යල කන්නයට යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් මෙරටට

මෙවර යල කන්නයේ වී වගාව සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ලංකා පොහොර සමාගම මඟින් 60%ක් සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මඟින් 40%ක් වශයෙන් එකී පොහොර ප්‍රමාණය ආනයනය කිරීමට අනුමැතිය හිමි ව ඇත.රජයේ පොහොර සමාගම් දෙක හා පෞද්ගලික අංශය සතුව පවතින යූරියා පොහොර සංචිත සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල ඉතිරිව පවතින තොග සැලකිල්ලට ගැනීමේදී යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක පමණ ප්‍රමාණයක් තවදුරටත් ආනයනය කළ යුතු බවට නිර්දේශ වී ඇත.

කාලීන පුවත්