වී අලෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජේ මාන්නප්පෙරුම මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වී ඇත.වත්මන් රජය බලයට පත් වූ පසු එහි සභාපති පදවියට පත් ඒ මහතා කෘෂි ඉංජිනේරු ක්ෂේත්‍රයේ කැපී පෙනෙන විද්වතෙකි.මේ අතර දැනට රුපියල් පනහකට මිල දී ගන්නා නාඩු වී කිලෝව රුපියල් පනස් පහට ගොවීන් ගේ නිවෙස් වලටම ගොස් මිල දී ගන්නා ලෙස වී අලෙවි මණ්ඩලයට නියෝග කොට ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අළුත්ගමගේ මහතා කීය.ඉහළ කළමනාකාරිත්වයෙන් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීම ඥානාන්විත නොවන නිසා තමා තනතුරින් ඉල්ලා අස් වූ බව වී අළෙවි මණ්ඩලයේ සභාපති අචාර්ය මාන්නප්පෙරුම මහතා පවසයි

කාලීන පුවත්