුදු 15ක් සම්පූර්ණ වූ කෙටි ජීවිත කාලයකින් පසු මෙලොවින් සමුගත්, එහෙත් ලොව පුරා කතෝලික බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ශුද්ධවර කා(ර්)ලෝ අකුටිස් මුනිතුමා ය. ‘ඩිජිටල් යුගයේ සාන්තුවරයා’ (Saint of the Digital Age) ලෙස ප්‍රකට එතුමා, අන්තර්ජාලය සහ පරිගණක තාක්ෂණය …

AI හවුල් කර ගෙන ත්‍රිත්ව ඝාතනයක් සිදු කළ ඉන්දීය යුවල අත් අඩංගුවට

ඉන්දියාවේ බෙන්ගලූරු නගරයේ කේ. ආර්. පුරම් ප්‍රදේශයෙන් 2026 ජුනි මාසයේදී වාර්තා වූ ත්‍රිත්ව ඝාතනය, නූතන තාක්ෂණයේ අඳුරු පැතිකඩ පිළිබඳ බරපතළ සංවාදයක් ඇති කළ සිදුවීමකි. එහි විශේෂත්වය වූයේ අපරාධයක් සැලසුම් කිරීම සඳහා කෘත්‍රිම බුද්ධි පද්ධතියක් දීර්ඝ කාලයක් තිස්සේ භාවිත කළ බවට පොලිසිය අනාවරණය කිරීමයි. කෙනත් නමැති 25 හැවිරිදි තරුණයා සහ ඔහුගේ සහකාරිය වන ශ්වේතා සෝමසුන්දර් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී, ශ්වේතාගේ මව, පියා සහ බාල සොහොයුරිය ඝාතනය කිරීමේ සැලසුමට Google …

චීවර අර්බුදය: ජනපති හදිසියේ නා හිමිවරුන් හමුවීමේ යටි අරමුණ – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

ජනාධිපති සමාව ශුන්‍ය යැයි තීන්දු වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව, ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන් අදාළ නෛතික කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට දුන් නියෝගය මත බන්ධනාගාරයට භාර දී එම සිද්ධිය හමාර කරන්නට බලධාරීන්ට හැකියාව තිබුණි. නමුත් ඒ පිටුපස තවත් ව්‍යාපෘතියක් තිබූ බව දැන් පැහැදිලිය. එහි ඊළඟ කොටස වී තිබුණේ උන්වහන්සේගේ චීවරය ඉවත් කර මහජන දැක්මකට ඉදිරිපත් කර “ඔන්න ඥානසාරගේ කෙරුම් අපි ඉවර කළා” යන පණිවුඩය ජනගත කර, සරලව කිවහොත් “කබ්බන් …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinividasayanaya

මේ කාලයේ තරුණ දූ පුතුන් හෘදයාබාධ වලට ලක් වීමේ වැඩි අවදානමක් තිබේ ද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

පසුගිය දිනයක අසන්නට ලැබුණු අතිශය සංවේගාත්මක පුවතක් හේතුවෙන් තරුණ දූ පුතුන් සිටින මාපියන් තුළ විශේෂ බියක් හා කුකුසක් හටගෙන තිබේ. ඒ, මේ වන විට තරුණ පිරිස් අතර ද හෘද රෝග හා ඒ ආශ්‍රිත හදිසි මරණ ඇතිවීමේ වැඩි නැඹුරුවක් තිබේද යන්න පිළිබඳව ය. හෘද රෝග සායනවලදී ද මෙය මාපියන් විසින් නිතර අසන ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. එහෙත් එවැනි ප්‍රශ්නයකට නිසි පිළිතුරක් දීම සායනික අත්දැකීම් කිහිපයක් මත පමණක් කළ නොහැකිය. මන්ද යත් රෝහලකට හෝ සායනයකට පැමිණෙන රෝගීන් …

wall-logo

අතීත මිහිරියාවෙන් සොඳුරු කවි සිත්තම් මවන ජසින්තා

ඓතිහාසික කන්ද උඩරට මහනුවර අස්ගිරිය නිජබිම කොටගත් ජසින්තා ඩයස් සමරනායක, සොයුරු සොයුරියන් දසදෙනෙකුගෙන් යුත් පවුලේ මද්දුමියයි. ඇගේ පියා දුම්රිය රියදුරකු වූ අතර මව ගෘහණියකි. මවත් පියාත් මහනුවර වැසියන් වුවත් “යකඩ …

