පෞද්ගලික අංශයේ රෝහල් රැසක විශේෂඥ වෛද්‍යවරුන්ගේ චැනල් ගාස්තු රුපියල් හයදහසේ සීමාව ද ඉක්මවා යාම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන සාමාන්‍ය ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ මෙම ගාස්තු ඉහළ යාම හේතුවෙන් රෝගීන් දැඩි පීඩනයකට ලක්ව ඇති බවයි.
ගාස්තු ඉහළ යාමට හේතු වෘත්තිකයන් මත පනවා ඇති බදු බර, අධික සෘජු හා වක්‍ර බදු, පෞද්ගලික අංශයේ රෝහල් සේවාවලින් අය කරන බදු මෙන්ම ඉහළ ගිය විදුලි බිල, ඉන්ධන මිල ඇතුළු පාරිභෝගික භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම මෙම අන්දමට විශේෂඥ වෛද්‍ය ගාස්තු දැඩි ලෙස ඉහළ නැංවීමට හේතු වී ඇති බව වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.රජයේ රෝහල්වලින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට නොහැකිව පෞද්ගලික රෝහල් වෙත පැමිණෙන ග්‍රාමීය හා අර්ධ නාගරික ජනතාව මේ හේතුවෙන් දැඩි ලෙස අසරණ වී ඇති බව ඔහු පෙන්වා දෙයි.මීට අමතරව පෞද්ගලික අංශයේ නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ගාස්තු, ඖෂධ, ශල්‍යකර්ම හා ශල්‍ය උපකරණ ගාස්තු ද දැඩි ලෙස ඉහළ අගයක් ගැනීම, සෞඛ්‍ය රක්ෂණ ක්‍රම නොමැති සාමාන්‍ය මහජනතාවට දරාගත නොහැකි පීඩාවක් බව වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරයි.පෞද්ගලික අංශයේ වෛද්‍ය සේවා නියාමනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම වුව ද, මේ වන විට එම පාලනය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගිලිහී ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.මීට පෙර එඡන්නෙල්ලින්ග් වාර්තාවලට අනුව 2023 වසරේදී පවා විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ගාස්තුව රු. 2,500 ක්, රෝහල් ගාස්තුව රු. 1,300 ක් හා එඡන්නෙල්ලින්ග් ගාස්තුව රු. 399 ක් ලෙස මුළු ගාස්තුව රු. 4,449 ක් පමණ විය. එහෙත් වර්තමානය වන විට ඇතැම් විශේෂඥ වෛද්‍ය චැනල් ගාස්තු පමණක් රු. 6,000 සීමාව ඉක්මවා ඇති බව වාර්තා වේ.සෞඛ්‍ය රක්ෂණයක් නොමැතිව පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබන බහුතරයක් මැදි හා අඩු ආදායම්ලාභී පවුල් සඳහා මෙය මාසික වියදම් සැලකිය යුතු ලෙස ඉහළ යාමක් බවට පත්ව ඇත.