බුදු සසුන රැක ගන්න ජීවිත පූජාවකට සූදානම්

බුදු සසුන රැක ගන්න ජීවිත පූජාවකට සූදානම් මේ වන විට මෙරට බෞද්ධ සහ හින්දු පවුල් විශාල වශයෙන් අන්‍යාගමිකකරණයට ලක්වෙමින් පවතින බවත් එම උවදුරින් බුදු සමය බේරා ගැනීම සඳහා ජීවිතය පූජා කිරීමට වුව තමන් සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ (20) පැවති බෞද්ධ සමිති රැස්වීමකදී අදහස් දක්වමින් හිටපු ජනපති වරයා මෙසේ කීය.“අපේ හාමුදුරුවනේ, අද විශාල වශයෙන්ම මේ රටේ බෞද්ධ පවුල් මෙන්ම උතුරේ හින්දු පවුල් වෙනත් සංවිධානවලට, වෙනත් දර්ශනවලට ඒකරාශී කරගන්නවා. ඊයෙ පෙරේදා අපි දැක්කා මේ රටේ දේශන පවත්වපු දේශකයෙක් කතෝලික පූජකතුමන්ලා විසින් විරෝධය පළකරලා එළවලා දැම්මා. අපි අපේ ජීවිත පූජාකරන්න සූදානම් ඔබවහන්සේලා සමග මේ තිබෙන තත්වයන්ගෙන් සමාජය බේරාගැනීම සඳහා”

කාලීන පුවත්