එජාප සජබ නව සන්ධානයක්?

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේගය එක් කර ප්‍රබල සන්ධානයක් ලෙස නැඟී සිටීමට ඇති හැකියාව පිළිබඳව සමගි ජනබලවේග මන්ත්‍රී කණ්ඩායමක් සොයා බලමින් සිටිති.එමඟින් ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාත් මහමැතිවරණයේදී අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමටත් මෙම පිරිස බලාපොරොත්තු වෙති. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තරික අර්බුද වලට මුහුණ දී ඇති පසුබිමක එම පක්ෂ වල මන්ත්‍රී වරුන් යම් ප්‍රමාණයක් මෙම නව සන්ධානයට එක් කර ගත හැකි වෙතැයි සමගි ජනබලවේග මන්ත්‍රී කණ්ඩායම අපේක්ෂා කරති.කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පක්ෂ නායකමට්ටමේ සාකච්ඡා තවමත් ඇරඹී නැත.

කාලීන පුවත්