අද මැදියම් රැයේ සිට ඉන්ධන මිලේ අඩුවක්

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනයක් සිදු කිරීමට නියමිත අතර මිල කමිටුවේ නිර්දේශ සඳහා අමාත්‍යංශයේ අනුමැතිය හිමි වූ පසුව නව මිල ගණන් තීරණය කිරීමට නියමිත ය.මේ වන විට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම හේතුවෙන් ඉන්ධන මිල අඩු වනු ඇති බවට මත පළ වී තිබේ.කෙසේ වෙතත් මිල ගණන් සළකා බැලීමේ දී මිල කමිටුව රුපියලේ අගය ඉහළ යෑම සැළකිල්ලට ගන්නා නමුත් එය එකම නිර්ණායකය නොවන බවත් වෙළඳපොළේ සැබෑ ඉන්ධන මිල කෙරෙහි බලපාන සියලු සාධක මත මිල තීරණය කරන බවත් බල ශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්