ජනපති අද බටහිර ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ

හත් වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණි.එහිදී කොන්සල් ජනරාල් ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා සහ ප්‍රියංකා ගමගේ මහත්මිය විසින් ජනාධිපතිවරයා පිළිගන්නා ලදී.අනතුරුව ජනාධිපතිවරයා කොන්සල් ජනරාල් ඇතුළු එහි කාර්ය මණ්ඩලය සමඟ සුහද කථා බහකට එක් වූ අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැඟීමේ ක්‍රියාවලියේ දී ඔවුන්ට ලබාදිය හැකි සක්‍රිය දායකත්වය පිළිබඳව ද එහිදී පුළුල් අවධානයක් යොමු කර තිබේ.

කාලීන පුවත්