රජයේ මුද්‍රණාල මුද්‍රණ සේවා ව්‍යවස්ථාව යාවත්කාලීන කෙරෙයි

රජයේ මුද්‍රණාලයට අදාල මුද්‍රණ සේවා ව්‍යවස්ථාව විටින් විට යාවත් කාලීන වීම් සිදු කර ඇතත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ දිී ගැටළු රැසකට මුහුණදීමට සිදුවී ඇති බැවින් එය කාලානුරූපී ලෙස සංශෝධනයට පියවර ගන්නා බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළාය. මෙම සංශෝධන දැනට සමාලෝචන කමිටුවකට ඉදිරිපත් කර ඇතැයි ද ඇය කීවාය.මීට අමතරව දෙමළ භාෂාවෙන් කටයුතු කළ හැකි සේවක හිගයක් ද පවතින බැවින් ඒ සඳහා නව සේවකයන් බඳවා ගැනීමට මේ මාසය තුළදීම සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද ගංගානි ලියනගේ මහත්මිය පැවසුවාය.

කාලීන පුවත්