දුම්රිය ධාවනයට බාධා..දුම්රිය මඟීන්ට විශේෂ පණිවුඩයක්

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි.

ඒ “ටිකිරි මැණිකේ” දුම්රිය හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන අතර දී පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් බවයි වාර්තා වෙයි.

මේ අතර, නාවලපිටිය දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය කළ කාර්යාල දුම්රියක් ද නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ දී පීලි පැනීමට ලක් විය.මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණි බවයි නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පැවසුවේ.

කාලීන පුවත්