පැය 15ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

එම මණ්ඩලය සඳහන් කළේ, කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.

අද (10) පස්වරු 5.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා පැය 15ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතියේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටු වන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කර ඇත.

කාලීන පුවත්