/ wall එක

sathuntath-himi-ape-lokaya

ආහාර සහ ජලය සොයා එන සතුන් දඩයම ජන මනසට අනුව “සහගහන අපරාධයකි” – කදුරුපොකුණේ සුමංගල හිමි

මෑතකදී රිටිගල කළුඑළිය ප්‍රදේශයෙන් වාර්තා වූ සිදුවීමකට අනුව ජලය සොයා ගමන් කළ බවට සැලකෙන ගල් ඉබ්බන් පහළොස් දෙනකු නිවසක් ආසන්නයේ පිහිටි පාළු ළිඳකට වැටී සිටිනු එම නිවැසියන් දැක තිබේ. ඒ පිළිබඳව ඔවුන් රිටිගල වනජීවී කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව එහි පැමිණි වනජීවී නිලධාරීන් එම සතුන් නිරුපද්‍රිතව ගොඩගෙන ඇත. පසුව ඔවුන් ජලය පවතින රිටිගල දෙමටවැව ප්‍රදේශයට මුදාහැරීමට …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

මන්නාරමේ වැලිපර අට සංචාරක වැඩසටහන අටුව කඩා පුටුව හැදීමක් ද?

මන්නාරම යනු ශ්‍රී ලංකාවේ භූගෝලීය, පාරිසරික හා ඛනිජමය වශයෙන් සුවිශේෂී ප්‍රදේශයකි. මුහුදත් ගොඩබිමත් අතර පිහිටි එහි වැලිපර, වෙරළබඩ පරිසර පද්ධති, ලවණ තෙත්බිම්, මුහුදු ජීවීන් සහ …

/ හරිත දනව්ව

එල් නිනෝවෙන් වියළි වනයේ සිට නගරයේ ගොඩනැගිල්ල තෙක් ගිනි අවදානමක!

2026 සැප්තැම්බර් වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින දැඩි වියළි කාලගුණය තවත් එක් ස්වභාවික කාලගුණික සිදුවීමක් ලෙස පමණක් සැලකිය හැකි තත්ත්වයක් නොවේ. එය ජල …

/ හරිත දනව්ව

Loading...

rasagagula

ඔස්කාර් උළෙලේ දී රිවර්ස්ටන් සමග තරග කරන විශිෂ්ට චිත්‍රපට

මෙවර ඔස්කාර්  උළෙලට අපේ චිත්‍රපටයකුත් ඉදිරිපත් වෙන නිසා සම්මාන උළෙල ගැන ශ්‍රී ලාංකීය සිනමාලෝලීන්ගේ වැඩි අවධානයක් යොමු වේවි. ලබන වසරේ මාර්තු 14 වැනි දින ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වෙන 99 …

/ රසගඟුල

“තමන් ලියපු පොත් වැඩිම කොටසක් කැලණි ගඟේ යන කොටත් හිනා වුණු කෙනෙක් තමයි අපේ තාත්තා” – මාරක කතා චක්‍රවර්ති ඩීමන් ආනන්දගේ එකම දියණිය වරුණි ෂර්මිලා ආනන්ද

1960–1980 කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ පාඨක සංඛ්‍යාව පුළුල් පරාසයක් තෙක් විහිදුවාලූ, ‘මාරක කතා චක්‍රවර්ති’ යන පොදුජන අභිධානයෙන් පිදුම් ලද ඩීමන් ආනන්ද නාමයට මෑතක සිට නව සමාජමය අගයක් එක්වනු පෙනෙයි. මෙම …

/ රසගඟුල

Loading...

