ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාවට පක්ෂ වෙන්න මන්ත්‍රීහු මැළි වෙති

ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාවට පක්ෂ වෙන්න මන්ත්‍රීහු මැළි වෙති රජය මඟින් විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව නිරන්තරයෙන් හඬ නැඟූ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සදහා යෝජනාවක් 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති මුත් විපක්ෂය දැනටමත් ඊට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට තීරණය කොට ඇත. පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක්ද එම යෝජනාවට ඡන්දය ‌නොදෙනු ඇති බව දැනගන්නට තිබේ.එමෙන්ම රත්නායක මහතා තනතුරින් පහකිරීම ජනතා අභිලාෂයන්ට පටහැනි බව විවිධ පාර්ශවයන් විසින් මේ වන විට මන්ත්‍රී වරුන්ට දැනුම් දෙමින් හිඳින බව ද වාර්තා වෙයි. මේ අතර ජනක රත්නායක මහතා හෙට( 18) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ඇති අතර ඒ සඳහා දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසකට ආරාධනා කොට ඇති බව දැනගන්නට තිබේ. මෙම හමුවේදී ජනක රත්නායක මහතා විසින් ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් රැසක් සිදු කරනු ඇති බව ද දැනගන්නට තිබේ.රජය මඟින් අයථා ලෙස විදුලි බිල ඉහළ නැංවූ බවට චෝදනා කරමින් ජනක රත්නායක මහතා අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කොට තිබේ.

කාලීන පුවත්