ප්‍රචණ්ඩත්වයෙන් දැවෙන මිනිස් සිත් සතන් හිම මෙන් සිසිල් වේවායි පතමින් ගල්ගමු ඇත් රජුන් ඉදිරියේ දුන් හිම කිරම දන්සල

පාදෙණිය හරහා වැටී ගත් කොළඹ-කුරුණෑගල-අනුරාධපුර පාරේ ගල්ගමුව පූලංචිය වැව් ඉස්මත්තේ පිහිටි ගිමන් හල පරිසර උද්‍යානයේ ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා සමාරකය ඉදිරියේ පසුගිය ජූනි දෙවන දා හිම කිරම(අයිස් ක්‍රීම්) දන්සලක් පැවැත්විණි.ගල්ගමුව ප්‍රාදේශීය සභා ලේකම් නිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි කාර්ය මණ්ඩලය සංවිධානය කළ මෙම අයිස් ක්‍රීම් දන්සල එම ස්මාරකයේ ඇති ප්‍රධානතම මූර්තීන් වන ගල්ගමුව ප්‍රදේශයේ ජීවත් වන ලදුව ඛේදනීය අකල් මරණයන්ට ලක් වූ සියඹලංගමුවේ ඇතාගේ සහ දළ පූට්ටුවාගේ”දෙනෙත් මානයේම”දීමේ එක්තරා දාර්ශනික අරුතක් ද විය.එනම් “ප්‍රචණ්ඩත්වයෙන් දැවෙන මිනිස් සිත් හිම මෙන් සිසිල් වේවා” යන්න ය.අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබ සාධන සංවිධානය මඟින් එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහයන්ගේ මූල්‍ය ප්‍රතිපාදන මඟින් ස්ථාපිත මෙම ස්මාරකය ගල්ගමුව ප්‍රාදේශීය සභාව මඟින් පාලනය වන ගිමන් හල පරිසර උද්‍යානයේ තනවන ලද්දේ ගල්ගමුව ප්‍රාදේශීය සභා හිටපු සභාපති එච්.කේ විමලරත්නයන් ගේ ඇරයුමිනි.එනිසා මෙම අවස්ථාව සඳහා ඔහු සේම මෙම සමාරකයේ නිර්මාණ කරු ජේ රත්නායක මහතා ද එක් විය.

 

උරුමයක අසිරිය