අද තැන් කිහිපයකට වැසි සහ සුළං

අද (18) ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වල ස්ථාන කිහිපයකට ද වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.එමෙන්ම, දිවයින පුරා සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමාන්‍ය කාලගුණයක් පවතින බවත් එම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටින්නේ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් (40-45) පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි.

කාලීන පුවත්