ජල බිල් පත් නොගෙවන පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස වල ජල සිඳලුමකට සැරසෙයි

මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට අයත් ඇතැම් නිල නිවාස වල ද මාසික ජල බිල් පත් නිසියාකාරව නොගෙවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.නමුදු ඉදිරියේදී ඇති කරගන්නා එකඟතා අනුව, මාස දෙකකට වඩා වැඩි කාලයක් ජල බිල්පත් නොගෙවා පැහැර හරින මන්ත්‍රී නිල නිවාසවල ජල සැපයුම විසන්ධි කිරීමට ද උපදෙස් දී ඇතැයි, ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පියල් පද්මනාථ මහතා පවසයි.ඒ අතර මේ වන විටත් ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති පාර්ලිමේන්තු මන්ත්ත්‍රීවරුන්ගෙන් එම හිඟ මුදල් අය කර ගැනීම පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා, කතානායකවරයා වෙත ලිඛිතව දැනුම්දී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්