ලිංගික ශ්‍රමය අලෙවි කිරීම සමාජමය “බයිට් එකක්” කර ගනිමුද?

බොරලැස්ගමුව ප්‍රදේශයේ අනවසර සම්බාහන මධ්‍යස්ථානයකට සේවා ලබා ගැනීම සඳහා පැමිණි පනස් හැවිරිදි දෙදරු පියකු හදිසියේ ඇති වූ කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් සම්බාහන මධ්‍යස්ථානය තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇති පුවතක් වාර්තා වෙයි.එහෙත්, ඇතැම් මාධ්‍ය එම පුවත වාර්තා කොට තිබුණේ මූලික ආචාර ධර්ම වලට පවා පටහැනිව බව එම පුවත කියවන විට වැටහේ.මරණයට පත් පුද්ගලයා යම්කිසි ලිංගික උත්තේජන ඖෂධ වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව මෙම ස්ථානයට පැමිණ ඇති බවට සැක පළ කරන බවත් එම ඖෂධ හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්වයක් මත ඔහු මියයන්නට ඇතැයි සැක කරන බවත් පොලිසිය පවසන බව එහි සඳහන් ය.නමුදු ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා ස්ථානීය පරීක්‍ෂණයක් සිදු කිරීමට පැමිණි නුගේගොඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත මෘත දේහය දකුණු කොළඹ ශික්ෂණ රෝහලට යවා අධිකරණ වෛද්‍ය නිලධාරි වාර්තාවක් කැඳවීමට නියමිත බවත් එම ප්‍රවෘත්තියේම සඳහන් වේ. එම මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමු කළ බවක් පොලිසිය සඳහන් කරන බවත් සඳහන් එම පුවතේ දැක්වෙන අතරේම මරණයට පත් පුද්ගලයා යම්කිසි ලිංගික උත්තේජන ඖෂධ වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව මෙම ස්ථානයට පැමිණ ඇති බවට සැක පළ කරන බවත් එම ඖෂධ හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්වයක් මත ඔහු මියයන්නට ඇතැයි පොලිසිය සැක කරන බවක් ද සඳහන් කොට තිබීම ද වෙනම ඛේදවාචකයකි.ඊට හේතුව එවැන්නක් පිළිබඳ විද්‍යාත්මක නිගමනයකට පැමිණිය හැක්කේ යමකු මිය ගොස් නිශ්චිත වේලාවක් තුළ ලබා ගන්නා මළ සිරුරින් ලබා ගත් රුධිර සාම්පල රසායනාගාර පරීක්ෂාවන්ට ලක් කිරීමෙන් අනතුරුව පමණක් වීම නිසා ය.

ලිංගික සේවා සපයන්නියන්/සපයන්නන් හැඳින්වීම උදෙසා තවමත් මාධ්‍ය තුළ නිතරම පාහේ භාවිතා වන යෙදුම වන්නේ “ගණිකාව” යන්න ය.පුරුෂ පාර්ශවය හැන්ඳින්වීමේ දී “පිරිමි ගණිකාව” යන්න ය. මෙම යෙදුමෙහි පවතින ගැටළුව වන්නේ, “ගණිකාව” යන යෙදුම සමඟින්, එම වෘත්තිය පිළිබඳව පවතින සමාජමය අවතක්සේරුව එළි දැක්වීම ය.කාන්තාවක හෝ පිරිමියකු මුදල් තකා කිසියම් ලිංගික සේවාවක් සැපයීම මානව සංහතියේ ආරම්භය තෙක් දිව යන සංසිද්ධියකි.

