පොදු ජන පෙරමුණ තුළ අභ්‍යන්තර මත ගැටුමක්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ අභ්‍යන්තර මත ගැටුමක් හට ගෙන ඇතැයි වාර්තා වෙයි.පොදු ජන පෙරමුණේ එක් පිරිසක් එම පක්ෂය තුළින් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුය යන ස්ථාවරය දරන අතර තවත් පිරිසක් ඉදිරි ජනපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දිය යුතුය යන ස්ථාවරය මත කටයුතු කිරීම මෙම මත ගැටුමට හේතු වී තිබේ.මේ අතර, නාමල් රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක ධූරයට පත් කිරීමේ තීරණය ද බොහෝ දෙනකුගේ විවේචනයට ලක් ව ඇති අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බවට යෝජනා කරන පිරිසක් ද පක්ෂය තුළ ඇතැ‍යි පැවසෙයි.මේ අතර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්විය යුතු බවට, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන අතර ආණ්ඩුව තුළ වගකීම් දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අමාත්‍යවරුන් කිහිප දෙනෙක්ම මෙම ස්ථාවරය දරන බව ද වාර්තා වෙයි.

කාලීන පුවත්