ලබන අඟහරුවාදා(09) “ජන සුනාමියක් හෙවත් විශාල සෙනඟක් කොළඹට පැමිණෙන තත්ත්වයක් මේ වන විට නැති බව ද බුද්ධි අංශ විසින් සහතික කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.ලබන 09 වන දා කොළඹට ජනතා සුනාමියක් එන බවත් මේ හේතුවෙන් තමන් ගත යුතු ක්‍රියාමාර්ග කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මහජන ආරක්ෂක අමාත්‍ය වරයාගෙන් ප්‍රශ්න කර ඇති අතර විරෝධතා කරුවන්ට පහර දෙන්න ද නැතිනම් හැංගෙන්නදැයි දැයි පැහැදිලි පිළිතුරක් ලබා දෙන ලෙස ද ඔවුන් ඉල්ලා තිබේ.ඊට ප්‍රතිචාර දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පෙන්වා දී ඇත්තේ කලබල වීමට දෙයක් නැති බවත් මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සමග සාකච්ඡා කර පියවර ගෙන ඇති බවත් ය.