ශ්‍රීලනිපයේ බහුතරය ඉල්ලීමක් කළහොත් ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීමට තමන් සූදානම් බව ශ්‍රීලනිප හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.තමා ශ්‍රීලනිප මහලේකම් ධුරයෙන් ඉවත් කළ ද පක්ෂයේ බොහෝ පිරිසක් එය අනුමත කර නොමැති බව ද ඒ මහතා සඳහන් කළේය.ඒ අනුව ශ්‍රීලනිපයේ බහුතර කැමැත්ත තමන් සතු බවත් ඔවුන් ඉල්ලීමක් කළහොත් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් මන්ත්‍රීවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.