අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ධුරයට තිලකා ජයසුන්දර

මේ වන විට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තනතුර හොබවන ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරිනියක වන ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත්කර තිබේ.එම පත්වීම අප්‍රේල් 01දා සිට බලපැවැත්වෙන අතර ඊට අදාල ලිපිය ජනාධිපති ලේකම්වරයා විසින් ඇය වෙත පිරිනමා ඇත.තිලකා ජයසුන්දර මහත්මිය 2021 වසරේ රජයේ කාර්ය සාධන කළමනාකරණය සහ මිනුම්කරණය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය විශිෂ්ටතා සම්මානලාභිනියකි.

කාලීන පුවත්