ඒ අනුව එම ප්‍රකාශය කළ පොලිස් නිලධාරියා කවරකු වුව ඔහු ඒ සම්බන්ධයෙන් දැක්වූ ම මතය විද්‍යාත්මකව තහවුරු නොවූ ඔහුගේම හිතලුවක් බව පැහැදිලි ය.එබැවින් නූතනයේ ජනප්‍රිය සංස්කෘතිකාංගයක් බවට පත් ව ඇති “කියවන විට ලිවීමේ” අවිචාරවත් මාධ්‍ය කලාව මඟින් ජීවත් වන්නවුන්ට සේම මළවුන්ට සිදුවන අපහාස ද සුළු කොට තැකිය නොහැක.මෙම මියගිය පුද්ගලයා දෙදරු පියකු වීම එම පදනම් විරහිත නිගරුව අනාගතය වෙත ද ගෙන යාමට සමත් කරවන්නකි. මේ අතර මීගමුව, කටුනායක, සීදුව ප්‍රදේශවල සම්බාහන ආයතන සහ ගණිකා නිවාසවල තරුණියන්ගේ පහස ලබාගත් පුද්ගලයන් වහාම එච්. අයි. වී හෙවත් ඒඩ්ස් පරීක්ෂාවක් කර ගන්නා ලෙස පොලීසිය දැනුම් දුන් බව ද පසුගිය දිනයෙක මාධ්‍ය වාර්තා කොට තිබිණ.මීගමුව කොට්ඨාසයේ සම්බාහන සහ ගණිකා නිවාස වටලා සිදු කළ පරීක්ෂාවකදී ඒඩ්ස් රෝගය වැළඳුණු කාන්තාවන් දෙදෙනකු සොයා ගැනීම නිසා පොලීසිය මෙම අනතුරු ඇඟවීම කරන බව එම පුවතෙහි සඳහන් ය.ඒඩ්ස් රෝගය වැළඳී ඇති කාන්තාවන් ඇසුරු කළ පුද්ගලයන් වෙනත් කාන්තාවන් ඇසුරු කළහොත් මෙම රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතිවන බවට ද පොලීසිය අනතුරු හඟවා ඇති බවත් එහි සඳහන් වෙයි. මීගමුව කොට්ඨාශයේ කළ මෙහෙයුමකදී නීති විරෝධී සම්බාහන සහ ගණිකා මධ්‍යස්ථාන 53ක් වටලා කාන්තාවන් 137 දෙනකු අත්අඩංගුවට ගත් අතර එම ඒඩ්ස් වැළඳුණු කාන්තාවන් දෙදෙනා හමුවී ඇත්තේ එම කාන්තාවන් 137 දෙනා වෛද්‍ය පරීක්ෂාවකට ලක් කිරීමේදී ය.නමුත් ඉහත සඳහන් සිදුවීම් දෙකට අදාල ගණිකා නිවාස සහ අනවසර සම්බාහන ආයතන සම්බන්ධයෙන් ගත යුතු නීතිමය ක්‍රියා මාර්ග නොගෙන ඒවා සම්බන්ධයෙන් ජනතාවට අදහස් ප්‍රකාශ කිරීම හා අනතුරු හැඟවීම පොලීසිය සතු විශිෂ්ටතාවක් සේ අපට නම් නොහැඟේ. ලිංගික සේවා සපයන්නියන්/සපයන්නන් හැඳින්වීම උදෙසා තවමත් මාධ්‍ය තුළ නිතරම පාහේ භාවිතා වන යෙදුම වන්නේ “ගණිකාව” යන්න ය.පුරුෂ පාර්ශවය හැන්ඳින්වීමේ දී “පිරිමි ගණිකාව” යන්න ය. මෙම යෙදුමෙහි පවතින ගැටළුව වන්නේ, “ගණිකාව” යන යෙදුම සමඟින්, එම වෘත්තිය පිළිබඳව පවතින සමාජමය අවතක්සේරුව එළි දැක්වීම ය.කාන්තාවක හෝ පිරිමියකු මුදල් තකා කිසියම් ලිංගික සේවාවක් සැපයීම මානව සංහතියේ ආරම්භය තෙක් දිව යන සංසිද්ධියකි.

බයිබලයේ එන පුවතකට අනුව වරක් එක් කාන්තාවක ද කැටුව ජේසුස් වහන්සේ හමුවට එන විද්වතුන් හා පරිසිවරුන් උන් වහන්සේට මෙසේ කියති.”ගුරු දේවයිනි,මැය අනාචාරයේ යෙදෙමින් සිටිය දී අතටම හසු වූ කාන්තාවකි.මෝසස් ගේ ව්‍යවස්ථාව අනුව නම් කළ යුත්තේ මැයට ගල් ගසා මරා දැමීම ය.ඒ සම්බන්ධ ඔබ ගේ අදහස කුමක් ද” මෙහි දී ඊට ජේසුස් වහන්සේ දෙනුයේ ඉතා සරල කෙටි පිළිතුරකි.එනම්”එසේ නම් එවැනි වරදක් නොකරන්නාම පළමු ගල ගැසිය යුතු ය”යන්නය.

