කොළඹ ප්‍රදේශ කිහිපයකට අද(21) පැය 10ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට  අද(21) ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව, කොළඹ 12 සිට 15 දක්වා ප්‍රදේශවලට පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව, ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.

අද (21) රාත්‍රි 10.00 සිට හෙට උදෑසන 8.00 දක්වා අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති.

කොළඹ 1 සහ කොළඹ 11 ප්‍රදේශවලට එම කාලසීමාවේ අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට නියමිතයි.

කාලීන පුවත්