යාපනයේ දරුවන් ජංගම දුරකථන හා ඉරිදා ටියුෂන් වලින් ඉවත් කිරීමේ මෙහෙයුමක්

යාපනයේ දරුවන් ජංගම දුරකතනවලට ඇබ්බැහිවීම කෙසේ හෝ නවතා ඔවුන්ව කලා කටයුතු වලට යොමු කරවීමේ අවශ්‍යතාවයක් පවතින බව යාපනය දිසාපති අම්බලවානර් සිවපාලසුන්දරම් මහතා පැවසීය. ඒ යාපනයේ හින්දු විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.යාපනයේ සිදු වන විවිධ අපචාර ක්‍රියාවලට පාසල් සිසුන් හා පෞද්ගලික පන්තිවල සිසුන් දායක වන බවත් ඊට බලපාන ලද ප්‍රධාන සාධකය ජංගම දුරකතනය බවත් කී යාපනය දිසාපති වරයා මේ වසංගතයෙන් සිසුන් බේරා ගැනීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු නිලධාරීන් හා පරිපාලන සේවයේ සියලු නිලධාරීන් අත්වැල් බැඳගත යුතුව ඇතැයි ද කියා සිටියේය.ඒ අනුව එහි පලමු පියවරක් වශයෙන් යාපනය පුරාම ඉරිදා දිනයට පෞද්ගලික පන්ති පැවැත්වීම නවතා දමන බවත් මේ සඳහා ළඟදීම යාපනයේ පෞද්ගලික අංශයේ ගුරුවරුන් සමග සාකච්ඡාවක් පවත්වන බවත් දිසාපතිවරයා සඳහන් කළේය.ඉන් අනතුරුව එම නියෝගය කඩ කරන පෞද්ගලික ගුරුවරුන්ට දඬුවම් ලබා දෙන ක්‍රමවේදයක් සකස් කරණ බවද දිසාපතිවරයා ප්‍රකාශ කළේය.

කාලීන පුවත්