තවමත් අඩු ආදායම් ලාභීන් වැඩිම කොටසක් ජීවත් වන අප රටේ තමන් ගේ සහ දරුපවුලේ පැවැත්ම උදෙසා ඇති හැකි අයකු උදෙසා ලිංගික සේවාවක් සැපයීම ආදායම් මාර්ගයක් කර ගත් ගණිකාවන් නොවන අන්ත අසරණ කාන්තාවන් සැලකිය යුතු පිරිසක් හිඳින බව රහසක් නොවේ.වික්ටෝරියානු සුචරිතවාදය අප සමාජය ආක්‍රමණය කිරීමට පෙර අප රට තුළ පැවැති ලිංගිකත්වය පිළිබඳ ලිහිල් ආකල්ප ද මීට හේතු වන්නට ඇත.නමුත් වර්තමාන ගණිකා නිවාස සහ සම්භාහන ආයතන නම් වන ව්‍යුහයට අන්තර්ග්‍රහණය වනුයේ ඉන් ඉතා සුළු කොටසක් පමණි.එමෙන්ම පොලීසිය වැටලීම් කරන විට ලිංගික ශ්‍රමිකයන් ලෙස ඒවායේ ක්‍රියා කරන කාන්තාවන් පමණක් ගණිකාවන් ලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම අතිශය සුලබ සාමාන්‍ය සිදුවීමකි.ඒ අනුව මෙම විෂය පාරාසය පිළිබඳ නිවැරදි හා අර්ථ පූර්ණ සමාජමය කියැවීමක අවශ්‍යතාව දැඩිව පැන නැඟී ඇත.අද වන විට සමාජයේ තැනින් තැන අසන්නට ලැබෙන ගණිකා වෘත්තිය නීතිගත කිරිම යන්න සමහරුන් ගේ මානසික කම්පනයට පවා හේතු වී ඇත්තේ එම සමස්ත විෂය පථය පිළිබඳ පරිපූර්ණ සමාජ කියැවීමක් නොමැති බැවිනි.

බයිබලයේ එන පුවතකට අනුව වරක් එක් කාන්තාවක ද කැටුව ජේසුස් වහන්සේ හමුවට එන විද්වතුන් හා පරිසිවරුන් උන් වහන්සේට මෙසේ කියති.”ගුරු දේවයිනි,මැය අනාචාරයේ යෙදෙමින් සිටිය දී අතටම හසු වූ කාන්තාවකි.මෝසස් ගේ ව්‍යවස්ථාව අනුව නම් කළ යුත්තේ මැයට ගල් ගසා මරා දැමීම ය.ඒ සම්බන්ධ ඔබ ගේ අදහස කුමක් ද” මෙහි දී ඊට ජේසුස් වහන්සේ දෙනුයේ ඉතා සරල කෙටි පිළිතුරකි.එනම්”එසේ නම් එවැනි වරදක් නොකරන්නාම පළමු ගල ගැසිය යුතු ය”යන්නය.මානව ඉතිහාසයේ ආදීතම යුගය තෙක් දිවයන ලිංගික ශ්‍රමය අලෙවි කිරීම අධිපරිභෝජනවාදී සමාජ ආර්ථිකය තුළ වඩාත් සවි බල ගැන්වුණු පසුබිමක මෙම විෂය පථය හුදෙක් සමාජමය කට ගැස්මක්;බයිට් එකක් කර ගැනීමට වැඩි යමක් විය යුතු යැයි මා යෝජනා කරනුයේ ඒ සඳහා එවන් දාර්ශනික චින්තනයක ඇති අවශ්‍යතාව ද දැඩිව අවධාරණය කරමිනි.

මාදම්පේ රීටා ජෙනට් පෙරේරා

එතෙර - මෙතෙර