පාර්ලිමේන්තුව අද (06 ) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි.පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබේ.
පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහායි වෙන් කර තිබේ.
අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා විදේශ විනිමය පනත යටතේ අංක 2493/36 සහ අංක 2493/37 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති රෙගුලාසි දෙකක්, විදේශ විනිමය පනත යටතේ අංක 2493/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝගයක් සහ රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනා සම්මතය විවාදයට ගැනීමට නියමිතයි.
ඉන්පසු, ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.