රොෂාන් රණසිංහ ගේ ජීවිතය අනතුරේ

කවුරුන් “හොරු සමග හෙලුවෙන්” හිටියත් රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීම අගමැතිවරයාගේ කතානායකවරයාගේ ප්‍රබල වගකීමක් බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.විධායකයයෙන් මහජන නියෝජිතයකුට මරණ තර්ජන එල්ල වුණු අවස්ථාවක් මෙරට පාර්ලිමේන්තුවෙන් මෙන්ම ලෝක පාර්ලිමේන්තුවෙන් ද මෙතෙක් වාර්තා වී නොතිබූ බව පැවසූ මන්ත්‍රීවරයා රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාගේ ජීවිතය අද දැඩි අවදානමක පවතින බවද ප්‍රකාශ කළේය.ඔහු මෙසේ පැවසුවේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී ය.

 

\

 

කාලීන පුවත්