චීනයේ COVID-19 පැතිරීම උත්සන්න වීම සමග ගෝලීය කොරෝනා අවදානමක්

COVID-19 පැතිරීම හේතුවෙන් චීන රෝහල් සහ අවමංගල්‍ය ස්ථාන දැඩි පීඩනයකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනය සඟවන නිසා පැතිරීමේ පරිමාණය සහ නිල දත්ත පිළිබඳ සැකයක්ද මතුව ඇති අතර සමහර රටවල් නව සංචාරක නීති චීනයට පැනවීමට මෙම හේතුව පොළඹවා ඇත.

චීනයෙන් පැමිණෙන සංචාරකයින් සඳහා COVID පරීක්ෂණ අවශ්‍ය බව එක්සත් ජනපදය ඉන්දියාව, ඉතාලිය, ජපානය සහ තායිවානය පවසා තිබේ.

චීනය අඟහරුවාදා නිල වශයෙන් නව COVID ආශ්‍රිත මරණ තුනක් පමණක් වාර්තා කළ නමුත් – අවමංගල්‍යාගාර වාර්තා කරන දේට නොගැලපෙන සංඛ්‍යා පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
චීනය ප්‍රකාශ කර ඇත්තේ තමන් නියුමෝනියාව සහ ශ්වසන අපහසුතා හේතුවෙන් සිදුවන COVID රෝගීන්ගේ මරණ පමණක් COVID ආශ්‍රිත ලෙස ගණන් ගන්නා බවයි.

 

කාලීන පුවත්