ජනපති නිවසින් මත්පැන් සොරකම් කළ අයෙක් රිමාන්ඩ්

මත්පැන් අරගලය පැවති අවස්ථාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ඇතුළු වී විදේශ මත්පැන් බෝතල් සොරකම් කළ බව කියන පුද්ගලයකු හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් ලබන 07 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (30) නියෝග කොට ඇත.ජනාධිපති වරයාගේ නිවසට අයථා ලෙස ඇතුළු වී සොරකම් කළ විදේශ මත්පැන් බෝතලයක් සමග ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හරින ලද ඡායාරූප සහ තොරතුරු ආශ්‍රයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කොට ඇත.මෙම සිද්ධියට අදාළව මින් පෙරදී අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවකු දෙන ලද ප්‍රකාශ මත මෙම සැකකරු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.මෙම මත්පැන් ජනාධිපති වරයාට විවිධ පුද්ගලයන් විසින් තිළිණ වශයෙන් ලබා දුන් ඒවා බව ද පැවසෙයි.

කාලීන පුවත්