උමාඔය යෝජනා ක්‍රමය විවෘතයට ඉරාන ජනපති හෙට මෙරටට

උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නිල වශයෙන් ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි මහතා හෙට (24) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ඉරාන ජනාධිපතිවරයා පාකිස්ථානයේ සංචාරයකින් අනතුරුව සිය ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරන අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුව ඒ මහතා මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය පවසයි.උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා එක්දින නිල සංචාරයක් වෙනුවෙන් ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණෙන අතර එම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වීමට නියමිතය.

කාලීන පුවත්