දන්සැල් සංවිධානය කරන පිරිසට විශේෂ දැනුම්දීමක්

එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත දන්සල් මේ වන විට ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ.පී. බොරලැස්ස සඳහන් කළේ දන්සැල් පැවැත්වීමට සැලසුම් කරන පාර්ශවයන් මේ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර එම දන්සල ලියාපදිංචි කරන ලෙසයි.

එහිදී දන්සැල පවත්වන ස්ථානය සහ කුමන ආකාරයේ දන්සැලක් ද යන්න අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙසද ඔහු මෙහිදී අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් ද සිදු කර තිබේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ ලියාපදිංචි කිරීමෙන් අනතුරුව සියලුම දන්සැල් සංවිධායකවරුන් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සෞඛ්‍යාරක්ෂිතව දන්සලක් පවත්වාගෙන යෑම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

කාලීන පුවත්