ඩීමන් ආනන්ද ප්‍රතිරූපය පණ පිටින් මිහිදන් කළ මිනිසකු මිස මළ සිරුරක් නොවේ; මේ සාහිත්‍ය මාසයේ ඩීමන් ආනන්ද යළි කියවමු

මේ සැප්තැම්බර් සාහිත්‍ය මාසයයි. විවිධ විෂයන් මුල් කොට නිකුත් වන පොතපත සහ ඒවායේ ලේඛකයන් අගැයුමට ලක් වන මේ මාසයේ, පොතපත සම්බන්ධ පාරිභෝගිකත්වය සේම අලෙවි තරගය ද අසීමාන්තික ලෙස ඉහළ නැංවෙන බව නොරහසකි. ඒ අතරේ දශක දෙකක කාලයක් තුළ සිංහල සාහිත්‍යයට ප්‍රබන්ධ කතා දහසකටත් වඩා එක් කළ සුවිශේෂ ලේඛකයකු මේ වන …

/ පහන් ටැඹ

දැනුමින් හා සහයෝගීතාවයෙන් වෛද්‍ය විද්‍යාවේ නව මං සොයා යන ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 59 වන සංවත්සර අධ්‍යයන සම්මන්ත්‍රණය

“පුද්ගල කේන්ද්‍රීය සත්කාරය තුළින් සෞඛ්‍ය විශිෂ්ටත්වය ළඟා කර ගැනීම” යන තේමාව පෙරදැරි කරගනිමින් ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ (Ceylon College of Physicians) 59 වන සංවත්සර අධ්‍යයන සම්මන්ත්‍රණය 2026 සැප්තැම්බර් 16 සිට 19 දක්වා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වීමට නියමිතය. ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති මහාචාර්ය නාමල් විජේසිංහ මහතා …

/ පහන් ටැඹ

Loading...

iraadurupata

පිරිමි දරුවන් ලිංගික අපයෝජනයට ගොදුරු වීම; දරුවාගේ අයිතිවාසිකම්, වැඩිහිටියාගේ වගකීම  පිළිබඳව ගැඹුරින් සිතා බලමු

මොණරාගල ප්‍රදේශයේ දාහතර හැවිරිදි පාසල් සිසුවකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් හතළිස් නව හැවිරිදි ගුරුවරියක වරදකාරිය වී සිරදඬුවම් නියම වූ බවට පළ වූ මාධ්‍ය වාර්තාවක් සමාජයේ විශේෂ අවධානයට ලක්ව තිබේ. එම වාර්තාවට අනුව, චෝදනා තුනකට වසර අට බැගින් සිරදඬුවම් නියම කර, ඒවා එකවර ගෙවී යන ලෙස නියෝග කර ඇති අතර, රුපියල් …

බොරුව පුරුද්දක්ද? මානසික සෞඛ්‍යයේ සංඥාවක්ද? – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

කිසියම් රටක සමාජ, ආර්ථික හෝ දේශපාලනික බිඳ වැටීමට සාපේක්ෂව බොරුව ඉහළ නැංවෙන බව පොදු පිළිගැනීමකි. මේ තත්ත්වය අදට හෝ අප රටට ගැළපීමක් මෙහිදී සිදු කිරීම අපගේ අරමුණ නොවේ. කෙසේ වෙතත්, මිනිසාගේ සමාජ ජීවිතය ආරම්භ වූ දා සිටම විවිධ හේතු සාධක මත සත්‍යය සඟවා ගැනීම, කරුණු වෙනස් කර පැවසීම, තමන්ට වාසිදායක …

/ ඉරා අදුරුපට

Loading...

error: Content is protected !!