වසර හැත්තෑ පහකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හා ඕමානයට ලොකුම වැස්ස ඇද හැලෙයි

වසර හැත්තෑ පහකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හා ඕමානයට ඇද හැළෙන වැඩිම වර්ෂාපතනය මේ වන විට ලැබෙමින් පවතී.අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හා ඕමානයට දැඩි එල්ල වී ඇති බලපෑම් එල්ල වී ඇති අතර වර්ෂාව හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඕමානයට බව පැවසෙයි.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද ප්‍රධාන නගර රැසක් ජලයෙන් යටවී ඇති අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙවැනි දරුණු වර්ෂාපතනයක් ඇද හැළීම අතිශය අහඹු සිදුවීමක් බැවින් මාර්ග ජලයෙන් යට වූ අවස්ථාවේ ජලය බැස යාම සඳහා වන කානු පද්ධති ප්‍රමාණවත් පරිදි සකස් කර නොමැත.එබැවින් එරට මාර්ග පද්ධති වල ගමනාගමනය අඩාල වන ලෙසින් වැසි ජලය පිරී පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
.
.

කාලීන පුවත්