බෝධි පූජා කරන්න පන්සල් වල විදුලි බිලට සහන දෙන්න

දහවල පුරා වෙහෙස වන ජනතාව සන්ධ්‍යා කාලයේ දී විහාරස්ථානවලට පැමිණ බෝධීන් වහන්සේ වන්දනාමාන කර මානසික ශක්තියක් ඇති කර ගන්නා බවත් මෙරට බොහෝ විහාරස්ථාන ආදායම් ලබන විහාරස්ථාන නොවන බවත් එවන් විහාරස්ථානවල විදුලි බලය මිල අධික කිරීම විශාල ගැටළුවක් බවත්අමරපුර මහා නිකායේ මහා නායක අති පූජ්‍ය දොඩම්පහල චන්දසිරි නා හිමියෝ සඳහන් කරති.එනිසා විහාරස්ථානවල විදුලි බලයෙන් බිලට සහන සැලසීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති තුමා ඇතුළු වගකිව යුතු සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ද උන්වහන්සේ පැවසූහ.නමුදු විහාරස්ථාන වල විදුලි බිල මෙතරම් ඉහළ යාමට හේතුව ඇතැම් සංඝාවාස තුළ භාවිතා වන වායු සමීකරණ යන්ත්‍ර,ශීතකරණ සහ නාන කාමර වලට උණු පැන් ලබා ගැනීමේ පහසුකම් ආදිය නිසා මිස දාගැබ් ,බෝ,සහ විහාර මළු වල පැය කිහිපයක් විදුලි පහනක් දෙකක් දල්වා තැබීම නිසා නොවන බව මේ වන විට විවිධ පාර්ශවයන් විසින් පෙන්වා දී තිබේ.එමෙන්ම මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සාගර කාරියවසම් මහ මහතා කියා සිටියේ විදුලි පහන් එළිය වෙනුවට පොල් තෙල් භාවිතය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවකි.

කාලීන පුවත්